පළ වූ ලිපි දෙකක් හේතුවෙන් තම කීර්ති නාමයට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා සිලෝන් නිව්ස් පේපර්ස් පෞද්ගලික සමාගමට එන්තරවාසි දෙකක් යවා තිබේ.
මල්ලවාරච්චි නීතීඥ සමාගම මගින් යවා ඇති මෙම එන්තර වාසි දෙකේ දක්වා ඇත්තේ 2013 නොවැම්බර් 11 සහ 16 යන දිනවල මව්බිම පුවත්පතේ පළ වූ ලිපි දෙකකින් තම
සේවා දායකයාගේ කීර්ති නාමයට හානි වී ඇති බව ය.
මෙම ලිපි දෙක කරු ජයසූරිය මහතා පිළිබඳව හිතාමතා, අසත්‍ය තොරතුරු මත අපහාසාත්මක අයුරින් පළ කර ඇතැයි, එම එන්තරවාසියේ සඳහන් කර තිබේ.
එහි දැක්වෙන්නේ, එම එක් ලිපියකින් තම සේවාදායකයාට සිදු වූ හානිය රුපියල් මිලියන 500 ක් ලෙස තක්සේරු කර ඇති බව ය.
මේ අනුව අදාළ ලිපි දෙකෙන් සිදුවූ හානියට අදාළ වන්දිය ලෙස රුපියල් බිලියනයක මුදලක් කරු ජයසූරිය මහතාට ගෙවන ලෙස 2014 මාර්තු 26 වන දාතමින් එවා ඇති එන්තර වාසියේ සඳහන් ය.
එහි දැක්වෙන්නේ එම මුදල සති දෙකක් තුළ ගෙවීමට සිලෝන් නිව්ස් පේපර්ස් පෞද්ගලික සමාගම අපොහොසත් වුවහොත් සිදු වූ හානිය පියවා ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ය.

0 comments:
Post a Comment