වම් පාදයේ වළලුකර සැත්කමක් වෙනුවෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත් වුණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග තමන් ඕස්ට්‍රේලියාව බලා පිටත් වන්නේ සිත් තැවුලෙන් හා කලකිරීමෙන් බව අප සමඟින් පැවැසීය.
මාලිංගට ඕස්ට්‍රේලියාව බලා යාමට මිල අඩු සාමාන්‍ය පන්තියේ ගමන් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහු වෙත රක්ෂණාවරණයක් ලබා දී ඇති බවත් ඔහු මෙහිදී ප්‍රකාශකොට තිබුනා.
නමුත් තමන්ට සිදු කරන ශල්‍යකර්මයෙන් අනතුරුව ඔහුට සාමාන්‍ය පන්තියේ අසුන්ගෙන පැමිණීම අසීරු වීමත් එසේ පැමිණියහොත් තමන්ට කරන ශල්‍යකර්මයෙන් ඵලක් නොවීමත් හේතුවෙන් මාලිංග සිය පෞද්ගලික වියදමින් ඕස්ට්‍රේලියාව බලා යාමට සහ එහි සිට ඒමට ව්‍යාපාරික පන්තියේ ආසන වෙන් කරගෙන තිබේ.
වසර කීපයක් මාලිංග සිය ක්‍රීඩා කටයුතු සිදු කළේ ප්‍රතිජීවක ඖෂධ ගනිමින් බවත් මේ වන විට වෛද්‍ය නිර්දේශ ලැබී ඇත්තේ ශල්‍යකර්මයක් සිදු කිරීමට බවත් මාලිංග වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.
ඊයේ (20) සවස දිවයිනෙන් පිටත් වූ ලසිත් මාලිංග සිය වළලුකරේ ශල්‍යකර්මය වෙනුවෙන් පිටත් වූයේ සිත් තැවුලෙන් බව ඔහුගේ ප්‍රකාශයෙන් අනාවරණය වේ.
මාලිංග දැක්වූ අදහස් පහතින්..
මාලිංග දැක්වූ අදහස් පහතින්..