facebook like

කිරි කෝප්පයට වස මුසුකර දුවට ‍පොවා දිවි නසා ගත් අම්මා

“අපි අනෙකාගේ වේදනාව තමන්ගේම ලෙස පරිකල්පනය කොට ගනිමු. එකී වේදනාවට අපේ හදවත් ගැහෙන්නේය. තිගැස්ම පපුව ඇතුළේ වේදනාව යැයි අපි කියමු. මොළයේ හෝ ශරීරයේ හෝ වෙනත් කොහේ හෝ සිට එන පරිකල්පනය අපේ හෘදය වස්තුව තිගස්සයි. ‍ලේ ගමනාගමනය වැඩි කරයි. හෘදය වස්තුව නම් මස් වැදැල්ල එහෙයින්ම පණ ගසයි. එවිට අපි අපට හදවතක් ඇතැයි සිතමු.”
වර්තමානය වන විට ශ්‍රී ලාංකේය ජන සමාජයේ හදවතක් ඇති මිනිසුන් සිටිනා බව වටහා ගන්නට උත්සාහ ගනිද්දී අපගේ මතකයට නැගුණේ ‍ලේඛක උපුල් ශාන්ත සන්නස්ගලගේ “අම්මා” කෘතියේ පිට කවරයේ මේ සටහනය. සැබවින්ම හෘදය වස්තුව නම් මස් වැදැල්ල පණ ගසමින් පරිකල්පනා ඔස්සේ එය අද අපේ ජන සමාජය තිගස්වයිද ඒ පිළිබඳව ගැඹුරින් විමසා බැලිය යුතු කාලයක් මේ වන විට උදාවී ඇත.
දහ මාසයක් කුස තුළ හොවා බොහෝම පරෙස්සමට ගැබ ආරක්ෂා කොට බිළිඳකු බිහි කරන මවකට ඒ වේදනාවත් උතුරා යන දාරක ප්‍රේමයේ අරුම පුදුම අසිරිමත් සිදුවීමත් ක්ෂණයකින් වසා ගෙන නැගී සිටින චිත්තාවේග නිසා සියතින්ම ඒ බිළිඳාත් තමාත් මරා දැමීමට තරම් මවක් කෲර වෙතැයි අදහාගත හැකිද?
මාතර මහානාම පාලම අම්මලා දරුවන්ද සමග අත්වැල් බැඳගෙන දිවි තොර කර ගැනීමට තෝරා ගන්නා එක් ස්ථානයක් බවට දැන් ජනගත වී හමාරය. එපමණක් නොව රට පුරාම විවිධාකාරයෙන් දරුවන්ගේද දිවි තොර කරමින් මව්වරුද පියවරුද තම තමන්ගේ දිවි තොරතුර ගැනීමේ ඛිෙදාන්තයකට ජනසමාජය තල්ලුවී තිබිම අතිශය ශෝක ජනකය. එහි තවත් අනුවේදනීය සිදුවීමක් ඉකුත් වැලිකන්ද නෙළුම්වැව ගිනිදමන මහවැලි නිවාසයක් තුළදී ඉකුත් 04දා වාර්තා විය.
කිසියම් රෝගී තත්ත්වයකින් සිටි පෙර පාසල් වයසේ එකම දියණියට වැලිකන්ද රෝහලෙන් බෙහෙත් ගැනීමට ගොස් නැවත එමින් සිටියදී කෘෂි රසායන වෙළෙඳසැලකට ගොඩ වී ‘වස’ බෝතලයක්ද රැගෙන නිවසට පැමිණ බෙහෙත් යැයි කියා කිරි වීදුරුවකට වස කලවම් කර දියණියට බොන්නට දී මවද වස පානය කොට තම කාමරයේ ඇඳ මත එකට තුරුළු වී අවසන් ගමන් ගිය සිදුවීම කාගේත් හද සසල කළේය. ඉන් සිඟිති දියණිය පෙර වාසනාවකට දිවි බේරාගත්තාය. අශෝක නිලන්ති මාරසිංහ (27) නමැති සිඟිතියගේ මව් මේ සිද්ධියෙන් මරණයට පත් වූවාය. ඇය මීට දෙවසරකට ඉහතදී ගිනිදමන පාසල ඉදිරිපිට පිහිටි නිල නිවාසවලට ආවේ දිඹුලාගල ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ සුළු සේවකයෙකු ලෙස සේවය කරන සැමියා සමග සිය කුළුඳුල් දියණිය වූ චමායා ඕෂධී තුරුළු කරගෙනය.
ගමේ සෑම කෙනෙක් සමගම ඇයි හොඳයි කම් පෑමට ‘අශෝකා’ මැලි වූවාය. මහියංගනය ප්‍රදේශයෙන් පැමිණි ඇය තෝරාගත් ගැමියන් දෙතුන් දෙනකු හැර අසල්වාසී රජයේ නිවාසවල සිටි උදවියද ඇසුරු නොකළාය. බෙහෙවින් නිහඬ චරිතයක් වූ අශෝකා දියණිය පෙර පාසලට ඇරලවා නිවසට පැමිණ හුදකලාව සිතින් අනාගතය සැලසුම් කළාය. සිහින මැව්වාය. සුන්දර අනාගතයක් පැතුවාය. එබැවින්ම ඇය අ.‍පො.ස. (උ.පෙ.) විභාගයෙන් උසස් ලෙස සමත් වුවත් සරසවි වරම් නොලැබිම නිසා වරලත් ගණකාධිකාරිකරණය පිළිබඳව උපාධිය ලැබිමට පෞද්ගලික පාඨමාලා ආයතනයකට බැඳී හැදෑරුවාය. එහෙත් ඉන් එතරම් ප්‍රගතියක් පෙන්වීමට නොහැකි වූයෙන් ඇය පරිගණක පාඨමාලාවක් හැදෑරීම ආරම්භ කළාය. එසේ වුවත් මෙම පාඨමාලාවද නිම කිරීමට ඇය මැලි වූයේ ඇතැම් විට අගහිඟකම් නිසා නිතර පන්ති යාමට නොහැකි වූ නිසා යැයි ඇගේ අතළොස්සක් වූ යෙහෙළියෝ පවසති. සැමියා උදේ පාන්දරින්ම රැකියාවට පිටත්ව යයි. රාත්‍රි අඳුර වැටෙන විට නිවසට පැමිණෙන සැමියාද ගමේ සෙසු අය සමග ළඟ ඇසුරක් පවත්වා නැත. ඔහුට ඊට විවේකයද නොතිබෙන්නට ඇත.
“අපේ ගෙදර අශෝකා නංගි අන්තිමට ආවෙ මියගිය සතියේ සඳුදා. එයා මාත් එකක් කතා කළේ තව මාස 6කින් දරුවෙක් හදාගන්න ඕන කියලා ‍පෝලික් ඇසිඩ් පෙති ගන්න තමයි ආවෙ ගෙදර ආවාම කතා කරන්නෙ කොහොමද හොඳ දරු සම්පතක් ලබාගන්නෙ මොනාද ඇවතුම් පැවතුම්, බුද්ධිමත් දරුවෙකු හදාගන්නෙ කොහොමද කියන කාරණායි.”
ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ලෙස කටයුතු කරන ගිනිදමන ජී.ජී. බණ්ඩාර මැණිකේ (53) අප සමග පැවසුවාය.
ඉකුත් බ්‍රහස්පතින්දා (04) දහවල් වැලිකන්ද රෝහලෙන් දියණියට බෙහෙත් ගෙන විත් නිවසේදී දියණියට වස දී තමා වස බි මියගිය අශෝකා මුලින්ම දකින්නේ මෙම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි යයි.
“මගෙ දුව දවල් එකට දෙකට විතර කිව්වා කැම්පස් කඩඉම් ලකුණු දාලා තියෙනවා. ඉන්ටර්නෙට් එකේ බලන්න අශෝකා අක්කලාගේ ගෙදර යං කියලා. අපි එහෙ යනකොට ගෙදර දොරවල් වහලා තිබුණා. කුස්සියේ දොර ඇරලා තිබුණා. ඊට පස්සේ මමයි දුවයි දෙන්නම කතා කළා. සද්දයක්වත් නෑ. ජනේලෙන් එබිලා බලනකොට ඇඳේ දුවත් එක්ක නිදාගෙන හිටියා. අපි තවත් හයියෙන් කතා කළා.
ඇහැරුනේ නෑ. පස්සෙ ළඟ ගෙදර අයයි අපියි අනිත් ක්වටස් එකේ ඉන්න ඉස්කෝලෙ කුමාරසිංහ සර් එහෙම එකතුවෙලා දොර කඩලා බලන කොට වස බෝතලයක් තිබුණා. ඇඟට වතුර ගැහුවා. ඒත් සද්දයක් නෑ. සර් චූටි දුව චමායාට පුතේ පුතේ කියලා කතා කරන කොට ඇස් ඇරියා ඉක්මනට වැලිකන්ද ඉස්පිරිතාලෙට ගෙනිච්චා.”
සිද්ධියෙන් කම්පනය වූ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය කියාගෙන ගියාය. මවත් දියණියත් තුරුළු වී ඇඳෙහි වැතිර සිටි අන්දම සිතින් මවා ගනිමින් ඇය දුක් වූවාය.
“එයා වැඩිය කතා බහ කරන කෙනෙක් ‍නෙවෙයි. පුද්ගලික ජීවිතය ගැන වැඩි යමක් දන්නෙ නෑ. හැබැයි එයාගේ ඇඳගෙන හිටිය ගවුමෙ සාක්කුවේ ලියුම් තුනක් තිබිලා තියෙනවා.” පවුල් සෞඛ්‍ය සේවිකා බණ්ඩාර මැණිකා පැවසුවාය.
මූලික ‍පොලිස් පරීක්ෂණවලට අනුව මෙම කාන්තාව මානසික ව්‍යාකූලතාවකින් සිට ඇතැයි වැලිකන්ද ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක පී.ඩබ්.ප්‍රේමලාල් පැවැසීය.
දියණියට බෙහෙත් බොන්නට යැයි තම දෑතින්ම පිළියෙළ කළ කිරි කෝප්පයට වස කළවම් කොට දීමට තරම් ඇයට ඇති වූ ආවේගය කුමක්ද?
“එයාලා අහල පහල අය එක්කවත් කතා බහ කරලා ඉන්න අය නමෛයි. නමුත් එදා මිඩ්වයිෆ් ඇන්ටිලා කෑගහනවා ඇහිලා මමත් දුවගෙන ගිහින් බැලුවා. දොර කඩලා කතා කළාම ඇහැරුනෙ නැති නිසා අල්ලලා බැලුවා. අශෝකා අක්කා දර දඬුවෙලා හිටියට දුවට එහෙම තිබුණෙ නෑ. කතා කරන කොට ඇස් ඇරියා ඉක්මනටම ‍පොඩි එක්කෙනාව ඉස්පිරිතාලෙට ගෙනිච්චා. පස්සෙ අම්මාවත් ගෙනිච්චා. ලියුම් තුනක් ලියලා තිබුණා. එකක් මහත්තයාට. එකක් ඩොක්ටර්ට. ලියුම් කීවට ‍පොඩි කොළ කෑළි මහත්තයාට ලියලා තිබුණෙ මගෙ ආයුෂ දැන් ඉවරයි. ඉඩම බේරාගන්න. මම බලා‍පොරොත්තු වුණ සතුට මට ජීවිතයෙන් ලැබුණෙ නෑ. දුවයි මායි එක තැන මිහිදන් කරන්න කියලා. ඩොක්ටර්ට කියලා තිබුණෙ දුවයි එයාවයි එකවළක ඉස්පිරිතාලෙම වළ දාන්න කියලා.”
