අක්මීමන ජනබල ගම්මානයේ අට හැවිරිදි පාසල් දැරියක් මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ ඝාතකයා අක්මීමන පොලීසිය මගින් අද (18 දා) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු විසිඅට හැවිරිදි වියේ පසුවන අවිවාහකයෙකි. දැරියගේ නිවස ආසන්නයේ නිවසක තනිවම පදංචි වී සිට ඇති සැකකරු විසින් දැරිය දූෂණයට ලක්කොට ඇගේ ගෙල මිරිකා මරා දමා ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ඝාතකයා දැරියගේ ගෙල මිරිකා මරා දැමීමෙන් පසු දැරිය මිය ගියාද කියා සැක සිතී දැරියගේ ගෙල ලණුවකින් සිරකොට තේ පඳුර යටට ගෙනැවිත් දමා ඇති බවද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා රොනී නමැති පොලිස් සුනඛයාද සිද්ධිය වූ ස්ථානයට අද (18 දා) දහවල් රැගෙනවිත් තිබුණි.
එම නිල සුනඛයා ඝාතනය කළ ස්ථානය යැයි සැකකරන ස්ථානයේ සිට සැකකරුගේ නිවසට ගොස් ඔහු නිදා සිටි ඇද ළඟ නතර වී ඇත. අක්මීමන පොලීසිය මගින් ඝාතකයාතවදුරටත් රඳවාගෙන ප්රශ්න කරයි.

0 comments:
Post a Comment