facebook like

දුගී පැලක තනිව ජීවත් වෙමින් අකුරු කරන්නට පොර බදන අයිය-මලෝ [Video]

දෙමාපියන් හෝ වෙනත් ඥාතියෙකුගේ රැකවරණය නැතිව පැල්පතක ජීවත් වෙමින් පාසැල් යන සහෝදරයන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු නාවුල, කඩවත ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.

වැඩිමහල් සහෝදරයා උසස් පෙළ විභාගයට සූදානම් වන අතර බාල සහෝදරයා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නට සූදනම් වේ.

වැඩිමහලූ සහෝදරයා සිය ජීවිතය මෙසේ විස්තර කරයි.

”පහ හමාරට නැගිටලා ගෙදර වටේ තියෙන ටික අස් කරනවා. ඊට පස්සේ හයට විතර මූණ හෝදන්න යනවා. මූණ සෝදගෙන ඇවිත් හය හමාරට හයයි හතළිස් පහට විතර ලැහැස්ති වෙලා ඉස්කෝලෙට යනවා. ඉස්කෝලේ ඇරලා ඇවිත් එක හමාරට දෙකට විතර උයන්න පටන් ගන්නවා. තුන විතර වෙද්දී උයලා ඉවර කරනවා දවල්ට සහ රෑ දෙකටම. උදේට මම නම් කන්න කැමැත්තක් නැහැ. මල්ලිත් ඉතින් කන්නේ නැහැ ඉතින්. එයාටත් කන්න තැනක් නැහැ. උදේ වරුව කන්නේ නැතිව තමයි ඉන්නේ.

කලින් හිටියේ මහ ගෙදර. මහගෙදර බාප්පා විතරයි ඉන්නේ. බාප්පා අපිට හැම වෙලාවේ රණ්ඩු කරනවා. ඒ හින්ද තමයි මේ විදිහට ඉන්නේ.

අම්මා අපි පොඩි කාලේම නැති වුණා. තාත්තා කොළඹ වැඩ කරනවා. අපි පොඩි කාලේ ඉඳලම අපි හදාගත්තේ අත්තම්මා. අත්තම්මා ඇවිදින්න බැරි වෙලා රෝද පුටුවේ ඉන්නේ. ඒක නිසා තමයි අපිට මෙහෙම වුණේ. අත්තම්මා හොඳින් හිටියා නම් අපි තාමත් එහේ. බාප්පා ඉතින් අපිත් එක්ක තරහ නිසා තමයි අපට මෙහෙම කරන්නේ. නිවාඩු කාලේට ඉතින් එක එක කුළි වැඩ කරනවා. ගඩොල් කපන්න ගිහින් මල්ලි දාද්දී ඔලූවේ ගලක් වැදුණා. දවස් තුනක් ඉස්පිරිතාලේ හිටියා”

මෙම දරුවන්ගේ පාසලේ විදුහල්පතිවරයා 0770867636 අංකයෙන් හෝ 0773416157 අංකයෙන් වැඩිමහළු දරුවා කාංචන ඇමතිය හැකිය.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive