facebook like

මරණය වෙනකොට හුස්ම හිරවෙලා ඇස් නිලංකාර වෙලා සිහි නැතිව යනවා

දැඩි සත්කාර ඒකකයේ යන්ත්‍ර සූත්‍ර රැසක් මැද විකුම් රෝහල් ඇඳක දිගාකොට තිබුණේ ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වූ නිසාය. පැය ගණනාවක සැත්කමකින් පසු ඔහුගේ හදගැස්ම සටහන් වන යන්ත්‍රය ඔහු තවමත් ජීවතුන් අතර බවට සටහන් දැක්වීය.

"විකුම්ගෙ පණ හයියයි. එයා මං තරම් ඉක්මනින් මැරෙන්නෙ නෑ. ඔව්. මේ ලෝකේ මගේ පුතුට තාත්තාවත් ඉන්න එපැයි. එයා ජීවත් වෙච්චාවෙ. මොහොතක් මෙහෙම ඉන්නවා එයාට පේන හැටියට නම් සිහිය නෑ. දෙයියනේ කම්පනයත් එක්ක
එයාට අතීතය අමතක වෙලා යාවිද? ඇරත් එයා අන්තිම මොහොතෙත් සිතාගෙන උන්නෙ පුතා ගැනනේ."

ජීවිතයත් මරණයත් අතර සටන් වැද සිටින දැඩිසත්කාර ඒකකයේ හතර දෙනා දෙස මා උඩින් බලා සිටියේ කිසිදු හැඟීමක් නැති එකියක ගාණටය.
"මැරෙන්නේ කොහොමද කියලා තවම මේ අයට දැනීමක් නෑ. ඒක වේදනාවක්ද, හිරිවැටීමක් වගේ දෙයක් වෙලා සිහිය නැතිවෙලා යනවා වගේ තත්ත්වයක් ද කියලා මේ අය දන්නෙ නෑ. මම කොහොමද කියන්නේ මරණය සිද්ධ වීම හිරිවැටීමක් වගේ කියලා. හුස්ම හිරවෙලා ඇස්දෙක නිලංකාර වෙලා සිහිනැතිව යනවා. ඒක හිරිවැටුණ වගෙයි. ඒත් විකුම්ට ශරීරයේ තුවාල වෙලා. ඒ නිසා එයාට වේදනාවත් එක්කමයි මරණයට පත් වෙන්න වෙන්නෙ."

මේ මොහොතේ විකුම්ගේ ඇඳට උඩින් කුමක්දෝ එළියක් වැනි යමක් දැවටී උස් පහත් වෙමින් තිබුණේය. මට එහි විශේෂයක් නොවුණත් මේ ඡායාමාත්‍ර වශයෙන් කිසියම් ජීවී ශරීරයකින් නික්ම ගිය අයකුගේ සමීපවීමක් දැයි දැනෙන්නට විය. මොහොතකින් එය ඉහළට එසැවී අතුරුදන් විය.
"කාටවත්ම තේරුණේ නෑ... පෙනුණේ නෑ... ඒත් මට විතරයි මේ දැනීම ඇතිවුණේ... හරි පුදුමයි... මීට ඉස්සර එහෙම දැනුණේ නෑ... ආ... අන්න විකුම් හුස්ම ගන්නවා... වේදනාවෙන් ඇඹරෙනවා... හරි එයාට ජීවිතේ ගැටගහගන්න පුළුවන්..."

තවත් මොහොතක් ගතවෙද්දී මම නොදැනිවම දැඩිසත්කාර ඒකකයෙන් මෑත්වී මහ මඟට පිවිසියෙමි... එය වේගයෙන් ඇදී යන මාර්ගයකි. මුළුමනින්ම ගමන සිදුවූයේ වනාන්තරයක් මැදිනි. සියොතුන්ගේ හඬ අතර අරමුණක් සොයා යන වැද්දකුගේ ඉවක් මෙන් වේගයෙන් ඇදී යන මට සෙසු කිසිවක් නොදැනුණේය.
"මේ කොහෙද? කොහාටද මං ඇදෙන්නේ?"

එසේ සිතුණද ඊට පිළිතුරු දෙන්නට කිසිවෙක් නොවූහ. මම වේගයෙන් ඇදී ගියෙමි. එහි අවසානය මා මිහිදන් කළ තැනය. රාත්‍රිය උදාවී තිබුණේය. තරු ලකුණු පමණක් පුරෝගත් විසල් අහස හඬා වැටෙන්නට තනන සේ දැනිණ.
සර සර ගා හඬක් සමඟ වියළි අතු ඉති බිඳෙන හඬ ඔස්සේ මම ඇදී ගියෙමි. වවුලන්ගෙන් පිරීගත් විසල් තුරු හිසට උඩින් මම සිරුර මිහිදන් කළ තැන අහසේ රැඳුණෙමි.
"දෙයියනේ සමීර අයියා... මේ මහ රෑ... එයා මොනවටද මගෙ සිරුර මිහිදන් කළ තැන රැඳෙන්නේ? එයා වළලපු තැන පස් කණ්ඩිය දිහා බලාගෙන එයා පැත්තකට වෙලා බලා ඉන්නෙ මගේ මිනීවළ දිහා... එයා මොනවද මුමුනනවා..."

