ප්රශ්නය - ඒ කියන්නේ ඡන්දෙන් පස්සේ තීරණාත්මක සටන ආරම්භ කරනවා?
පිළිතුර - සටන අරඹනවා කියන්නේ අපිට යූ.එන්.පී. එක දිනවන්න කටයුතු කරනවා මිසක් ආණ්ඩුවට ඕනෑ විදියට කටයුතු කරන්න බෑ. මේක මේ කරන්නේ මාධ්‍ය කොන්ත්‍රාත් එකක්. මාධ්‍ය මුදලාලිලාට අවශ්‍ය දේවල් කරන්න දෙන්න බැහැ.
පහුගිය ඉරිදා ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් මෙහෙම කියන්නේ රවි කරුණානායකය.
ප්රශ්නය - එහෙනම් මොකද්ද මෙතැන තියෙන ප්රශ්නය?
පිළිතුර - ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් ඉෂ්ට කරනවා මාධ්‍ය මුදලාලිලා දෙන්නෙක්. ඒක හරිම පැහැදිලියි. ඒක මුළු රටම දන්නවා. අවශ්‍ය නම් නම් කියන්න පුළුවන්. ඒ මාධ්‍ය මුදලාලිලා දෙන්නා ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් ඉටු කිරීම සඳහා ඒ හරහා වෙනත් ලාභ ප්‍රයෝජන තියෙන නිසා විපක්ෂය දෙකඩ කිරීමේ ව්‍යාපෘතියක යෙදිලා ඉන්නවා.
පහුගිය ඉරිදා ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් මෙහෙම කියන්නේ විජේදාස රාජපක්ෂය.
ආණ්ඩුවේ කොන්ත්‍රාත් ඉටුකරන විපක්ෂයේ මළගම වෙනුවෙන් වැඩ කරන මාධ්‍ය මුදලාලිලා ගැන කතා කරන්න ලංකාදීප පුවත්පත මේ අවස්ථාවේ අවධානය යොමු කිරීම ගැන ඇත්තටම ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනෑය. මොකද ඇත්තම කිව්වොත් ආණ්ඩුව අද තමන්ට ඕන ඕන දේවල් බය නැතිව කරන්නේත් යූ.ඇන්.පී. එක පහළටම වැටිලා තියෙන්නේත් මේ මාධ්‍ය මුදලාලිලාගේ ක්‍රියාකලාපය නිසාය. ලංකාදීප පුවත්පත පහුවෙලා හරි ඒක අවබෝධ කරගත්ත එක ලොකු දෙයක්ය.
විජේදාස රාජපක්ෂ නම් කියන්නේ තමන්ට අවශ්‍ය නම් මේ මාධ්‍ය මුදලාලිලාගේ නම් ගම් වුණත් කියන්න පුළුවන් කියලාය. හැබැයි පුළුවන් කිව්වාට විජේදාස ඒ නම් ගම් කියලා නැත. විජේදාසට කියා ගන්න බැරි වුණු ඒ නම් ගම් රටේ ජනතාව දැනගන්න ඕනෑය. ඇත්තම කිව්වොත් රටේ ජනතාව දැන ගන්න ඕනෑ මේ මාධ්‍ය මුදලාලිලාගේ ඉතිහාසයත් එක්කය.
ඉතින් විජේදාසට නම් ගම් එක්ක කියා ගන්න බැරිවුණු ඒ මාධ්‍ය මුදලාලිලාගේ පැටිකිරිය හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස මෙලෙස ගෙන එන්න අපි තීරණය කළෙමු.
මේ රටේ මාධ්‍ය මුදලාලිලාගේ කුප්‍රකට කුමන්ත්‍රණ නිසා වැඩියෙන්ම පහර කෑවේ වෙන කවුරුත් නොව අනගාරික ධර්මපාලතුමාය. අනගාරික ධර්මපාලතුමා කියන්නේ ජාතික වීරයෙකි. මේ ජාතික වීරයාට ශ්‍රී ලංකාව දාලා යන තැනට වැඩ සැලැස්සුවේ වෙන කවුරුත් නොව විජයවර්ධන මාධ්‍ය මුදලාලිලාගේ ලේක්හවුස් එකය. එදා ලේක්හවුස් පත්තරවලින් අනගාරික ධර්මපාලතුමාට වට කරලා ගැහුවේය. අපහාස කළේය. නින්දා කළේය. සිංහලයන් අවදි කරවන්න, බෞද්ධයන් අවදි කරවන්න, අධිරාජ්‍යවාදීන් එළවා දමන්න අනගාරික ධර්මපාලතුමා ගෙන ගිය සටනට එරෙහිව හිටිය ලොකුම හතුරා වෙන කවුරුවත් නොව විජයවර්ධන මාධ්‍ය මුදලාලි සහ ලේක්හවුස් එකය. විජයවර්ධන මාධ්‍ය මුදලාලිගේ හා ලේක්හවුස් එකේ මඩ ප්‍රහාර නිසා අනගාරික ධර්මපාලතුමා ශ්‍රී ලංකාව ගැන කලකිරී අන්තිමට ඉන්දියාවට ගියේය. අනගාරික ධර්මපාල නමැති ජාතික වීරයාව ශ්‍රී ලංකාවෙන් එළවා ගත්තේ විජේදාස නම නොකියපු මෙන්න මේ විජයවර්ධන මාධ්‍ය මුදලාලිය.
ජේ.ආර්. රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉල්ලද්දී මේ විජයවර්ධන මාධ්‍ය මුදලාලි තමන්ගේ ලේක්හවුස් පත්තර යොදාගෙන ජේ.ආර්.ට දිගින් දිගටම ගැහුවේය. ඒකට හේතුව ජයවර්ධන පවුල මේ මාධ්‍ය මුදලාලිගේ විජයවර්ධන පවුලට එරෙහිව දේපොළ නඩුවක් පවරා තිබීමය. මේ දේපොළ නඩුව නිසා කෝපයට පත් විජයවර්ධන මාධ්‍ය මුදලාලි තමන්ගේ පත්තරවලින් ජේ.ආර්.ට පහර ගැහුවේ ජේ.ආර්.ගේ දේශපාලන ජීවිතය ඉවර කරන්න තමන්ට පුළුවන් වෙයි කියලා හිතාගෙනය.
අනගාරික ධර්මපාලතුමාව රටින් පන්න ගත්තාට පස්සේ විජයවර්ධන මාධ්‍ය මුදලාලි අත ගහන්නේ ඩී.බී. ජයතිලකව රටින් පන්නා ගැනීමේ මෙහෙයුමටය. ඩී.බී. ජයතිලක කියන්නේ මෙරට නිදහස් සටනේ පතාක යෝධයෙකි. නිදහස් ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම අගමැති පුටුවේ වාඩි වෙන්න නියමිතව හිටියේ ඩී.ඇස්. සේනානායක නොව ඩී.බී. ජයතිලකය. හැබැයි විජයවර්ධන මාධ්‍ය මුදලාලි මැදිහත්වෙලා ඩී.බී. ජයතිලක ඉන්දියාවේ මහකොමසාරිස් කරලා ඉන්දියාවට යවන්න කුමන්ත්‍රණය කළේය. විජයවර්ධන මාධ්‍ය මුදලාලිට ඕනෑ වෙලා තිබුණේ තමන්ගේ නෑයා වෙච්ච ඩී.එස්. සේනානායක අගමැති පුටුවේ වාඩි කරවන්නය. ඒ සඳහා ඩී.බී. ජයතිලකව විනාශ කිරීමේ මෙහෙයුම විජයවර්ධන මාධ්‍ය මුදලාලි හීන් නූලෙන් ක්‍රියාත්මක කළේය. අවසානයේදී ඩී.බී. ජයතිලක අකාලයේ මිය ගියේය. ඩී.ඇස්. සේනානායක අගමැති පුටුවේ වාඩි වුණේය. විජයවර්ධන මාධ්‍ය මුදලාලිගේ කුමන්ත්‍රණය සාර්ථක වුණේය.
විජයවර්ධන මාධ්‍ය මුදලාලි ඊළඟට අත දාන්නේ ඩඩ්ලි අගමැති කරන මෙහෙයුමටය. ඩී.ඇස්. මැරුණාට පස්සේ හරි විදියට අගමැතිකම ලැබෙන්න නියමිතව තිබුණේ සර් ජෝන්ටය. හැබැයි විජයවර්ධන මාධ්‍ය මුදලාලිට අයත් ලේක්හවුස් එකේ පත්තර පොල් ගෙඩි අකුරෙන් හෙඩ්ලයින් දැම්මේ 'ඩඩ්ලි අගමැති ඩඩ්ලිට තමයි වැඩි කැමැත්ත' කියලාය. සර් ජෝන්ට ලැබෙන්න තිබ්බ අගමැතිකම සර් ජෝන්ගෙන් කොල්ලකාලා ඩඩ්ලිට දෙන්න විජයවර්ධන මාධ්‍ය මුදලාලි ගහපු ප්ලෑන් එක සාර්ථක වුණේය. ඩී.ඇස්.ගේ මරණයෙන් පස්සේ ඩඩ්ලි අගමැති වූයේය.
තමන්ගෙන් අගමැතිකම කොල්ලකන්න විජයවර්ධන මාධ්‍ය මුදලාලිත් ලේක්හවුස් එකත් කරපු කුමන්ත්‍රණය හා කැත වැඩ ගැන සර් ජෝන් ලියපු පොතේ සහසුද්දෙන්ම තිබේ. විජයවර්ධන මාධ්‍ය මුදලාලි තමන්ගේ අරමුණ ඉෂ්ට කර ගන්න කරපු මේ කුමන්ත්‍රණය නිසා එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ ලොකු අර්බුදයක් ඇතිවුණේය. 56දී එක්සත් ජාතික පක්ෂය පරද්දලා බණ්ඩාරනායකට බලයට එන්න එක්සත් ජාතික පක්ෂය ඇතුළේ තිබ්බ මේ අර්බුදය ලොකු උදව්වක් වුණේය. ඉතින් එහෙම බලන කොට යූ.ඇන්.පී. ආණ්ඩුව වට්ටවලා 56දී බණ්ඩාරනායකට බලයට එන්න පාර හදා ගන්න විජයවර්ධන මාධ්‍ය මුදලාලි ලොකු සේවයක් කරලා තිබේ. විජයවර්ධන මාධ්‍ය මුදලාලි ලේක්හවුස් පත්තර පාවිච්චි කරලා සර් ජෝන් හා ඩඩ්ලි අතර ගැටුමක් හැදුවේ නැත්නම් 56දී බණ්ඩාරනායකට බලයට එන්න බැරි වෙන්න ඉඩ තිබුණේය. හැබැයි විජයවර්ධන මාධ්‍ය මුදලාලි යූ.ඇන්.පී. එකේ අභ්‍යන්තර සමඟිය නැති කරපු නිසා 56දී බණ්ඩාරනායක ලේසියෙන්ම බලයට ආවේය.
බණ්ඩාරනායක බලයට ආවට පස්සේ තමන්ට ඕනෑ දේවල් බණ්ඩාරනායකගෙන් ඉටු කරගන්න බැහැ කියලා තේරුණාම විජයවර්ධන මාධ්‍ය මුදලාලි කළේ තමන්ගේ ලේක්හවුස් පත්තර යොදාගෙන බණ්ඩාරනායකට මඩ ගහපු එකය. බණ්ඩාරනායක යුරෝපීය ඇඳුම් ඇඳගෙන බලු ප්‍රදර්ශනයකට යන පින්තූර මුල් පිටුවේම පළකරමින් විජයවර්ධන මාධ්‍ය මුදලාලි බණ්ඩාරනායකව පතුරු ගැහුවේය. බණ්ඩාරනායකට එරෙහිව වෛරයක් ගොඩනැඟුවේය. සෝමාරාම අතින් අන්තිමට බණ්ඩාරනායක ඝාතනය වෙන්නේ විජයවර්ධන මාධ්‍ය මුදලාලි ගොඩනැඟූ මේ වෛරයේ ප්‍රතිඵලයක් විදියටය.
ඊට පස්සේ මේ විජයවර්ධන මාධ්‍ය මුදලාලි අත දාන්නේ 60 - 65 මැතිනිගේ ආණ්ඩුව පෙරළන්නය. මැතිනි පත්තර පනත ගෙනා වෙලාවේ මැතිනිගේ ආණ්ඩුව පරද්දන්න විජයවර්ධන මාධ්‍ය මුදලාලි අත දිග හැරලා වියදම් කළේය. මැතිනිගේ ආණ්ඩුවේ අයව බාගන්න විජයවර්ධන මාධ්‍ය මුදලාලි ලෝබ නැතිව වියදම් කරපු හැටි ඇන්.ඇම්.ලා, කොල්වින්ලා ඒ දවස්වල ප්‍රසිද්ධියේ කිව්වේ සාක්කි සාධක ඉදිරිපත් කරමින්ය.
මේ විජයවර්ධන මාධ්‍ය මුදලාලි නිසා 65 - 70 යූ.ඇන්.පී. ආණ්ඩුව ඇතුළේ ගැටුම් රැසක් ඇතිවුණේය. විජයවර්ධන මාධ්‍ය මුදලාලිට ඕනෑ වුණේ ඩඩ්ලිව ඉස්සරහට ගේන්නය. ඒකට ලොකුම බාධාව වෙලා තිබුණේ ජේ.ආර්.ය. ඒ නිසා විජයවර්ධන මාධ්‍ය මුදලාලි තමන්ගේ ලේක්හවුස් පත්තර යොදාගෙන ජේ.ආර්.ට නැති වෙන්න ගැහුවේය. ඩඩ්ලිට ජේ.ආර්. ගැන කේලාම් කියා ඩඩ්ලි හා ජේ.ආර්. තරහ කළේය. එදා ඩඩ්ලි හා සර් ජෝන් අතර ගැටුමක් ඇති කළා වාගේ විජයවර්ධන මාධ්‍ය මුදලාලි ඩඩ්ලි හා ජේ.ආර්. අතර ගැටුමක් ඇති කළේය. ඒකෙන් අන්තිමට වුණේ එක්සත් ජාතික පක්ෂය දුර්වල වුණු එකය. විජයවර්ධන මාධ්‍ය මුදලාලි එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සමඟිය විනාශ කිරීමේ අවසන් ප්‍රතිඵලය වුණේ 70දී මැතිනි බලයට ඒමය. විජයවර්ධන මාධ්‍ය මුදලාලි ඩඩ්ලි - ජේ.ආර්. ගැටුම හැදුවේ නැතිනම් 70දී මැතිනියට තුනෙන් දෙකේ බලයක් එක්ක ලේසියෙන් දිනන්න ලැබෙන්නේ නැත. විජයවර්ධන මාධ්‍ය මුදලාලි යූ.ඇන්.පී. එක ඇතුළේ හදපු ගැටුම් නිසා මැතිනිට බලයට එන්න පාර කැපුණේ ඔන්න ඔය විදියටය.
මැතිනි බලයට ආවාම මැතිනිගෙන් තමන්ට ඕනෑ දේවල් ඉටු කරන්න බැරි වුණාම විජයවර්ධන මාධ්‍ය මුදලාලි මැතිනිටත් ගහන්න පටන් ගත්තේය. හැම ගහටම කොට කොටා යන කොට්ටෝරුවාට කෙහෙල්ගහට කොටපු දාට හොට පැටලෙනවා කිව්වා වාගේ විජයවර්ධන මාධ්‍ය මුදලාලිට කෙළවුණේ මැතිනිට ගේම් දෙන්න ගියාමය. විජයවර්ධන මාධ්‍ය මුදලාලිගේ පැටිකිරිය දැනගෙන හිටිය මැතිනි කළේ 72දී ලේක්හවුස් එක රජයට පවරා ගැනීමය. රටේ ආණ්ඩු වට්ටන්න, පක්ෂ කඩන්න, නායකයන් භේද කරන්න විජයවර්ධන මාධ්‍ය මුදලාලිට තවදුරටත් ඉඩ නොතබන්න මැතිනි ලේක්හවුස් එක රජයට පවරා ගත්තාය. මැතිනිගේ ඒ තීරණයත් එක්ක විජයවර්ධන මාධ්‍ය මුදලාලිගේ පස්ස බිම ඇනුණේය.
77දී මැතිනි පැරැදිලා ජේ.ආර්. බලයට ආවාට පස්සේ විජයවර්ධන මාධ්‍ය මුදලාලි ජේ.ආර්.ව හම්බවෙන්න ගිහිල්ලා ලේක්හවුස් එක තමන්ට ආපහු ඉල්ලුවේය. හැබැයි මැතිනි රජයට පවරා ගත්ත ලේක්හවුස් එක ජේ.ආර්., විජයවර්ධන මාධ්‍ය මුදලාලිට ආපහු දුන්නේ නැත. ජේ.ආර්., විජයවර්ධන මාධ්‍ය මුදලාලිට ආපහු ලේක්හවුස් එක නොදුන්නේ සර්පයා කවුද කියලා ජේ.ආර්. හොඳින්ම දැනගෙන හිටපු නිසාය. එක්සත් ජාතික පක්ෂ නායකයන් භේදභින්න කරලා පක්ෂය විනාශ කරන්න විජයවර්ධන මාධ්‍ය මුදලාලි ගහපු ප්ලෑන් සියල්ල ජේ.ආර්. දැනගෙන හිටියේය. ඒ නිසා විජයවර්ධන මාධ්‍ය මුදලාලිට ජේ.ආර්.ගෙන් කිසිම සමාවක් නොලැබුණේය. අන්තිමේදී ජේ.ආර්.ගේ කකුල් දෙක ළඟ වැටිලා අඬලා අඬලා විජයවර්ධන මාධ්‍ය මුදලාලි ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනය ජේ.ආර්.ගෙන් ඉල්ලා ගත්තේය. විජයවර්ධන මාධ්‍ය මුදලාලි ලංකාදීප පුවත්පත පටන් ගත්තේ ජේ.ආර්.ගෙන් වැඳලා ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනය ඉල්ලා ගත්ත නිසාය.
ජේ.ආර්.ගේ අනුකම්පාව නිසා තමන්ට ලැබුණු ලංකාදීප පුවත්පත යොදාගෙන විජයවර්ධන මාධ්‍ය මුදලාලි ආපහු ජේ.ආර්.ටම ගහන්න පටන් ගත්තේය. ඒකට හේතුවක් වුණේ ජේ.ආර්. ලේක්හවුස් එක ආපහු විජයවර්ධන මාධ්‍ය මුදලාලිට දෙන්න බැහැ කියපු එකය. අනෙක් හේතුව විජයවර්ධන මාධ්‍ය මුදලාලිට ඕනෑ විදියට ජේ.ආර්.ව නටවන්න බැරි වීමය. ඒ නිසා විජයවර්ධන මාධ්‍ය මුදලාලි කළේ ජේ.වී.පී. එක පාවිච්චි කරමින් ජේ.ආර්.ට පහර ගැහීමය. ඒ දවස්වල විජයවර්ධන මාධ්‍ය මුදලාලි ලංකාදීප පුවත්පතේ ජේ.වී.පී. එක උඩටම ඉස්සුවේය. ඒ ජේ.වී.පී. එකට ආදරේට නොව ජේ.ආර්.ට පහර ගහන්නය.
89දී ප්‍රේමදාස බලයට ආවාට පස්සේ විජයවර්ධන මාධ්‍ය මුදලාලි ප්‍රේමදාසගේ පස්සෙන් ආවේය. කුරුණෑගල වැවිලි සමාගම, රාජ්‍ය බැංකුවල චෙක් මුද්‍රණය කරන කොන්ත්‍රාත්තුව විජයවර්ධන මාධ්‍ය මුදලාලිට ලැබුණේ ප්රේමදාසගෙන්ය. ප්‍රේමදාසගෙන් කරගන්න ඕන හැමදෙයක්ම කරගෙන විජයවර්ධන මාධ්‍ය මුදලාලි ප්‍රේමදාසට පස්ස හැරෙව්වේය. තමන්ගේ පත්තර යොදාගෙන ප්‍රේමදාසට නින්දිත විදියට පහර ගැහුවේය. ප්‍රේමදාස එළවන්න ලලිත්-ගාමිණී ගෙනා දෝෂාභියෝගයටත් විජයවර්ධන මාධ්‍ය මුදලාලි ලොකු සහයෝගයක් දුන්නේය. එදා ලලිත් හා ගාමිණී එක්සත් ජාතික පක්ෂයෙන් කැඩිලා නොගියා නම් 93දී දකුණු පළාත් සභාව පොදුජන එක්සත් පෙරමුණට ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ නැත. එහෙම නොවුණා නම් 94 මහ මැතිවරණ ප්‍රතිඵලය හා 94 ජනාධිපතිවරණ ප්‍රතිඵලය හුඟක් වෙනස් වෙන්න ඉඩ තිබුණේය. ඉතින් එහෙම බලනකොට 17 අවුරුදු එක්සත් ජාතික පක්ෂ පාලනය බිඳ වැටෙන්න විජයවර්ධන මාධ්‍ය මුදලාලි ලොකු හේතුවක් වුණේය. විජයවර්ධන මාධ්‍ය මුදලාලිට එක් වරක් ප්‍රේමදාස ප්‍රසිද්ධියේම අභියෝග කළේ 'උඹ දැන ගනින් විජයවර්ධන... උඹේ ඔය සල්ලිවලට බැහැ ප්‍රේමදාසව වට්ටන්න...' කියලාය. විජයවර්ධන මාධ්‍ය මුදලාලි එක්සත් ජාතික පක්ෂයට කළ විනාශය ගැන ප්‍රේමදාස හිටියේ ඒ තරමටම කේන්තියෙනි.
94දී විජයවර්ධන මාධ්‍ය මුදලාලිගේ සහාය ලැබුණේ යූ.ඇන්.පී. එකට නොව චÂද්රිකාටය. විජයවර්ධන මාධ්‍ය මුදලාලිගේ ලංකාදීප පුවත්පත චÂද්රිකාගේ ගුණ වැනුවේය. හැබැයි බලයට ආවාට පස්සේ චÂද්‍රිකා මේ විජයවර්ධන මාධ්‍ය මුදලාලිව සත පහකට ගණන් ගත්තේ නැත. විජයවර්ධන මාධ්‍ය මුදලාලි චÂද්රිකාගෙන් ඉල්ලපු රේඩියෝ, ටී.වී. ලයිසන් මොනවාවත් චÂද්‍රිකා විජයවර්ධන මාධ්‍ය මුදලාලිට දුන්නේ නැත. ඒ නිසා විජයවර්ධන මාධ්‍ය මුදලාලි චÂද්‍රිකා එක්කත් වෛර බැඳ ගත්තේය.
2001දී ගාමිණී අතුකෝරළගේ මැදිහත්වීමෙන් චÂද්රිකාගේ ආණ්ඩුව පෙරළලා රනිල්ගේ ආණ්ඩුව බලයට ආපු වෙලාවේ විජයවර්ධන මාධ්‍ය මුදලාලි රනිල් ළඟට එන්න ට්‍රයි කළේය. 2001 ඡන්දය කරන වෙලාවේදී රනිල්ට උදව් කළේ සිරස මාධ්‍ය ජාලය විතරය. රනිල් ළඟ හිටිය අය විජයවර්ධන මාධ්‍ය මුදලාලිගේ දෙපිටකාට්ටු වැඩ ගැන දැනගෙන විජයවර්ධන මාධ්‍ය මුදලාලිට රනිල්ට සමීප වෙන්න ඉඩ දුන්නේ නැත. ඒ නිසා විජයවර්ධන මාධ්‍ය මුදලාලි ආපහු චÂද්‍රිකා ළඟට ගියේය. මංගලත් එක්ක ඩීල් දැම්මේය. ඒ ඩීල්වල ප්‍රතිඵලයක් ලෙස 2001 පත්වෙච්ච යූ.ඇන්.පී ආණ්ඩුව පෙරළා දමන සටනට විජයවර්ධන මාධ්‍ය මුදලාලිත් එකතු වුණේය. විජයවර්ධන මාධ්‍ය මුදලාලි ඒ සටනට එකතු වුණේ තමන්ගේ ලංකාදීප හා ද සන්ඩේ ටයිම්ස් කියන පුවත්පත්වලින් සටන් විරාම ගිවිසුමත්, එක්සත් ජාතික පක්ෂයත් දැඩිව විවේචනය කරමින්ය. සටන් විරාම ගිවිසුමට ගැහුවාම රනිල්ටත්, යූ.ඇන්.පී. එකටත් රිදෙන්න වදින බව විජයවර්ධන මාධ්‍ය මුදලාලි හොඳින්ම දැනගෙන හිටියේය. ඒ නිසා විජය පුවත්පත් සමාගමේ පත්තර යොදාගෙන සටන් විරාම ගිවිසුම පතුරු ගැහුවේය.
එක් වරක් චÂද්‍රිකා කිව්වේ සටන් විරාම ගිවිසුම ගැන ඇත්ත ලියන්නේ ලංකාදීප පුවත්පත විතරයි කියලාය. චÂද්‍රිකා විජයවර්ධන මාධ්‍ය මුදලාලිගේ ලංකාදීප පුවත්පතට චරිත සහතිකයක් දුන්නේ එහෙමය. ඊට පස්සේ චÂද්රිකාත්, මංගලත්, ජේ.වී.පී. එකත් විජයවර්ධන මාධ්‍ය මුදලාලිගේ සහයෝගය ඇතිව යූ.ඇන්.පී. ආණ්ඩුව පෙරළලා සන්ධාන ආණ්ඩුව පිහිටුවූහ. ඊට පස්සේ විජයවර්ධන මාධ්‍ය මුදලාලි දිගින් දිගටම සන්ධාන ආණ්ඩුවට සහාය දුන්නේය. තමන්ගේ ලංකාදීප, ඩේලිමිරර්, ද සන්ඩේ ටයිම්ස් කියන පත්තර තුන හරහා ආණ්ඩුවේ කොන්ත්‍රාත් හැම එකක්ම ඉටු කළේය. ඒකට ප්‍රතිඋපකාර හැටියට ආණ්ඩුවේ බැංකුවල චෙක් මුද්‍රණය කරන කොන්ත්‍රාත් එක විජයවර්ධන මාධ්‍ය මුදලාලිට ලැබුණේය.
ඒ විදියට ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරමින් ඉන්න අතරතුර විජයවර්ධන මාධ්‍ය මුදලාලිට තමන්ගේම කෙනකු යූ.ඇන්.පී. එකේ නායකත්වයට ගෙනාවොත් හොඳයි කියලා හිතුණේය. රුවන් විජයවර්ධන කල එළි බහින්නේ එහි ප්‍රතිඵලයක් විදියටය. රුවන්ව උඩට ගන්න නම් එක්සත් ජාතික පක්ෂයේ ඉන්න තරුණ මන්ත්‍රි පිරිස විනාශ කරන්න ඕන කියලා විජයවර්ධන මාධ්‍ය මුදලාලිට තේරුම් ගියේය. ඒ නිසා බුද්ධිකට, සුජීවට, දයාසිරිට ලංකාදීප පත්තරෙන් නැති වෙන්න ගැහුවේය. සමහරුන්ව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අයින් කෙරෙව්වේය. සමහරුන්ව විනය පරීක්ෂණවලට පටලවලා ඔවුන්ට පක්ෂය එපා කෙරෙව්වේය. එහෙම කරලා රුවන්ට අභියෝගයක් වන තරුණ නායකයන් ටික පැත්තකට දම්මවලා නායකත්ව මණ්ඩලයේ සාමාජිකත්වයත් අරන් දුන්නේය. විජයවර්ධන මාධ්‍ය මුදලාලි තමන්ගේ පෞද්ගලික අරමුණු සපුරා ගන්න එක්සත් ජාතික පක්ෂය අගාධයකට ගෙන ගියේ ඔන්න ඔය විදියටය.
දැන් විජයවර්ධන මාධ්‍ය මුදලාලිට තියෙන්නේ සජිත් ගැන මාරක භීතිකාවකි. විජයවර්ධන මාධ්‍ය මුදලාලි හිතන්නේ රුවන්ට යූ.ඇන්.පී. එකේ නායකත්වයට එන්න තියෙන ලොකුම බාධාව සජිත් කියලාය. ඉතින් විජයවර්ධන මාධ්‍ය මුදලාලිත් ඔහුගේ ලංකාදීප පුවත්පතත් මේ දවස්වල වැඩි වේලාවක් වෙන් කරලා

0 comments:
Post a Comment