කොල්ලුපිටිය හන්දිය ආසන්නයේ ඇති මේ කියන තරු තුනේ හෝටලය වැඩි වශයෙන් විදේශිකයන්ට සති ගණනක් එක දිගට රැඳෙන්නට කාමර වෙන්වන්නකි. මේ හෝටලය පස් මහල් ගොඩ නැගිල්ලක පිහිටා ඇතත් එහි තෙවැනි මහල වෙන්ව ඇත්තේ පාරම්පරික තායි සම්බාහන ආයතනයක් වෙනුවෙනි. එය ඒ අය හඳුන්වන්නේ සිරුරුට සිරුර තෙරපමින් කරන සම්බාහනයක් ලෙසිනි.
මේ සම්බාහන ආයතනයට ඇතුළුවීමට ඇත්තේ වෙනම දොරටුවකි. ඒ දොරටුව ඇත්තේ ගොඩනැගිල්ලෙහි බිම් මහලෙනි. විදුලි සෝපානයක් එහි ඇති අතර එම සෝපානය ඇත්තේද විශේෂයෙන්ම තුන්වැනි මහලට ගමන් කරන්නටය.
සාමාන්‍යයෙන් සම්බාහනයන් සිදුවන්නේ විවෘත හෝ අර්ධ විවෘත කාමරයක් තුළය. එහෙත් මේ තැන සම්බාහන සිදුවන්නේ සුඛෝපභෝගී කාමරයක් තුළය. එම කාමරය වායු සමනය කර ඇති නවීන අංගෝපාංගවලින් සමන්විත නාන කාමරයකින්ද සැදුම් ලද්දකි. සම්බාහනයේ නිරතවන තායි කාන්තාවන් නවාතැන් ගෙන සිටින්නේද ඒ කාමරය තුළය. ඒ අයගේ ඇඳුම් පැළඳුම් ඇත්තේද කාමරයේය. රට බිම වර්ග, ආහාර වර්ග ආදියද කාමරයේ ඇත්තේ ඒවා යම් මුදලක් ගෙවා මිලදී ගන්නටය.
මෙහි එවන් කාමර හයකි. ඒ සෑම කාමරයකම තායි කාන්තාවක් සිටියි. මේ අය මෙරටට එන්නේ සංචාරක වීසා මගිනි. ඒ පැමිණ පාරම්පරික තායි සම්බාහන ලේබලයෙන් සැබෑ ලෙසම ඒ අය නිරත වන්නේ ගණිකා වෘත්තියේ බව පසුගියදා පොලිසිය කළ වැටලීමකදී සොයා ගන්නට හැකි වී ඇත. පොලීසිය පවසන ආකාරයට මෙහි සම්බාහනයක් සිදුවන්නේ නැත. එහෙත් ඒ නමින් ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචියක්ද මේ අය ලබාගෙන ඇත්තේ මෙම ජාවාරම කරගෙන යන්නටය. මෙය, කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලෙහි කලකට ඉහත පවත්වාගෙන ගිය ජිනා මැඩම්ගේ සුපිරි ගණිකා මඩම ආකාරයේම සුපිරි ගණිකා මඩමක් බව පෙනී යයි.
මෙම ගණිකා මඩම පවත්වාගෙන යන්නේ කොරියානුවෙකි. මෙරට කෝටිපතියෙකුද ඊට හවුල් බව සඳහන්ය. එම කෝටිපතියා මෙරට ප්‍රබල දේශපාලනඥයෙකුගේ ආරක්ෂක නිලධාරියෙකු සමග දැඩි හිතවත්කමක් පවත්වන්නෙකු බවද පැවසේ. ඒ හිතවත්කම හේතුවෙන් මේ තැනට පොලීසිය අත තබන්නට දක්වා ඇත්තේ බියකි. ඒ එම ආරක්ෂකයා උදහසට ලක්වුවහොත් තමන්ගේ තරුපටි ගැලවෙතැයි ඇති බියටය.
කාලයක් ජිනා මැඩම් තම සුපිරි ගණිකා නිවාසය පවත්වාගෙන ගියේ ද බලවතුන්ගේ සම්බන්ධකම් ඇතිවය. ඒ තැනට මැති ඇමැතිවරුන්, පොලීසියේ ලොකු උදවිය, ආරක්ෂක අංශවල බලවතුන් වැනි ඉහළ පැලැන්තියේ බොහෝ අය ආවේ ගියේ ඒ බලපුළුවන්කාරකමටය. පොලීසිය ඒ තැනට කඩාවදින්නේ නැති බව දන්නා නිසාය. ආයුර්වේද සම්බාහන බෝඩ් ලෑල්‍ලේ මුවාවෙන් පවත්වාගෙන ගිය මේ තැනටද එවැනි ආරක්ෂාවක් තිබූ බැවින් පොලීසිය ඒ පැත්ත පළාතේ ගියේ නැත. ඒ නිසාම කිසිදු බියක් සැකක් නොමැතිව බොහෝ අය ඒ තැනට ආවෝය. දේශපාලනඥයන්, ආරක්ෂක අංශවල සාමාජිකයන්, ක්‍රීඩකයන් ආදී සමාජයේ විවිධාකාර අය එහි පැමිණ ඇති බව මේ වනවිට හෙළිදරව් වී තිබේ. ඒ සම්බාහනයට නොව තායි ගණිකාවන්ගේ පහස ලබා ගන්නටය.
මේ තැනට ඉකුත් වසරේ මෙවන් කාල වකවානුවක ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කඩා වදින්නේ ලද තොරතුරකට අනුවය. ඒ සංචාරක වීසා මගින් මෙරටට පැමිණි තායි කාන්තාවන් පිරිසක් එහි සම්බාහනයේ නිරතව සිටින බවට ලැබුණු තොරතුරකිනි. සංචාරක වීසා මගින් පැමිණ රැකියාවන්වල නිරතව සිටින්නට කිසිදු සංචාරකයෙකුට හැකියාවක් නැත. ඒ සඳහා රැකියා වීසා ලබාගත යුතුය. මේ තැන ආගමන විගමන නිලධාරීන් වටලන්නේ ඒ පිටුපස සිටින බලවතා ගැන නොදැනය. සංචාරක වීසා මත මෙරටට පැමිණි තායි කාන්තාවන් 12 දෙනෙකු එහිදී ආගමන විගමන නිලධාරීන් විසින් අල්ලා මෙරටින් පිටුවහල් කිරීමටද එදා වග බලා ගත්තේය. ඒත් සමගම මාස තුනකට මේ තැන වැසී ගියේය. නැවත තායි තරුණියන් එහි ගෙන්වාගෙන වැඩ පටන්ගන්නා විට ආගමන විගමන බලධාරීන් ඒ බව දැන සිටියත් ඒ පැත්ත පළාතේ ගියේ නැත්තේ නිකරුනේ අතපුච්චගන්නට බැරි නිසා වන්නට පුළුවන.
එහෙත් එතැන් සිට තවත් වසරකට ආසන්න කාලයක් ගෙවී යන තැන මෙම ස්ථානයට කඩා වදින්නේ පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන බළකායේ නිලධාරීන්ය. මෙම බළකාය ඇත්තේ පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේය. ඒ වන විට පොලිස්පතිවරයාට මේ ස්ථානය ගැන බොහෝ බුද්ධි වාර්තාද ලැබි තිබි ඇත. මධ්‍යම දූෂණ මර්දන බළකායේ නිලධාරීන් මේ සුපිරි ගණිකා මඩම වටලන්නට යන්නේ ආවට ගියාට නොවේ. යම් සැලසුමකට අනුවය. ඒ සම්බාහන බෝඩ් ලෑල්ලෙන් ආවරණය වෙමින් මේ තැන සිදුවන්නේ ගණිකා ජාවාරමක් බව ඔප්පුකරන්නට හැකි විදිහක් ද සැලසුම් කරමිනි.
