facebook like

කොල්ලුපිටියේ තරු හෝටලයක සුපිරි තායි ගණිකා මඩමක් .....දවසක ආදායම ලක්ෂ 5යි මාසයකට කෝටි 11/2 යි...... ආයෝජන මණ්ඩලයෙනුත් අවසර දීලාලු

 කොළඹ කොල්ලුපිටියේ ජූලියානා හෝටලයේ තුන්වැනි මහලේ තායි සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී බොඩි ටූ බොඩි සුපිරි සම්බාහන සහ ගණිකා නිවාසයක් පානදුර වලාන විශේෂ ප්‍රහාර ඒකකය විසින් ඊයේ රාත්‍රි වටලනු ලැබ තායි ජාතික කාන්තාවන් අට දෙනකු ඇතුළු නව දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියකු සඳහන් කෙළේ මේ ගණිකා නිවාසය දේශීය හෝ විදේශීය වෛද්‍යවරයකු අධීක්ෂණය යටතේ හෝ බලපත්‍රයක් සහිතව පවත්වාගෙන ගිය ස්ථානයක් නොවන බවයි.


දිනපතා දහවල් 12 සිට රාත්‍රි 12 දක්වා පවත්වාගෙන යන මේ සුපිරි ගණිකා නිවාසයේ දිනක ආදායම ලක්ෂ පහක් වන අතර මාසිකව රුපියල් එක්කෝටි පනස්
ලක්ෂයක පමණ ආදායමක් උපයන බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
පොලිසිය එම ස්ථානය වටලන අවස්ථාවේදී තායි ජාතික කාන්තාවන්ගේ පහස ලබාගැනීමට එදින අලුයම ලංකාවට පැමිණ සිටි සෞදිඅරාබි ජාතිකයන් දෙදෙනකු, ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු සහ විදේශ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුද පොලිසියට කොටු වී ඇති අතර ඔවුන්ගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන මුදා හැර තිබේ.
එහි සිටි එක් සෞදිඅරාබි ජාතිකයකු මේ ස්ථානයට අවස්ථා 22කදී පැමිණ ඇති බව හෙළි විණැයි පොලිසියේ උසස් නිලධාරියකු පැවැසීය.
කොරියානු ජාතිකයකුද මේ නීති විරෝධී ගණිකා නිවාසය සමඟ සම්බන්ධකම් ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.
ආගමන විගමන කොන්දේසි කඩකර සංචාරක වීසා මඟින් තායි ගණිකාවන් ගෙන්වීමේ ව්‍යාපාරය වසර දහයක පමණ කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබේ.


මේ නීති විරෝධී සුපිරි ගණිකා නිවාසයට ඇතුළු වීමට රුපියල් 8,500ක් අයකරන අතර ඇතුළත කටයුතු සඳහා රුපියල් 5,000ක් අයකරන බවද හෙළි වී තිබේ.
පොලිසිය වටලන අවස්ථාවේ එම ස්ථානයට පැමිණීමට 20 දෙනකු පමණ දුරකතනය ඔස්සේ වේලාවල් වෙන්කරගෙන තිබූ බවද පොලිසිය පැවැසීය. එම ස්ථානයට නිතර පැමිණෙන පුද්ගලයන්ගේ නම් අඩංගු ලේඛනයක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ තායි ජාතික කාන්තාවන් හතක් ඇතුළු නවදෙනකු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රාත් හා අතිරේක දිසාවිනිසුරු තිලිණ ගමගේ මහතා ලබන 25දා දක්වා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කළේය.
සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් මේ සම්බාහන ආයතනය ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ අනුමතය ලබාගෙන පවත්වාගෙන යන ආයතනයක් වන අතර මෙවැනි ආයතන තරුපහේ හෝටල්වලද පවත්වාගෙන යන බව පවසමින් ඔවුන් ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියහ.


පොලිසිය විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ වෙනත් සම්බාහන ආයතන වටලන අවස්ථාවේ මේ සම්බාහන ආයතනය වටලන්නේ නැත්තේ ඇයිදැයි ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා ඔවුන් එය වැටලූ පසු එයට විරුද්ධව ඇප ඉල්ලා සිටින බවත් පවසමින් සැකකාරියන් ලබන 25දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකයේ සහකාර පොලිස් අධිකාරි ලූෂන් සූරියබණ්ඩාර මහතාගේ උපදෙස් මත එම ඒකකයේ ස්ථානාධිපති දුමින්ද බාලසූරිය, උප පොලිස් පරීක්ෂකවරුන් වන චානක ලසන්ත, ආර්. එම්. ඒ. කරුණාරත්න යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive