චීන ජනාධිපති ෂි ජින් පින් මහතා හා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පුත්තලම ලක්‌විජය විදුලි බලාගාරය ඊයේ (16 වැනිදා) විවෘත කිරීමෙන් පසුව විදුලිබිල සියයට විසිපහකින්ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් විස්‌සකින්ද, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් පහකින්ද, ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින්ද පහත දමන බව ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව හා චීනය අතර දෙරටට බලපාන ගිවිසුම් හා අවබෝධතා ගිවිසුම් විස්‌සකට පමණ ඊයේ (16 වැනිදා) අත්සන් තැබූ අතර පසුව පුත්තලම, ලක්‌විජය ගල්අඟුරු බලාගාරය විවෘත කිරීමෙන් පසු මෙම විශාල සහනය ජනතාවට ලබාදෙන බව ජනාධිපතිවරයා කියා සිටියේය.
ඊයේ (16 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක කෙරේ.
මෙහිදී අදහස් දැක්‌වූ චීන ජනාධිපති ෂි ජින් පින් මහතා මෙගොවොට් නවසියයකින් යුත් ලක්‌විජය බලාගාරය විවෘත කිරීමේ අවස්‌ථාවට පැමිණීමට හැකිවීම සතුටට කරුණකැයි සඳහන් කළේය.
මෙම විදුලි බලාගාරය මගින් මිලියන විස්‌සක් වන ශ්‍රී ලාංකික ජනතාවට සිය විදුලි අවශ්‍යතා සපුරා ගැනීමට හැකි බවද ඉදිරියේදී චීනයේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙසද චීන ජනාධිපතිවරයා ආරාධනා කළේය.
පුත්තලම, ලක්‌විජය විදුලි බලාගාරය වසර ගණනාවක සිට ඉදිකිරීම් පමාවෙමින් තිබියදී ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා බාධක නොතකා 2006 මැයි මස 11 වැනිදා බලාගාරයට මුල්ගල් තැබීම සිදු කළේය.
මෙගොවොට් නවසියයක විදුලි බලයක් මෙමගින් උත්පාදනය වන අතර පළමු අදියර යටතේ මෙගොවොට් තුන්සියයක් 2011 මාර්තු 22 වැනිදා ජාතික විදුලි පද්ධතියට එක්‌කළ අතර දෙවන සහ තෙවන අදියර යටතේ ටර්බයින් දෙකක් මගින් ඉතිරි මෙගොවොට් හයසියය ඊයේ (16 වැනිදා) සිට ජාතික විදුලි පද්ධතියට එක් කරනු ලැබීය.
මෙම බලාගාරය ශ්‍රී ලංකාවේ ඉදිකළ පළමු ගල්අඟුරු බලාගාරය වන අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.35 ක පමණ මුදලක් වැය කෙරිණි.
චීනයේ යන්ත්‍රොaපකරණ සමාගම මෙහි ඉදිකිරීම් සිදුකළ අතර ශ්‍රී ලංකාවේ දෙවැනි ගල්අඟුරු බලාගාරය ත්‍රිකුණාමල සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට කටයුතු යොදා ඇත.

0 comments:
Post a Comment