මුලු ලෝකයම ආසාවෙන් බලන් හිටිය අයිෆෝන් 6 දුරකථනය මේ වෙනකොට පාරිභෝගිකයන් අතරට ඇවිත් තියෙනවා. කවුරු වුනත් කැමතිනේ අලුතින්ම ආව ෆෝන් එකක් පාවිච්චි කරන්න. ඒත් ඉතිං ගාණ තමයි සැර.
මේ විදියට ආව අයිෆෝන් 6 දුරකථනය මිලදී ගන්න සල්ලි නැති නිසා තමන්ගේ පෙම්වතිය අලෙවිකල තරුණයෙක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Xiao Ai කියන පෙම්වතා තමයි මේ විදියට එයාගේ පෙම්වතිය බෙදාගැනීමට කැමති බව දන්වලා Songjiang විශ්ව විද්‍යාලය ඉදිරිපිට දැන්වීමක් ප්‍රදර්ශනය කරලා තියෙන්නේ..
ඒ දැන්වීමේ සඳහන් වෙලා තියෙන විදියටඅනවශ්‍යය ක්‍රියාවන් සඳහා කිසිදු ඉඩක් නැති අතර පෙම්වතිය බෙදාගැනීම ඔහු සීමාකොට ඇත්තේ ඇය සමග ආහාර ගැනීම, පාඩම් කිරීම, වැනි කරුණු වලට විතරයිලු.
ඒ වෙනුවෙන් මෙයා පැයකට පවුමක්, දවසකට පවුම් පහක්, මසකට පවුම් 50 ද වගේ ගාස්තු අයකරනවා කියලත් ප්‍රසිද්ධ කරලා තියෙනවා. පෙම්වතියට කැමති අය වෙනුවෙන් මෙයා ඇගේ ඡායාරූපත් පෙන්නවා කියලා තමයි වැඩිදුරටත් ආරංචි වෙන්නේ.