ඉන්දීය සිනමාවේ මෙන්ම දේශපාලනයේ ද තාරකාවක් වන තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනී ජයලලිතා ජෙයරාම් දූෂණ චෝදනා යටතේ පැවරුණ නඩු විභාගයක දී ඇයට එරෙහි චෝදනාවලට වැරදිකාරිය හැටියට තීන්දු කෙරිණ.
මේ අනුව මහ ඇමතිවරිය වසර හතරක සිර දඬුවමකට යටත් කෙරුණ අතර ඊට අතිරේකව ඉන්දියානු රුපියල් කෝටි සීයක දඩයක් ද නියම කරනු ලැබුණි.
එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ බැංගලෝර් නගරයේ විශේෂ අධිකරණයක් විසිනි.
හෙළි නොකරන ලද ක්‍රියාමාර්ග වලින් ඇමෙරිකානු ඩොලර් කෝටියක පමණ මුදල් සම්භාරයක් උපයා ගැනීම සම්බන්ධයෙනුයි, මහ ඇමැතිවරියට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබ තිබුණේ.
රුපියල් කෝටි සීයක දඩයක්
වසර දහ අටක කාලයක් විභාගයට ගනු ලැබීමෙන් අනතුරුවයි, නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ.
මේ නඩු තීන්දුවත් සමඟ ජයලලිතාට මහ ඇමති පදවියෙන් ඉවත් වීමට සිදු වනු ඇත.
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟ උසාවි භූමියේ රැස් වී සිටි ජයලලිතාගේ ආධාරකරුවන් හඬා වැළපෙමින් විලාප නගන්නට පටන් ගත් බවයි වාර්තා වන්නේ.
ජයලලිතාගේ ආධාරකරුවන් සහ ප්‍රතිවාදී දේශපාලන පක්ෂ වල ආධාර කරුවන් අතර ගැටුම් ඇති වූ බවත් ඉන්දියානු වාර්තා මගින් පැවසෙයි.

0 comments:
Post a Comment