වීදි නාට්‍ය වීදියේ නොකර වෙන කොහේ කරන්නද? මහ දවල් නගරය තුළ සිදුවූ සිද්ධියකට ආදාල සාක්ෂි නැතැයි නොකියා වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි පානදුර මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර ඇත.
සමාජවාදී කලා සංගමයේ වීදි නාට්‍ය කණ්ඩායමට ආණ්ඩුවේ මැර පිරිසක් පසුගිය 13වෙනිදා දහවල් විසින් පහරදුන් අතර එම නඩුව ඊයේ (31) කැඳවූ අවස්ථාවේ මෙම උපදෙස් පොලිසියට ලබාදී ඇත.
නීතිය රැකීමට සිටින
ආයතන විසින් සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණ සිදුකර ජනතාවට විශ්වාසනීය සේවයක් සැපයිය යුතු බවත් මාර්තු 14වෙනිදා සිට මේ දක්වා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු නොකිරීම සම්බන්ධයෙන් අධිකරණයේ අප්‍රසාදය පළකරන බවත් මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැඩිව අවධාරණය කර ඇත.
මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රගතිය වහාම අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් පොලිසියට අවවාද කර ඇත.

0 comments:
Post a Comment