මෙම ස්ථානයට රිංගන්නට උපාය දූතයෙකු ලෙස රඟපාන්නට ව්‍යාපාරිකයෙකු ද සොයා ගන්නේ ඒ අනුවය. ඔහු එම තැනට යන එන අයෙකු බවද සඳහන් වේ. එම ව්‍යාපාරිකයාගේද සහය ඇතිව දූෂණ මර්දන බළකායේ
නිලධාරීන් මෙම ගණිකා මඩම ගැන තවත් විස්තර සොයන්නට ගත්තේය. මේ ස්ථානයේ වැඩ පටන් ගන්නේ දහවල් 12.00 ට බවත් වැඩ හමාර වන්නේ උදෑසන හයට බවත් හෙළිවන්නේ එවිටය. මෙහි සේවයේ නිරත තායි කාන්තාවන්ට විවේකයක් ලැබෙන්නේ නම් ඒ උදේ හයේ සිට දහවල් දොළහ දක්වා පමණි.
මේ තැනට වැඩි හරියක් පැමිණෙන්නේ නිතර යන එන ගණුදෙනුකරුවන්ය. ආගන්තුකයෙකු පැමිණි විට ඔහු ගැන ඉතා සූක්ෂ්ම ලෙස තොරතුරු සොයන්නට මෙහි සිටින අය අමතක නොකරති. එකවරම තායි කාන්තාවන් ඒ අයට ලබා දෙන්නේද නැත.
මේ ස්ථානයට බිම් මහලෙන් ඇතුළුවූ තැන සිට සෝපානයෙන් තුන්වන මහලට පිවිස පිළිගැනීමේ නිලධාරිනිය සිටින තැනට එන තුරුත් කාමරයට ඇතුළුවන තැන දක්වාත් ආරක්ෂක කැමරාවලින් නිරීක්ෂණය කෙරෙන්නේ එම ගණිකා නිවාසයේ පාලකවරයා විසිනි. ඔහු ශ්‍රී ලාංකිකයෙකි. කැමරා සවිකර ඇත්තේද බැලූ බැල්මට නොපෙනෙන්නට රහසිගතවය. ඒ බිත්ති අලංකරණයට ඇති මල් වැල් අතර සඟවාය.
එකී ආරක්ෂක කැමරාවලින් නිරීක්ෂණය වී කිසිදු සැකයක් ඇති නොවන්නට තුන්වැනි මහලට ගියද ඒ සැනින් තායි කාන්තාවකගේ පහස ලබා ගන්නට නොහැකිය. පිළිගැනීමේ නිලධාරිනිය හමුවී වේලාවක් වෙන්කර ගත යුතුය. ඒ ඒ තරමටම මෙහි සිටින තායි ගණිකාවන්ට දැඩි ඉල්ලුමක් ඇති බැවිනි. වෙන්කළ වේලාවද ඒ මොහොතේ ලැබෙන්නේ නැත. එය ලැබෙන්නේ දුරකථන ඇමතුමකිනි. එම වේලාවට විනාඩි දහයක් පහළොවකට පෙර එහි ආ යුතුය. ඒ පැමිණ ඇතුළත්වීමේ ගාස්තු ලෙස රුපියල් 8,500 ක් ගෙවිය යුතුය. තායි කාන්තාවක් ලැබෙන්නේ එවිටය. එහිදී එම කාන්තාව සමග පැය එකහමාරක කාලයක් කාමරයේ රැඳෙන්නට අවකාශ ලැබෙනු ඇත. කම්සැප විඳින්නට නම් ඇයට අවම වශයෙන් තවත් රුපියල් 5,000 ක් වත් ලබා දිය යුතුය. ඒ මුදල රුපියල් 10,000 දක්වා ඉහළ යන අවස්ථාද නැතුවාම නොවේ. කම්සැප ලැබෙන්නේ එම මුදලේ තරමටය.
මෙහි එක් කාන්තාවක් අවම වශයෙන් දිනකට දස දෙනකුටවත් සේවය සපයන බව දූෂණ මර්දන බළකායේ සොයා බැලීම්වලදී අනාවරණය විය. කාන්තාවන් හය දෙනෙකු එහි සේවය සපයයි. ඒ හය දෙනා දවසකට පුද්ගලයන් හැට දෙනෙකුට සේවය සපයන බව ඒ අනුව පෙනී යයි. රුපියල් 8,500 බැගින් ඇතුළත්වීමේ ගාස්තුවක් අය කරන බැවින් මෙම මධ්‍යස්ථානයේ දිනක ආදායම රුපියල් ලක්ෂ පහ ඉක්මවනු ඇත. ඒ අනුව බැලීමේදී මාසික ආදායම රුපියල් කෝටිය ඉක්මවයි.
නවාතැන්, ආහාර පාන ද සමග මෙහිදී තායි කාන්තාවකට මෙහි සේවයේ නිරත වීම වෙනුවෙන් ලැබෙන්නේ රුපියල් ලක්ෂයක් වැනි මාසික වැටුපකි. එහෙත් ඒ අය කාමරයේදි ලබාගන්නා මුදල මුළුමනින්ම හිමිවන්නේ ඒ අයටය. එම මුදල අවම රුපියල් 5,000 ක් යැයි සැලකුවහොත් දිනකට එක් කාන්තාවක් දස දෙනෙකුට සපයන සේවාව වෙනුවෙන් ලැබෙන මුදල රුපියල් 50,000 ක් වනු ඇත. මාසයකට ඒ අයට වැටුප ලෙස ලැබෙනුයේ රුපියල් ලක්ෂයක් පමණක් වුවද කාමරයේදී ලැබෙන මුදලත් සමග එක් කාන්තාවකට අවම වශයෙන් ලැබෙන මුදල රුපියල් ලක්ෂ දහසයකි.
මෙයට අමතරව මේ ස්ථානයේ කාන්තාවන්ගේ පහස පුද්ගල කණ්ඩායම්වලට එකවර ලබා ගැනීමේ පහසුකම්ද සපයා තිබේ. ඒ පැකේජ් මිලකටය. ඊට අවස්ථාව ලැබෙන්නේ රාත්‍රි 12 න් පසුවය. ඒ එක් පැකේජයක් ලක්ෂ පහක් දහයක් තරම් ඉහළය. කණ්ඩායමක් වශයෙන් එහි පැමිණ එම පැකේජයට අනුව සීමාවක් නොමැතිව තායි කාන්තාවන් සමග හැසිරෙන්නට පුළුවන. බොහෝ අවස්ථාවල ඇතැම් සමාගම්වල විධායක නිලධාරීන් තම ආයතනයේ විධායක නිලධාරීන්ගේ වා්රෂික සුහද හමු පවත්වන්නේ මේ ස්ථානයේ බවද අනාවරණය වී තිබේ. ඒ කෑම බිම සමග කම් සැපද තම සගයන්ට ලබාදෙමිනි. ප්‍රකෝටිපති ව්‍යාපාරික පුතුන් සහ දේශපාලනඥයන්ගේ පුතුන් තම මිතුරන් සමග විනෝද වන්නටද මේ පැකේජ් ක්‍රමය යොදා ගන්නා බවද සඳහන්ය.
ඒ අනුව මෙම සුපිරි ගණිකා මඩමේ තරම හිතා ගත් මධ්‍යම දූෂණ මර්දන බළකායේ වැඩ බලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර සහ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය යන මහත්වරුන් සිය මෙහෙයුම පටන් ගන්නේ උපාය දූතයා ලෙස යොදාගත් ව්‍යාපාරිකයා සුපිරි මෝටර් රථයක නංවා මෙම ස්ථානයට 15 වෙනිදා සවස 3.00 පමණ පිටත්කර යවමිනි. ඔහු සමග කොස්තාපල් ධනංජයව යවන්නේ ඇතුළත තොරතුරු රැස්කර ගන්නටය.