කුඩා දියණියගේ ජීවිතය බේරාගැනීමට වෙහෙස වූ ගිනිදමන මහා විද්‍යාලයේ ගුරු භවතෙකු වන ඩී.එම්.කුමාරසිංහ අප සමග කීවේය.
සිඟිති දියණිය හුරුබුහුටි දක්ෂතා රැසක් ඇති සුරංගනාවියක බඳු ඇත්තියකි. ඇයගේ දිවි බේරා දීමට මේ සත් ගුණයෙන් යුත් මිනිසුන්ට මෙන්ම වැලිකන්ද රෝහලෙත්්් ‍පොළොන්නරුව, මහ රෝහලෙත් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මහත් වෙහෙසක් ගත්හ.
“මේ දරුවා තව මිනිත්තු දහයක් ප්‍රමාද වුණා නම් අපට බේරාගන්න බෑ. වාසනාවන්ත දරුවෙක්. අම්මාගේ අවාසනාව විතරක් නමෛයි. අකාරුණික කමයි. මේ මලක් වාගේ සුන්දර දියණියට විපතක් වුණා රෝහල් ප්‍රකාශකයෙකු අප සමග පැවැසීය.
කෙසේ වෙතත් දැන් සියල්ල සිදුවී හමාරය. අශෝකා වැනි මව්වරුන්ගෙන් මාතෘත්වයට සිදුවන කැළල සුළු කොට තැකිය හැකිද? ‘අශෝකා වැනි ගැහැනුන් අද අපේ රටේ බොහෝ සිහින ලෝකවල අතරමංව තම හැකියාවට හා සමාජ ආර්ථික තත්ත්වයට ඔරොත්තු නොදෙන තරමේ අහස් මාලිගා තනමින් දිවි ගෙවති. සිහින ලෝකයත්් යථාර්ථයත් අහසට ‍පොළොව සේ දුරස් බව ඔවුන්ට වැටහෙන්නේ නැත. වටහා ගැනීමේ හැකියාව ලබාදෙන වටාපිටාවක්ද අද අපේ රටේ නැත. සිහින සැබෑ කර ගැනීමට නම් සිහිනවලට අර්ථ
සපයා ප්‍රායෝගික ලෝකයේදී කළ හැකි දෑ පිළිබඳව තක්සේරුවත් ආත්ම විශ්වාසයත් ඇති කරගත යුතුය. ඒ සඳහා රූප පෙට්ටියේ හරසුන් ටෙලි මාලාවන් වෙනුවට බොහෝ උසස් සාහිත්‍යාංග හා ‍පොතපත පරිශීලනය අත්‍යවශ්‍යය. අද අපේ රටේ ගැහැනුන්ට ‍පොතපත අරහං වී තිබිමද මේ ශෝක ජනක සිදුවීම්වලට එක් හේතුවකි. මවකට තම ලෙයින් උපන් දියණිවරුන් පුතුන් මරා දැමිය හැකි වටපිටාවක් නිර්මාණය වීම අතිශය භයානක තත්ත්වයකි. දැන් මේ නිර්මාණය වෙමින් තිබෙන්නේ එහි උච්චතම අවස්ථාව යැයි අපට සිතෙන්නේ ජාත්‍යන්තර සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ දිනය (10) ලොව පුරා සමරද්දී දිවි නසා ගැනීම අපේ රට සිවුවැනි තැනට කප් ගැසීමය.
උපුල් ශාන්ත සන්නස්ගල ‘අම්මා’ කෘතිය ලියද්දී පිට කවරයේ දක්වා ඇති පරිදි අනෙකාගේ වේදනාව පරිකල්පනය කොට තමන්ගේ කර ගන්නා මිනිසුන් විරල වන්නා සේම තම දරුවන් ගැනවත් එසේ සිතිය නොහැකි මුග්ධ සත්ව කොට්ඨාසයක් වෙත ගමන් කිරීම නොවැළැක්විය හැකිය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive