ඔහු මනාප ඡන්ද 1,73,993 ක් ලබාගෙන ඇති අතර එක්‌සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ
ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා මනාප ඡන්ද 96,619 ක් ලබාගෙන ඇත.
එක්‌සත් ජනතා නිදහස් සන්ධානයෙන් මොනරාගල දිස්‌ත්‍රික්‌කයට තරග කළ කුමාරසිරි රත්නායක මහතා මනාප ඡන්ද 59,285 ක් ලබාගෙන ඇති අතර එම පක්‍ෂයෙන්ම තරග කළ උදාර විජයමුණි සොයිසා මහතා මනාප ඡන්ද 48,512 ක් හිමිකරගෙන ඇත.
බදුල්ල දිස්‌ත්‍රික්‌කයට එ.ජා.ප.යෙන් තරග කළ ආර්. වේලායුදන් මහතා මනාප ඡන්ද 30,457 ක් ලබාගෙන ඇති අතර ජයන්ත කන්නන්ගර මහතා මනාප ඡන්ද 28,290 ක් ද උපාලි සමරවීර මහතා මනාප ඡන්ද 28,229 ක් ද හිමිකරගෙන තිබේ.
මොනරාගල දිස්‌ත්‍රික්‌කයට එජාපයෙන් තරග කළ ආනන්ද කුමාරසිරි මහතා මනාප ඡන්ද 24,421 ක්‌ද, එච්. එම්. ධර්මසේන මහතා මනාප ඡන්ද 18,400 ක් ද, ජානක තිස්‌ස කුට්‌ටිආරච්චි මහතා 18,265 ක් ද ලබා ඇත.
බදුල්ල දිස්‌ත්‍රික්‌කයට එජනිසයෙන් තරග කළ අනුර විදානගමගේ මහතා මනාප ඡන්ද 59,316 ක් ද චාමර සම්පත් දසනායක මහතා මනාප ඡන්ද 34,337 ක් ද සෙන්දිල් තොණ්‌ඩමන් මහතා මනාප ඡන්ද 31,854 ක් ද හිමිකරගෙන තිබේ.
2009 වසරේ අගෝස්‌තු මස 08 වැනිදා පැවැති පළාත් සභා මැතිවරණයේදී එජනිසයෙන් තරග කළ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා මනාප ඡන්ද 1,36,697 ක් ද, එජාපයෙන් තරග කළ හරීන් ප්රනාන්දු මහතා මනාප ඡන්ද 36,996 ක් ලබාගෙන තිබිණි.
ඌව පළාත් සභා මැතිවරණයේ වැඩිම මනාප ලාභියා වෙමින් බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් එජාප මන්ත‍්‍රී හරීන් ප්රනාන්දු මහතා මනාප 173,993ක් ලබා සිටී. එජාපය එම පළාත් සභාවට ආසන අටක් දිනා ගත් අතර සන්ධානය ආසන නවයකුත් ජවිපෙ එක් ආසනයකුත් දිනා ගත්තේය.
එජනිස මනාප
01. අනුර විදානගමගේ – 53916
02. සම්පත් දිසානායක – 34337
03. සෙන්තිල් තොණ්ඩමන් – 31858
04. සුදර්ශන දෙනිපිටිය 28187
05. ඒ.එම්. බුද්ධදාස 25193
එජාප මනාප
01. හරීන් ප‍්‍රනාන්දු – 173,993
02. වේලායුධන් රුද්‍රජීවන් – 30457
03. උපාලි සමරවීර – 28229
ජවිපෙ
01. සමන්ත විද්‍යාරත්න – 14,161
මෙවර පැවති ඌව පළාත් සභා මැතිවරණයේදී එජාප මහ ඇමති අපේක්‍ෂක හරීන් ප්රනාන්දු මහතා විසින් පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ වාර්තාවක් තබා ඇත.
ඒ පක්ෂයේ ඡන්ද ප්‍රමාණයට සාපේක්ෂව ලැබූ වැඩිම මනාප ප්‍රතිශතය ලබා ගනිමිනි.
බදුල්ලෙන් එජාපයට ලැබුණු ඡන්දවලින් හරීන් ප්රනාන්දු මහතා 88% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබේ.
මෙම වාර්තාවට මීට පෙර හිමිකම් කියුවේ සන්ධානයේ වයඹ පළාත් මහ ඇමති අපේක්ෂකයා වූ දයාසිරි ජයසේකර මහතා වන අතර ඔහු 62.22% ක ප්‍රතිශතයක් ලබා ගෙන තිබින.
0 comments:
Post a Comment