රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටදී කාන්තාවකට බිම දමාගෙන පහර දුන් පොලිස් නිලධාරියා සීමාව ඉක්මවා බලය පාවිච්චි කර තිබේ නම් ඔහුට විරුද්ධව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේය.
සමාජ වෙබ් අඩවි තුළ පළ වී ඇති මෙම වීඩියෝ පටයේ සටහන්ව ඇත්තේ සම්පුර්ණ සිදුවීමෙන් අඩක් පමණක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සංදේශයට කියා සිටියේ.
පරුෂ වචන
පහර කෑ කාන්තාව තවත් කාන්තාවක් සමග පරුෂ වචන කියමින් ගුටිබැට හුවමාරු කර ගනිමින් සිටියදී පහර දීම සිදු කළ පොලිස් නිලධාරියා එම ස්ථානයට පැමිණ ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සංදේශයට කියා සිටියේය.
පහර කෑ කාන්තාව හඳුනා ගැනීමටත් පහර දීම සිදු වූ අවස්ථාවේ ඒ අසල සිටි පුද්ගලයන්ගෙන් සාක්ෂි සටහන් කිරීමටත් බලාපොරොත්තු වන බව ඔහු වැඩි දුරටත් පැවසුවේය.
පහර දීම සිදු කරන පොලිස් නිලධාරියා හඳුනා ගෙන ඇති අතර අහිංසක නිරායුධ කාන්තාවකට මේ ආකාරයෙන් පහර දුන්නේ නම් එය පොලිස් දෙපාර්තමේන්තුව කිසිසේත් අනුමත නොකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

0 comments:
Post a Comment