මා හෙමිහිට සමීර අයියා අසලටම ඇදුණේ ඒ කුමක්දැයි දැන ගන්නටය. එය සිතින් මුමුනන්නාක් වැනිය. යාන්තමින් පිටතට ඇසෙන නෑසෙන හ¾ඩින් ඔහු කුමක්දෝ කීවේය. අනතුරුව සාක්කුවෙන් ලිපියක් වැනි යමක් එළියට ගත්තේය. ඔහු එය කියවන්නට උත්සාහ ගනු දැනිණ. මම ඊට ළංවීමි.
"දයාබර චාරුනී... මම දන්නෙ නෑ මේ ලිපිය මෙහෙම ලියලා මම වරදක්ද කරන්නෙ කියලා... ඒත් මේ ටික නොකියාම බෑ... මං ඔයාට දුර ඉඳන් ආදරේ කළා... ඒක හිතට දැනුණත් කියාගන්න බැරිව ළතැවුණේ ඒක ඔයා කොහොම පිළිගනීදෝයි දන්නෙ නැති නිසයි. ඒත්... ඔයා..." යි ලිපියේ වූ දේ කියාගෙන ගිය සමීර අයියා ඉකි බිඳින්නට වූයේය. එය ඔහු මීට කලින් මං මියෙන්නටත් ඉස්සර (මම විකුම්ට කැමැත්ත දෙන්නටත් ඉස්සර) ලියාපු දෙන්න බැරිව තියාගෙන හිටපු ලියුමක් බව මට වැටහුණේ අනතුරුවය.

"මේ ලියුම මං ඔයාට ලිව්වෙ... ඔයාගෙන් විකුම් කැමැතිදැයි අහපු දවසට ඉස්සරින්දා මේ වාගෙ රාත්‍රියක. එදා තරු ලකුණු ඇර පේන මානෙක හඳක් පායලා තිබුණේ නෑ... මම හිතේ වේගෙට ලිව්වා... පහුවදා ඔයා වැඩ කරන තැනට ඇවිත් ඔයාට පේන්න කොම්පියුටරේ කී බෝඩ් එක උඩින් තියලා යන්නයි මං හිතා උන්නෙ... ඒත් එදා මං ඔෆිස් එකට එද්දි දැනගත්තා උත්පලාගෙන් ඔයා එයාට කැමැත්ත දුන්නය කියලා... මං මගේ ඇස්දෙකේ පුරෝ ගත්තු කඳුළු හංගාගෙන මේ ලියුමත් අරන් පිටත් වෙලා ආවා... අද තමයි මට හිතුණේ ඔයාට ඇහෙන්න... ඔයා වළලපු තැන ඉඳන් මේ ලිපිය ඔයාට ඇහෙන්න කියන්න ඕනේ කියලා... එතකොට මට මගේ හිතට සහනයක් සැනසිල්ලක් දැනේවි..." මේ මොහොතෙත් නොසිතූ පරිදි තද සුළඟ හමා ගියේය. (රූස්තුරු හිස් අඹරා හමා ගිය) සුළං අතර සමීර අයියා අත තිබුණු ලියුමද ගසාගෙන ගියේය. ඔහු එය අල්ලා ගන්නට දිවගියේ මහා නිධානයක් සුරැක දෝත දරාගන්නට වෙහෙසෙන්නකු ලෙසිනි.

"දෙයියනේ... එයා දුවනවා... එයාගේ ඇස්දෙකේ කඳුළු... මේ තරම් ආදරයක් පුරෝගෙන ඉඳලා... ඒක කියාගන්න බැරිව සමීර අයියා කොයිතරම් දුක් විඳලා තියෙනවද කියලා දැන් තමයි මට හිතෙන්නෙ..."
අනතුරුව ධාරානිපාත වැස්සක් ඇද හැලුණේය. සුළඟේ ගසාගෙන ගිය සමීර අයියා ආදරෙන් කියවමින් සිටි හසුන්පත ඊට ටිකක් දුරින් උස් තුරු මුදුනක රැඳී තිබුණේය. මට එය අරන් සමීර අයියාට දෙන්නට පුළුවන්කමක් තිබුණේ නැත. වැසි දිය වැටී තුරු හිස මතම ඒ හසුන දියවී යන හැටි මම බලා උන්නෙමි.
සමීර අයියා බලාපොරොත්තු කඩවී ගිය අයකු මෙන් යළිත් සොහොන් කොත අසලට පැමිණියේය. ඔහු එහි වූ සොහොන් කොතේ වූ මගේ රූපය දෙස ඇසිපිය නොහෙළා බලා සිටින්නට වූවේය.

"අනේ චාරුනී... මට සමාවෙන්න... මම ඔයා ජීවිතයෙන් සමුගත්තට පස්සෙයි මේ ප්‍රාර්ථනාව කරන්න වුණේ... ඔයා මීට ටික දවසකට ඉස්සර මට හමුවුණා නම් මේ ඉරණම මෙහෙම විසඳෙන්නෙ නෑ... ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා... ලබන ආත්මෙ මට ඔයා රැකගන්න ඔයාගෙ ආදරේ ලබන්න මේ වගේ නොවෙන්නය කියලා... ඔයා කොහේ හරි තැනක ඉඳලා අහගෙන ඉන්නවානම් මගේ ඒ ප්‍රාර්ථනාව පිළිගන්න චාරුනී..."
සමීර අයියා එසේ කියද්දී මම මහත් අපහසුතාවට ලක්වීමි. මට මහා අමුත්තක් දැනිණ. වැස්ස තව තවත් දැඩිවිය. සමීර අයියා ඒ වැස්සේම නොපෙනී ගියේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive