රාවණ යුගයේ යෝග ධර්ම වඩවන ගම්පොළ, කීරපනේ යෝගාශ්‍රමවාසී සුසන්ත සත්‍ය යෝගිතුමා රාවණ, රාම, සීතා, හනුමන්තා පුවතේ අතීතය සහ වර්තමානය ගළපා ඉදිරිපත් කරන මෙම තොරතුරු හරහා අනාගතය පිළිබඳ යම් යම් ඉඟිබිඟි සපයනවා.
මෙතෙක් හෙළිදරව් නොවූ තොරතුරු රැසක් හෙළිදරව් කෙරෙන මෙම ලිපි පෙළ දෙස ඔබ විචාරශීලී බුද්ධියෙන් බැලිය යුතුව තිබෙනුයේ එබැවින්.
නොයෙකුත් විනාශකාරී බලවේගයන් මේ මිහිතලය මත ක්‍රියාත්මකව පවතින බව පිළිගත යුතු ඇත්තක්. අශුභ පෙර නිමිති සහ ක්‍රියාවන් ගැන වැටහීමක් ඇති දියුණු තත්ත්වයට පත්වූවන්, මෙවැනි අනපේක්‍ෂිත උවදුරුවලින් බේරී සතුටින් ජීවත්විය හැකි මාර්ග ගැන ගවේෂණය කරමින් සිටින බවද ඒ හැම පිළිගත යුතු ඇත්තක්.
මෙම පවතින්නා වූ ස්වභාවයන් ගැන සෝදිසි කළ සියලුම ආධ්‍යාත්මික ගවේෂකයන් අවසානයේදී තීරණය කළේ මෙවන් දෙයක්. එනම්, යමකු සර්වව්‍යාපී විශ්ව ඥානය ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව ඇති කරගන්නේ නම්, එම අයට පැමිණෙන ඕනෑම විපත්තියකින් ගැලවී ආරක්‍ෂාව ලබාගත හැකි බවයි.
හෙළයේ ආදීතම ලේ නෑයා රාවණ නිරිඳුද එබඳු අයෙක්. එම ලේ නෑයා මේ වන විට නිද්‍රාශීලී තත්ත්වයකින් පසුවෙනවා. නෑ, රාවණ නිරිඳු නිද්‍රාශීලී තත්ත්වයකට පත්කර තිබෙනවා. එය එසේ කරවූවේ රාම කුමරුන්ගේ මැදිහත්වීම තුළින්.
රාවණ හෙළයකු වන විට, රාම ඉන්දියානුවකුව සිටිනවා. රාමායණය අනුවත්, හෙළ ඉතිහාසය අනුවත් රාවණ යනු ශක්තිවන්තයෙක්. බලවන්තයෙක්. විශ්වයේ පවතින්නා වූ සියලු රහස් අතරින් බොහෝ රහස් ගවේෂණය කළ ගවේෂකයෙක්. එතුවක් ගවේෂණය නොකර සිටි ඉතුරු රහස් ගවේෂණය කෙරුමට රාවණ ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ රාමගේ හීසර පහරින් නිද්‍රාශීලී වීමෙන්.
මෙය එක් පුළුල් අරුතක් හෙළයාට කියාදෙමින් සිටිනවා. එනම්, රාවණගේ නිද්‍රාශීලී තත්ත්වය ඇරැඹුමත් සමඟම හෙළයාද නිද්‍රාශීලී තත්ත්වයට පත්වූ බව. එදා රාවණා නිද්‍රාශීලී තත්ත්වයට පත්වීමත් සමඟම රාම කුමරු ලංකාවෙන් රැගෙන ගියේ සීතා කුමරිය. එදා එලෙස ගිය රාම කුමරු, අද වන විට එම සීතාවනුත් රැගෙන නැවත ලංකාවට පැමිණ සිටිනවා. ඒ වැලිමඩ දිවුරුම්පොළ රජමහා විහාර බිමෙහි රාම - සීතා කෝවිලක් ඉදිකිරීම සඳහා.
මෙය පැහැදිලි එක් කඩ ඉමක්. රාවණගේ කතාව හෙළයා නැවත කියවිය යුත්තේ, කියවා දිය යුත්තේ මෙම කඩඉම මූලික කරගෙන. එය මෙසේ අර්ථවත් වනු ඇති.
හෙළයාට දියහැකි විශිෂ්ටතම ත්‍යාගය, නම් හෙළයාගේ ආදිතමයා රාවණ නිරිඳුන් ගැන කියාදී හෙළයාගේ සිත එදෙසට යොමු කිරීම. එතුළින් හෙළයාට ලැබෙන යම් දායාදයක් තිබෙනවා. එය වනාහි රාවණා නිරිඳුන් පවතිනා නිද්‍රාශීලී තත්ත්වයෙන් මුදා, යළි නැඟිටුවා හෙළයා නැවතත් ප්‍රාණවත් කිරීම.
එහෙත්, තවත් සමහරු මෙසේ කියනවා. රාවණා නිරිඳුන් යනු මිථ්‍යාවක්. රාවණා කෙනෙක් ගැන කියන කතා සියල්ල හිතලුවක්.
මේ රාවණ පිටුදකින, හෙළයාට, හෙළදිවයිනට කෙනහිලිකම් කරන සමහර හෙළයන්ගේ කතා. මෙසේ කියන හෙළයන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. ඒ මෙයයි.
රාවණා මිථ්‍යාවක් නම්, සීතා හා රාමද මිථ්‍යාවක්. ඒ අනුව, රාම සීතා නම්වන මිථ්‍යාව කරතබාගත් ඉන්දියාව වැනි ප්‍රබල රටක් ලංකාවේ වැලිමඩ දිවුරුම්පොළ රජමහා විහාරය සතු ඉඩමක රාම සීතා කෝවිලක් සැදීමට සියලු කටයුතු සූදානම් කර සිටිනුයේ ඇයි?
මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීම යනු, රාවණ නිරිඳුන් යළි අවදි කිරීමේ මාර්ගයට ප්‍රවිෂ්ට කරවීමේ උත්සාහයේ මුල් පියවර.
යුග තුනක් පසුකරගෙන පැමිණි හෙළ දිවයින දැන් පත්ව සිටිනුයේ තුන්වන යුගයට. මෙතෙක් පසුකරගෙන ආ යුග දෙක වූයේ මහබලි සහ තරු යුග. දැන් පවතින යුගය හඳුන්වන්නේ රාවණා යුගය ලෙසින්. රාවණා යුගය පොහොසත් බවින් අනූන ශිෂ්ටාචාරයක්.
හෙළයාට එම පොහොසත් ශිෂ්ටාචාරය හිමිවූයේ මහ සම්මත රජුගේ සිට බලපැවැත්වූ ශිෂ්ටාචාරයක් මතින්. එම ශිෂ්ටාචාරය තුළ ක්‍රියාත්මක වූ පෙළපත වූයේ මහා බලිරාජ පෙළපත. මෙම මහා බලිරාජ පෙළපතේ මුල් පුරුකක් වූයේ නිකුම්බිලා දේවිය. ඇය නීලකුම්බිලා දේවිය ලෙසින්ද අර්ථවත් කරනවා. නීලකුම්බිලා දෙවියගේ බල පරාක්‍රම මහිමය මහා බලියුගයේ සිට ක්‍රියාත්මකව, තරු යුගය පසුකර, රාවණා යුගය කරා පැමිණ තිබෙනවා. මේ අනුව මෙහිදී එක්දෙයක් පැහැදිලි වන බව ඇත්තක්. එය වනුයේ, නීලකුම්බිලා දේවිය යුග තුනක් තුළ ජීවත්වන පුරුකක් බවයි. වත්මන් රාවණා යුගය තුළ නීලකුම්බිලා දේවිය වඩාත් බලවත් වනුයේ මහාබලි සහ තරු යුගවල බලයන්ද ඒකාත්මික කරගනිමින්.
නීලකුම්බිලා දේවිය පැවැත්වූ එක් පූජාවක් වූයේ මහ බලි යුගයේදී හන්තාන කඳු වළල්ල ආශ්‍රිතව පැවැත්වූ මහා ශක්ති පූජාව. එය පැවත්වූයේ හන්තාන කඳු වළල්ලේ එක් කන්දක පිහිටා තිබෙන උෟරා කෙටූ ගල මුල්කරගනිමින්. මේ උෟරා කෙටූ ගල තවමත් අප්‍රකටයි. මේ අප්‍රකට බව තුළ පවතිනවා ඉතා බලගතු රහසක්. එම රහසින් කියවෙනුයේ හන්තාන කඳු වළල්ලේ උෟරා කෙටූ ගල ආශ්‍රිත කන්ද රාවණා ශක්තියෙන් ශක්ති වී පවතින බවයි.
නීලකුම්බිලා දේවතාවිය යක් රැහේ මහරැජින. යක් රැහැ කියනුයේ යක්ඛ ගෝත්‍රිකයන් කියන එක. යක්ඛ කියූ පමණින් මතකයට නැඟෙනුයේ කුවේණිය. කුවේණියගේ පරපුර. මේ කුවේණියගේ පරපුරේ ආදීතම රැජන වූයේ නීලකුම්බිලා දේවතාවිය.
වර්තමාන සෙංකඩගල පුරය හෙළයේ මුල් යුගයේ හැඳින්වූයේ ඛණ්ඩනය කළ නුවර වශයෙන්. මේ බණ්ඩනය කළ නුවර තමයි යක් රෑහේ මහ රැජිනගේ පුරය වූයේ. එම ප්‍රදේශය තුළ තමයි ඇය මහා ඉහළින් වැජඹුණේ බලය පිහිටවූයේ. ශක්ති වැඩවූයේ. මේ අඩවිය තුළ තමයි හන්තාන පිහිටියේ. හන්තාන ආදී යුගයේ හැඳින්වූවේ හාන්තැන්න නමින්.
මෙම ස්ථානය ඉතා බලවත්. ඒ බලවත්කමට එක් හේතුවක් වූයේ මේ දේවතාවිය වැඩවූ අග්නි යෝගයක් මුල්වීම. අග්නිය මුල්කරගෙන වඩවන එක් යෝගයක් වනුයේ පූර්ණ ශක්ති යෝගය. මෙම යෝගය අනෙක් යෝග ධර්මවලට වඩා විශේෂිත වූවක්. එය විශ්වයේ පවත්නා සාමාන්‍ය ශක්තීන් ඉක්මවා ගිය එකක්.
අග්නිය ක්‍රියාත්මකවීම සිදුවනුයේ මේ මහා විශ්වයේ බලපවත්වන ශක්තීන් සමඟ. එය හැමවිටම ප්‍රධාන කරගනුයේ අග්නි මූල ධාතුව. මේ යෝග ධර්ම කුණ්ඩලනී විදියට ගත්තාම චක්‍රාවලදී චක්‍ර අවදි කරනවා. ඒ ක්‍රියාත්මක කිරීම් එක එල්ලේම බලපවත්වනුයේ මනුෂ්‍ය ශරීරයට. ශරීරය හරහා ක්‍රියාත්මක වන ශක්තියට මේ අග්නි මූල ධාතුව ප්‍රධාන වනවා.
අග්නිය තුළින් විශ්වයට සත්‍යය බෙදාදීමේ ක්‍රියාවලිය තුළ සත්‍යතාව පදනම් කරගත් සීතාවන්ගේ පතිව්‍රතතාව ඔප්පු කිරීමේ සිද්ධිය පිළිබඳ වන සත්‍ය කතාව මෙයයි. එදා රාමාගේ පාර්ශ්වයේ සියල්ලන් දැන සිටියා මෙම අග්නි පූජාවේ ශක්තිය හෙළයාගේ යක් රැහේ මහ රැජනගේ ශක්තිය බව. ඒ වගේම නීලකුම්බිලා දේවතාවියගේ බලය බව. යම් තැනක අග්නිය මුල්කර ගනිමින් පතිවත පිළිබඳ අග්නි පූජාවක් පවත්වනුයේ නම්, ඒ යක්රැහේ මහ රැජන, නීලකුම්බිලා දේවතාවිය බලය, ශක්තිය වඩවපු බිමක් විය යුතු බව. ඒ වගේම රාම ප්‍රමුඛ ඉන්දීය පිරිස දැන සිටියා එවන් බිමක පවත්වන අග්නි පූජාවකට නීලකුම්බිලි දේවතාවියගේ ආශීර්වාදය හිමිවන බව. එදා පළමුවරට රාම - සීතා හරහා ඉන්දියාව අත් විඳපු ඒ ශක්තියේ බල මහිමයමයි දෙවන වතාවටත් රාම - සීතා කෝවිල සැදීමට මුල් වනුයේ. මුල්ගල තැබෙනුයේ දෙවන වර අග්නි පූජාව පවත්වනුයේ මෙය කියාදෙන්නේ මෙවන් කතාවක්.
