අපි ඉතා වටිනා ප්‍රවෘත්තියක් නිසා මහත් සේ කුල්මත්ව සිටිමු. ඒ වූ කලි ස්‌කොට්‌ලන්තය තවදුරටත් බ්‍රිතාන්‍යයේ කොටසක් ලෙස පැවැතිය යුතු බව ස්‌කොට්‌ලන්ත ජනයා පිළිගෙන තිබීම ය. ඒ බව ඔප්පු කෙරුණේ ස්‌කොට්‌ලන්තයේ පැවැත්වූ ජනමත විචාරණයක් මගිනි. ස්‌කොට්‌ලන්තය යම් හෙයකින් බ්‍රිතාන්‍යයෙන් කැඩී වෙන් වුණි නම් එය බෙදුම්වාදයට අල්ලන ලොකුම ලොකු ගොට්‌ටකි. උල්පන්දමකි. එහෙත් බෙදී වෙන් වී විසීමේ ආදීනව ස්‌කොට් ජනතාව තේරුම් ගෙන තිබීම වාසනාවකි. ඔවුනට ජය වේවා·
++++++++++++++++++++++++
ස්‌කොට්‌ලන්තයේ ජනමත විචාරණය ඒ ආකාරයෙන් කෙළවර විය. ඒ සමගම අද (20) ඌවේ පළාත් සභා ඡන්දය පැවැත්වෙයි. ස්‌කොට්‌ලන්ත ජනමත විචාරණයේදී එරට ජනතාවට කිසිදු දුක් ගැහැටක් විඳින්නට සිදු වූයේ නැත. ප්‍රචණ්‌ඩ ක්‍රියාවක් වාර්තා වූයේම නැත. ස්‌කොට්‌ලන්තයට සාපේක්‍ෂව නියපොත්තක් තරම් වන ඌව පළාත් සභාවේ මැතිවරණය පටන් ගත් තැන සිටම ප්‍රචණ්‌ඩ ක්‍රියා මාලාවක් විය. වැඩියෙන්ම ගුටි කෑවේ ජ.වි.පෙ. ය. දෙවනුව යූ.එන්.පිය ගුටි කෑවේ ය. තෙවනුව ආණ්‌ඩුව ද අම්බානකට ගුටි කෑවේ ය. ප්‍රචණ්‌ඩත්වයට සහය දුන් හැම දෙනාගේම අරමුණ වූයේ ඡන්දය කඩාකප්පල් කිරීම ය. මෙහිදී ගුටි කෑ කිසිදු පක්‍ෂයක් නිකම් නො සිට අවස්‌ථාව බලා තම පලිය ගත්හ. මේ අනුව ගුටි කෑමට මෙන්ම ගුටි දීමට ද හැමටම පාහේ අවස්‌ථාව ලැබිණි. ඡන්ද නිරීක්‍ෂණ කණ්‌ඩායම් කියන පරිදි ඌවේදී මෙවර සිදුÊවූ මැතිවරණ පූර්ව ප්‍රචණ්‌ඩ ක්‍රියා ගණන 900 ඉක්‌මවන්නේ ය. පොලිසිය කියන පරිදි එම ගණන 150 නො ඉක්‌මවන්නේ ය. මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවල නිර්නායකයන් සහ පොලිසියේ නිර්නායකයන් අතර වෙනසක් තිබේ. පෝස්‌ටරයක් ඉරා දැමීම පවා මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවක් ලෙස පිළිගැනීම ස්‌වාධීන නිරීක්‍ෂකයන්ගේ සිරිත ය. එය ප්‍රචණ්‌ඩ ක්‍රියාවක් ලෙස පොලිසිය පිළිගන්නේ ඒ ගැන ඔවුන්ට පැමිණිල්ලක් ලැබුණොත් විතර ය.
ඡන්දයක් අවශ්‍ය කාටද? පාර්ශ්ව තුනකට ඡන්දයක් අවශ්‍ය ය. පළමු කොටස දේශපාලනඥයන් ය. දෙවන කොටස පාක්‍ෂිකයන් සහ ආධාරකරුවන් ය. තුන්වැනි කොටස පාවෙන ඡන්දදායකයන් ලෙස හඳුන්වන කණ්‌ඩායම ය. ආණ්‌ඩු පිහිටුවනු ලබන්නේ මෙන්න මේ පාවෙන ඡන්දදායකයන් නමැති පිරිස ය. ඔවුන්ට ස්‌ථිර දේශපාලන පක්‍ෂයක් නැත. ඔවුහු කිසිදු අපේක්‍ෂකයකුට විශේෂයෙන් සපෝට් කරන්නේ නැත. ඔවුන්ට ශෂිනුත් එක ය, හරිනුත් එක ය, සමන්ත විද්‍යාරත්නත් එක ය. හිටපු ජෙනරාල්ගේ ගෝලයනුත් එක ය. ඔවුන්ට වැදගත් වන්නේ උදරය පිළිබඳ ප්‍රශ්නයයි. එදා වේල කෙසේ ගැටගසාගම්ද යන ප්‍රශ්නයයි. බස් එකේ යන්නේ කොහොමද කියන ප්‍රශ්නයයි. පාරේ පයින් ගොස් පණපිටින් ගෙදර එන්න ලැබේවි ද යන ප්‍රශ්නයයි. එළවළු මිල ඉහළ නැග මිල අඩු පිපිCඳ්C¹ පමණක් අනුභව කරන්නට සිදු වේද යන ප්‍රශ්නයයි. සහල් මිල පිළිබඳ ප්‍රශ්නයයි. සීයයට විසි පහක් අඩු වූ විදුලි බිල වෙන මොකකින් හෝ ඇල්ලීමට ආණ්‌ඩුව කටයුතු කරනු ඇද්ද යන ප්‍රශ්නයයි.
ඡන්දය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ උපරිම සහ උත්තරීතර ආයුධයකි. මැතිවරණය යනු ඒ උත්තරීතර ආයුධය බලගන්වන අවස්‌ථාව ය. මැතිවරණයක් මඟුලක් කිරීමටත්, අවමඟුලක් කිරීමටත් දේශපාලනඥයන්ට පුළුවන. වයඹදී වුණාක් වැනි එවැනි මළ මඟුලක් ඌවේදී නො වේ වා·
divaina -

0 comments:
Post a Comment