සියලු ආරක්ෂක මුර කපොලු පසුකරමින් එහි ගොස් නැවත පැමිණි ඒ දෙදෙනාට වේලාව ලැබෙන්නේ එදින සවස 5.30 ටය. නියමිත වේලාවට විනාඩි 15 කට පෙර එහි යන ව්‍යාපාරික උපාය දූතයා රුපියල් 8500 ක මුදලක් ගෙවා කාන්තාවක් සමග කාමරයට වැදුනේය. එතැන් සිට එහි සිදුවන සෑම දෙයක්ම ව්‍යාපාරිකයාගේ සිරුරේ අටවා තිබුණු රහස් කැමරාවක පටිගත වන්න විය. එහි සම්බාහනයක් නොව ගණිකා ජාවාරමක් සිදුවන බවට ඔප්පු කළ හැකි සියල්ල පටිගතවන තුරු ඒ තැනට කඩා වදින්නට ගාලු පාරේ රැඳී සිටි සහකාර පොලිස් අධිකාරී ලූෂන් සූරිය බණ්ඩාර සහ පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය ඇතුළු කණ්ඩායමට සංඥාවක් නිකුත් නොකරන්නට ව්‍යාපාරිකයා වගබලා ගත්තේය. නියමිත වේලාවට ඒ සංඥාව නිකුත් වන්නේ ජංගම දුරකථනයෙනි. පොලිස් කණ්ඩායම ඒත් සමග ඒ තැනට කඩා පැන්නේය. කාමරවල සිටි තායි කාන්තාවන් මෙන්ම ඒ අය සමග සිටියවුන් සියල්ලක්ම සිය භාරයට ගත්තේය. ඊට අමතරව එම තායි කාන්තාවන්ගේ පාලිකාව වූ පනස් පස් වියැති කාන්තාවකද පොලිස් භාරයට ගත්තේය. ඇය සමග එහි සිටි තායි කාන්තාවන්ගේ ගණන හතකි. ඒ අයගෙන් එම කාන්තාවට සහ තවත් කාන්තාවකට හැරුණු කොට වෙන කිසිවෙකුටත් මෙරට රැඳී සිටීමට වීසා තිබුණේ නැත. සෙසු පස්දෙනාම සිටියේ සංචාරක වීසා මගින් මෙරටට පැමිණය. ඒ අය දූෂණ මර්දන බළකායේ නිලධාරීන් හමුවේ පවසන්නට වූයේ සම්බාහනය ගැන පුහුණුවක් ලැබිමට තායිලන්තයේ සිට පැමිණි බවය. සොයා බැලීමේදී අනාවරණය වන්නට වූයේ ඒ අය තායිලන්තයේ වෘත්තීමය ගණිකාවන් බවය. එම කාන්තාවන්ට අමතරව පිළිගැනීමේ නි,ධාරිනිය ලෙස මෙහි සේවය කළ තරුණියද තම භාරයට ගන්නට පොලිස් කණ්ඩායම පියවර ගත්තේය. ඒ තරුණිය අම්බලන්තොට පැත්තේ තැනැත්තියකි.
මෙම තායි කාන්තාවන්ගේ පහස ලබන්නට පැමිණ සිටි අය අතර සෞදි ජාතිකයන් දෙදෙනෙකුද සිටියේය. ඒ අය ලංකාවට ඇවිත් තිබුණේ එදාමය. ඒ එක් අයෙකු විසි දෙවතාවක් ලංකාවට ආගිය අයෙකි. ඒ සෑම වරකම මේ තැනට ඔහු පැමිණ ඇති බවද මෙහිදී අනාවරණය විය. ඊට අමතරව මෙහි සිටියවුන් අතර විදෙස් අධ්‍යාපන ලබන කොළඹ හතේ පදිංචිව සිටින ව්‍යාපාරිකයන්ගේ පුතුන් දෙදෙනෙක්ද, කෝටිපති ව්‍යාපාරිකයෙක්ද සිටියෝය. ඒ අයගේ අනන්‍යතාව සටහන්කර ගැනීමෙන් අනතරුව මුදාහරිනු ලැබූ දූෂණ මර්දන බළකා නිලධාරීන් තායි කාන්තාවන් හත්දෙනා ඇතුළු සෙසු පිරිස අත්අඩංගුවට ගන්නේ ගණිකා ජාවාරමේ නිරත වීමේ සහ ඊට අනුබලදීමේ වරදටය.

0 comments:
Post a Comment