අග්නියක් දැල්විය යුතු වනුයේ මහා බලසම්පන්න මහා පූජා භූමියක. එවන් තැනෙක දල්වන අග්නිය හරි ප්‍රබලයි. මෙහිදී සීතාවන් වෙනුවෙන් දැල්වුණා වූ අග්නිය ප්‍රබල වූයේ ඒ තුළ හෙළයාට අධිපති ඍෂිවරයන් දෙදෙනකු ශක්තිය කැවූ බැවින්. ඒ පුලස්ති මුනිවරයා සහ ඉසුරුමත් මුනිවරයා.
හෙළයේ ආදිතම පාලකයා වූයේ මහ ශිව. ඊට පසුවයි ශිව දේවතාවිය එන්නේ. මේ දෙදෙනාගේ ශක්තීන් යම් යම් යුගවලදී, යම් යම් ක්‍රියාකාරීන් හරහා ක්‍රියාත්මක කෙරෙනවා. කලියුගයේ මහා භද්‍රකාලී දේවතාවියම තමයි යම් යම් යුගවලදී යම් යම් නාමයන් හරහා ශක්ති වඩන්නේ. බල ගන්වනුයේ. මේ ශිව හා ශිව දේවතාවිය මාතා පිතා නම්වලිනුත් හඳුන්වනවා. පිතෘවරයා හා මතෘවරයා. මේ දෙදෙනාගේ දරුවෝ හත්දෙනා වනුයේ මානස පුතුන්. ඒ ඍෂිවරු හත්දෙනෙක්. ඒ හත්දෙනාගෙන් දෙදෙනෙක් තමයි හෙළයට අධිපතිව සිටිමින් ශක්තිය වඩවනුයේ. අද පවත්නා රාවණා ශක්තිය නොනැසී පවත්වන්නටත්, නීලකුම්බිලා දේවතාවියගේ ශක්තිය ර¼දාපවත්වා ගැනුමටත් මඟ සලස්වන්නේ මෙම මහා මුනිවරයන් දෙදෙනා.
පවිත්‍රත්වය උදෙසා සීතා දේවිය පැවැත්වූ අග්නි පූජාව හඳුන් දර මූලික කර ගනිමින් පවත්වනු ලැබූවක්. මේක තවත් අතෙකින් කියන්නේ නම් සිතුවිලි හරහා ගොඩනඟන්නාවූ ගොඩනැඟෙන සිතුවිලි බලවත් කරන්නාවූ, සිතුවිලි හෝ තරංග මඟින් අවශ්‍ය දෑ පාලනය කරන්නාවූ ශක්ති පූජාවක්. මෙම පූජාව නියමානුකූලව සහ ක්‍රමානුකූලව යම් අයකු කරන්නේද එම පූජාවම මූලික කරගන්නා ලද හේතුන් සර්ව සම්පූර්ණවම නිවැරැදි වනවා මෙන්ම ඉටුවීමද සිදුවනවා.
අග්නි පූජාවන් දෙආකාරයකට පැවැත්වීමට හැකියි. ඉන් එක් ක්‍රමයක් වනුයේ සමචතුරශ්‍රාකාරව සකසන අග්නිය. අනෙක් ක්‍රමය වනුයේ පිරමීඩ් ආකාරව සකසන අග්නිය. තව ත්‍රිකෝණාකාරව සකසන අග්නි ක්‍රමයකුත් තිබෙනවා. එය හරියට යෝගාසනයක් වගෙයි. යෝගාසනයක තිබෙනවා මණ්ඩපයක්. ඒ යෝගාසනයේ ඉඳගෙනයි පළමුවන නමස්කාරය කරනුයේ. මෙහිදී කරනුයේ දෙවියන් උදෙසා වන නමස්කාරය. දෙවියන් නැමදීමයි ඒ. එම නම්‍යකාරය තුළින් දෙවියන් හා සම්බන්ධ වී මෙම අග්නි පූජාවට දෙවියන්ගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය බව දන්වනවා. ඒ සඳහා සහභාගි වන ලෙස කියා සිටිනවා. එය එසේ කරනුයේ දෙවියන් සාක්‍ෂි කොටගෙන මෙම අග්නි පූජාව කරන හෙයින්.
අග්නි පූජාවලදී මේ කටයුතු හඳුන්වනුයේ යාග හෝම නමින්. මෙම යාග හෝමවලදී දිව්‍යමය නමස්කාරයෙන් පස්සෙ දේවතා ආරාධනාව කරනවා. මේ ආරාධනා සඳහා උපයෝගී කරගනුයේ මන්ත්‍ර. මෙහිදී සූර්ය නමස්කාරය ඉතා ප්‍රධානයි. එයට හේතුව වනුයේ සූර්යා ප්‍රධාන කොටගෙන අග්නි චක්‍රය ක්‍රියාත්මක වීම. මෙම සූර්ය ශක්ති නමස්කාරයත් එක්කම මහා ශිව දේවතාවිය වෙනුවෙනුත් නමස්කාරය කරනවා.
විශේෂයෙන් මෙතැනදී නමස්කාර මන්ත්‍රවලින් කෙරෙනුයේ දෙවියන්ගේ දිව්‍යමය ශක්තීන් අවදි කිරීම. මේ දිව්‍යමය මන්ත්‍ර ශක්තිකොටගෙන, මේ බිමට දිව්‍යමය ශක්තියක් කාවද්දවා අවසන්වීමෙන් පසුව තමයි අග්නි පූජාවට සූදානම් වනුයේ.
මේ තමයි සීතා කළ අග්නි පූජාවේ ඇරඹුම. එම ඇරඹුමෙන් පසු සීතා කළ අග්නි පූජාව සංකේතවත් කළ කාරණය විමසා බැලෙනවා. ඒ සීතාගේ පවිත්‍රත්වය සනාථ කිරීම සඳහා කරනු ලැබූවක්.
මෙවන් පතිව්‍රතතා අග්නි පූජාවක් යම් කාන්තාවක් කරන්නේ නම් ඇය ඒ සඳහා ආකාර දෙකකින් සූදානම් විය යුතුයි. ඉන් එකක් තමයි මානසික පිරිසුදුකම. දෙවැන්න කායික පිරිසුදුකම. මෙයින් කායික පිරිසුදුවීම යනු අග්නි පූජාව උදෙසා ශරීරය ජලයෙන් නාවා පිරිසුදු කරගත යුතුයි. එය වැදගත් කරුණක් වුවත් ඊටත් වඩා වැදගත් කරුණ වනුයේ මෙයයි. එනම්, මනසේ ඇති කරගන්නා වූ පිරිසුදුතාවයි.
ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමයක් තිබෙනවා. එනම් මනස එක්තරා සමාධි තත්ත්වයකට පත්කරගත යුතුයි. මෙහිදී සීතාදේවිය මනස එක් සමාධි තත්ත්වයකට පත්කර ගත්තා. ඒ යම් යෝග ධර්මයකට පිවිසීමෙන්. මෙම පිවිසීම තුළ මනස සැහැල්ලු වූවා. සිතුවිලි නිවැරැදි වූවා. සිත සන්සුන් වූවා. තමන් කරන අග්නි පූජාව මුල් කරගත් සිතුවිලි පමණක් සීතාවන්ගේ සිත තුළ රැඳී පැවැතුණා. මෙයයි අග්නි පූජාවේදී වැදගත් වනුයේ.
මෙම අග්නි පූජාව සීතා කරළේ තනිවම නොවෙයි. මේ සඳහා සුදුසුකම් ලැබූ මෙවන් පූජාවන් වෙනුවෙන් පුරුදු පුහුණුවූ හින්දු පූජකවරුන් රැසක් සිටියා සීතාවන් සමඟ. පැහැදිලිව කිවහොත් මෙය විශාල කර්තව්‍යයක්. ඒක එහෙම වූයේ හුදෙකලාව තනි පුද්ගලයකු ඉදිරියේ දෙන දිවුරුමක් නොවීමයි.
සීතාවන්ගේ එක් පසෙකින් සිටියේ රාම කුමරු. අනෙක් පසින් රාමගේ පිරිවර. සීතාවන් වැරුදිද, නිවැරැදිද යන්න දැනගැනුමට සිටි ඉන්දීය පිරිස. අග්නි පූජාවේ අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන දිවුරුම පිළිබඳ වන තීරක මණ්ඩලය. ඒ සමඟම ආරාධනා කර ගෙන්වූ දෙවි දේවතාවන්. අනෙක් පසින් හෙළ දිවයින. ඒ තුළ සිටි රාවණා නිරිඳුන්. රාවණාගේ පිරිවර.
මේ දිවුරුම හරහා තවත් පරීක්‍ෂාවක් කෙරුණා. එනම්, හෙළයන් කාන්තාවන් කෙරෙහි දක්වන්නාවූ ආකල්පයන්, ගෞරවයන්, සිල් රැකීමේ මහඟු ගුණයන්, ඉවසීම, සංවරකම, ආධ්‍යාත්මික ගුණවගාව, පාරිශුද්ධතාව වැනි කාරණා ඒ අතරට විශේෂ වූවා. මෙම සීතාවන්ගේ අග්නි පූජාව සීතාට වඩා වැදගත් වූයේ රාවණා මහ නිරිඳුන්ටයි. ඒවා මේ හේතු නිසයි.
රාවණා නිරිඳුන්ගේ පිතෘවරයා විදියට සැලකිය හැකියි මහ ශිව දෙවිඳු. හෙළයේ ආදිතම ශක්තිවන්තයා වනුයේ මහා ශිවයි. මහා ශිව දෙවිඳුන්ගේ යෝග ධර්මයන් වඩවලා, මහා ශිව දෙවිඳුන්ගේ ක්‍රියාකාරිත්ව හෝ උපයෝගී කරගනිමින් ශක්ති වැඩූ අයෙක් තමයි මහා රාවණා. අද හින්දූන් අතර භාවිත වන ප්‍රබල මන්ත්‍රයක් වනුයේ ශිව තාණ්ඩව මෙම ශිව තාණ්ඩව නිර්මාණය වනුයේ රාවණා නිරිඳුන් හරහා. ඒ මහා ශිව ශක්තියේ අනුහසින්. ශිව තාණ්ඩව අරුත්බරයි.
ශිව තාණ්ඩවෙන් රාවණා නිරිඳුන් කියා සිටිනුයේ තමන්ගේ පරපුරේ මහා නිර්මාතෘ ආදිතමයා වන මහා ශිව දෙවිඳුන් පිදීමේ බලගතු මන්ත්‍රය ගැන. මෙම මන්ත්‍රය වඩවන යෝග ධර්මවලදී මහා ශිව යෝගය, ශිව දෙවියන් වෙනුවෙන් වඩවනවා. මෙම ශිව ශක්ති යෝගය ප්‍රබලව වැඩවූ මහා රාවණා නිරිඳුන්, දෙවියන්ගේ දිව්‍යමය ශක්තියත්, දිව්‍යමය ගුණයත්, දිව්‍යමය ආශීර්වාදයත් නොඅඩුව අරගත්තා. මෙන්න මේ හේතුව මත රාවණා නිරිඳුන්ගේ පිතෘවරයා මහා ශිව දෙවියන් කියලා හැඳින්වීමට හැකියි.
ලබන සතියට...
අරුණඩේල් විජේරත්න

0 comments:
Post a Comment