දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණය වෙනුවෙන් සන්ධානය යටතේ තරග කළ ජාතික නිදහස් පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයන් හත් දෙනාගෙන් පස් දෙනකු මැතිවරණයෙන් පරාජයට පත්ව තිබේ.
ජාතික නිදහස් පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂක කණ්ඩායමෙන් ජයග්‍රහණය කර ඇත්තේ ප්‍රවීණ නළු රොජර් සෙනෙවිරත්න හා සුජිත් මුතුකුමාරණ යන මහත්වරුන් පමණකි. රොජර් සෙනෙවිරත්න
මහතා සන්ධානය යටතේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කොට මනාප 44,011ක් ලබා මනාප ලැයිස්තුවේ සිවුවැනි තැනට පත්ව තිබේ.
එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග කළ සූරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ සුජිත් මුතුකුමාරණ මහතා ඡන්ද 23,577ක් ලබා හම්බන්තොට දිස්ත්‍රික්කයේ හත්වැනි තැන රැඳී සිටිමින් පළාත් සභාවට තේරී පත්ව ඇත.
පරාජයට පත් අනෙකුත් අපේක්ෂකයන් අතරින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ සීදූව, කටාන නගර සභාවේ නගරාධිපති ලලන්ත ගුණසේකර මහතා හට මනාප 70ක් නොලැබී යෑම හේතුවෙන් මනාප 25,419ක් ලබා ලැයිස්තුවේ 24 වැනි ස්ථානයට පැමිණ ඇති නමුත් ඔහුට ප්‍රසාද ආසනයක් ලැබෙන බවට පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
කළුතර දිස්ත්‍රික්කයෙන් සන්ධානයට තරග කළ ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයන් දෙදෙනාම පරාජයට පත්වී ඇති අතර ජාතික නිදහස් පෙරමුණේ බස්නාහිර පළාත් සභා කණ්ඩායම් නායකව සිටි සුගත් මතුගමගේ මහතා මනාප 20,964ක් ලබා මනාප ලැයිස්තුවේ 17 වැනි ස්ථානය දක්වා පහළ බැස තිබේ. එමෙන්ම එම දිස්ත්‍රික්කයට තරග කළ ප්‍රියන්ත බෙල්ලන මහතාද ඡන්ද 8,511ක් ලබා ගනිමින් ලැයිස්තුවේ 23 ස්ථානය දක්වා පල්ලම් බැස ඇත. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සිටි කාලයේ හිටපු බස්නාහිර පළාත් සභා ඇමැතිවරයකුද වේ.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ ජාතික නිදහස් පෙරමුණේ ගාලු දිස්ත්‍රික් නායක ඉන්ද්‍රජිත් විජේවර්ධන මහතාටද ලබා ගැනීමට හැකිව ඇත්තේ මනාප 8,294ක් පමණි. ඒ අනුව ඔහු මනාප ලැයිස්තුවේ 24 වැනි තැන දක්වා පැමිණ ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ සිටි අවධියේදී හිටපු දකුණු පළාත් සභා ඇමැතිවරයකු වූ ජයන්ත වන්නිආරච්චි මහතා මාතර දිස්ත්‍රික්කයෙන් මනාප 7,939ක් ලබා ගනිමින් මනාප ලැයිස්තුවේ අන්තිමයා බවට පත්ව තිබේ.

.jpg)

0 comments:
Post a Comment