facebook like

හිටපු මන්ත්‍රීවරු 30ක් පරදිති...... එ.ජා.ප - ශ්‍රීල.නි.ප ඇමැති පුතුන් 3ක් ඒ අතර

මෙවර පළාත් සභා මැතිවරණයේ පරාජයට පත්වූ අපේක්ෂකයෝ අතර දකුණු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයා, හිටපු පාර්ලිමේන්තු  මන්ත්‍රීවරු  මෙන්ම මැති ඇමැතිවරුන්ගේ පුත්තුද ජනප්‍රිය  චරිත රැසක් සමග හිටපු පළාත් සභා මන්ත්‍රීවරු තිස්දෙනෙක් පමණ සිටිති.

දකුණු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සිරි  විජේවික්‍රම මහතාට මෙවර මාතර එජාප
ලැයිස්තුවේ  හිමි වී ඇත්තේ හය වැනි තැනය.
එනමුත් මාතරෙන්  එජාපයට හිමි වූයේ මන්ත්‍රී ආසන හතරක් පමණි.  මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ  හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එච්. ආර්. විමලසිරි මෙන්ම අනූ හතරේදී මහ මැතිවරණයේදී  ජවිපෙ ලැයිස්තුවෙන් තේරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස සැලකෙන ජනිත් විපුලගුණද පරාජයට පත්වී තිබේ. ඔහු මෙවර මැතිවරණයට ඉදිරිපත් වූයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙනි. එමෙන්ම ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය  වන අන්ජාන් උම්මාටද හිමිවූයේ  පරාජයය. ඇය මෙවර  ඉදිරිපත්  වූයේ එජාප නියෝජනය කරමින් ගම්පහටය.
මේ අතර හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් වන එඩ්වඩ් ගුණසේකර හා නිමල් ආර්. පීරිස් බස්නාහිර පළාත් සභාවට තේරී පත්ව සිටිති. එඩ්වඩ් ගුණසේකර  එජාපයෙන් ගම්පහ  දිස්ත්‍රික්කයටද  නිමල් ආර්. පීරිස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයටද තේරී පත්ව ඇත.
මැති ඇමැතිවරුන්ගේ දූ දරුවන් රැසක් පළාත් සභා දෙකින් ජය ලබන විට එජාප ලැයිස්තුවෙන් ගාල්ලට ඉල්ලූ හිටපු ඇමැතිවරුන් දෙදෙනෙකුගේ පුතුන් දෙදෙනෙකු  පරාජයට පත්ව ඇත. ඒ රූපා කරුණාතිලකගේ පුත් සංජීව  කරුණාතිලක හා හේමකුමාර නානායක්කාරගේ පුත් තාරක නානායක්කාරය. එසේම ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ පුතා වන නවුසර් ෆවුසිද කොළඹ දිස්ත්‍රික්කයෙන්   පරාජයට පත්ව තිබේ. ඔහු කොළඹ දිස්ත්‍රික් සන්ධාන ලැයිස්තුවේ නියෝජ්‍ය  නායකයාය.
ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් ලෙස කටයුතු කරන කොමියුනිස්ට්, සම සමාජ, ජාතික හෙළ උරුමය මෙන්ම ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයන් රැසකට හිමි වී ඇත්තේ පරාජයය. හෙළ උරුමය නියෝජනය කළ තෙබුවන පියනන්ද (කළුතර), මධුමාධව අරවින්ද (ගම්පහ), විමල් වීරවංශ ඇමැතිවරයාගේ ජ.නි.පෙ. නියෝජනය කළ ඉන්ද්‍රජිත් විජේවර්ධන (ගාල්ල), ලලන්ත ගුණසේකර (ගම්පහ), නෙළුන් දර්ශන මල්ලව (ගම්පහ) ඒ අතර වේ.
රතුපස්වල ජල ප්‍රශ්නය වෙනුවෙන් පෙනී සිටි ප්‍රසිද්ධ  චරිත වන නීතිඥ උපුල් දේශප්‍රිය හා ප්‍රමිත හෙට්ටිආරච්චි එජාප  නියෝජනය කරමින් ගම්පහෙන් ඡන්දය ඉල්ලුවද ඔවුන්ටද හිමිවූයේ පරාජයය. ඉකුත් කාලයේ දැඩි ආන්දෝලනයට ලක්වූ පළාත් සභා මන්ත්‍රීවරයකු වූ මේජර් අජිත් ප්‍රසන්න (ගාල්ල) මෙන්ම කපිතාන් ප්‍රදීප් පෙරේරා (ගම්පහ)ටද අන්ත පරාජයක් හිමි වී තිබේ.
විසිපස් වසරක් අඛණ්ඩව පළාත් සභාව නියෝජනය කළ කොමියුනිස්ට් පක්ෂයේ ගා. දේනෙත්ති (ගාල්ල) ශ්‍රීලනිප ගම්පහ දිස්ත්‍රික් සංවිධායක රෙහෙනසිරි වරාගොඩ, කැලණිය එජාප සංවිධායක බෙවන් පෙරේරා, අත්තනගල්ල  එජාප සංවිධායක  චන්ද්‍රසෝම පරණලාල් උපුල්දේව වනවාසල (ගම්පහ)   යන අයද පරාජයට පත්වූ අපේක්ෂකයන් අතරේ සිටිති.
කොළඹ දිස්ත්‍රික්කයේ සන්ධාන ලැයිස්තුවෙන් තරග කළ අශෝක ලංකාතිලක, මෙන්ම කොළඹ   දිස්ත්‍රික්ක ශ්‍රීලනිප  සංවිධායක  රේණුක පෙරේරා, දයාකාන්ත පෙරේරා, සරත් සුමනසේකර යන මන්ත්‍රීවරුන්ද පරාජයට පත්වී ඇත.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive