යූ.ඇන්.පී.යේ මොකද වෙන්නේ...?'
මෙහෙම අහන අයට දෙන්න හොඳම උත්තරය එස්.බී. යූ.ඇන්.පී.යේ ඉන්න කාලයේ සන්ඩේ ලීඩර් පුවත්පතට කියපු කතාව කියවන්න කියන එකය.
'අපි යුද්ධයක් නේ කළේ...'
එස්.බී. ඒ කතාව පටන් ගත්තේ එහෙමය.
ඔහු කතා කරන්නේ 1991-92 අතර කාලය ගැනය. ප්‍රේමදාසට එරෙහිව ලලිත් සහ ගාමිණී ගෙන ආ දෝෂාභියෝගය අසාර්ථක වෙලා ප්‍රේමදාස ආණ්ඩුව හිටියේ ශක්තිමත්වය. විපක්ෂය හිටියේ වැටිලාය. 1991 පුංචි ඡන්දයෙන් අන්ත ලෙස පරාජිත වූ ශ්‍රීල.නි.ප.යද හිටියේ වැටිලාය. ජ.වි.පෙ. නමවත් කියන්න මිනිස්සු බය වී සිටියහ. මේ එස්.බී. කියන කතාවය.
'මම ඒ කාලයේ තරුණ මන්ත්‍රිවරයෙක්. අලවි මවුලානා, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, අ.ම. කරුණාරත්න, නන්දිමිත්ර ඒකනායක එකතු කරගෙන මම ප්‍රේමදාසගේ ආණ්ඩුවට එරෙහිව විරෝධතා සංවිධානය කරනවා. ලක්ෂ්මන් කිරිඇල්ල, ධර්මසිරි සේනානායක, අනුරුද්ධ රත්වත්ත, කේ.බී. රත්නායකත් මගේ වැඩේට උදව් කරනවා. මේ තමයි බණ්ඩාරනායක මැතිනිය නායකත්වයෙන් අයින් වෙලා අනුරට නායකත්වය දෙන්න ඕනෑ කියල මතයක් පක්ෂයේ පැතිර යන කාලය. මේ මතයට පක්ෂ ලේකම් ජේ.ආර්.පී. සූරියප්පෙරුම, සී.වී. ගුණරත්න, මහින්ද රාජපක්ෂ, දි.මු. ජයරත්න සහාය දුන්නා. මට අනුර එක්ක ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒත් මම හිතුවා පක්ෂ නායකත්වය අනුරට ගියොත් පක්ෂය ඉවරයි කියල. මෙන්න මේ කාලයේ තමයි චන්ද්‍රිකා ලන්ඩනයේ සිට නිවාඩුවකට ලංකාවට ඇවිත් මට හමු වුණේ. ඒ වෙලාවේ ඇය කිව්වා කවදාවත් මැතිනියවත් අනුරවත් පක්ෂයේ ඉන්න අනෙක් අයවත් ඇය ශ්‍රීල.නි.ප.යට යළි එනවාට කැමැති වෙන එකක් නැහැ කියල. ඇයව මට හඳුන්වල ඒ හමුව ලෑස්ති කළේ රාජිත.
කොහොම හරි මම බණ්ඩාරනායක මැතිනිය නායකත්වයේ සිටිය යුතුය කියන මතයේ ඉද්දී කේ.බී. රත්නායකයි, අනිල් මුණසිංහයි රහසේ මැතිනියව හමුවෙලා අනුරට නායකත්වය දෙන්න මැතිනියව එකඟ කර ගත්තා. ඇය වහාම හදිසි පක්ෂ සම්මේලනයක් කැඳවලා අනුරට පක්ෂ සංවිධාන පවරන්න තීරණය කළා. ඇය ඒ වෙනකොටත් පක්ෂ සභාපතිකමෙන් ඉවත් වෙලා සභාපතිකමත් අනුරට පවරන්න තීරණය කරලයි තිබුණේ. ඇය හිතුවේ පක්ෂය තුළ තියෙන මත ගැටුම නිසා පක්ෂය පුපුරයි කියලා. මැතිනිය අනුර අතට පක්ෂය දෙන්න එකඟ වුණේ ඇයව ජනාධිපති අපේක්ෂක කරන පොරොන්දුව මතයි. මේ වෙනකොටම මහින්ද රාජපක්ෂ, හේමකුමාර නානායක්කාර, දි.මු. ජයරත්න, අනිල් මුණසිංහ, බර්ටි දිසානායක, අනුරත් එක්ක එකතු වෙලා රට වටේ යන්න පටන් ගත්තෙ. හැබැයි මේ යන රැස්වීම්වල මැතිනිය ජනාධිපති අපේක්ෂකයා කියන කතාව ගැන කවුරුවත් වචනයක් කීවේ නැහැ. මැතිනියට ඇගේ කට්ටිය ඇවිත් මේක කිව්වා. ඇය වහාම අනුර රට වටා යන රැස්වීම් තහනම් කළා. මේ රැස්වීම්වල අරමුණ අනුරව ජනාධිපති අපේක්ෂකයා කිරීම බව ඇයට තේරුණා.
මේ වෙනකොට අම්මයි, පුතයි අතර ගැටුම් ඇවිළිලයි තිබුණේ. මම හීන් සීරුවේ අලවි මවුලානයි, අ.ම. කරුණාරත්නයි, හේමසිරි ප්රනාන්දුයි එක්ක මැතිනියගේ නායකත්වය ශක්තිමත් කරන්න, චන්ද්‍රිකාව යළි ශ්‍රීල.නි.ප.යට ගේන්න මැතිනිය එකඟ කරගන්න සාකච්ඡා ආරම්භ කළා. මේ වෙනකොට අනුරයි, පක්ෂ ලේකම් සූරියප්පෙරුමයි චන්ද්‍රිකාව යළි පක්ෂයට ගේන එකට තදින් විරුද්ධ වෙලා හිටියා. චන්ද්‍රිකාව ගේන එකට මැතිනියත් එච්චර කැමැත්තක් දැක්වූයේ නැහැ. චන්ද්‍රිකා විජය එක්ක එකතු වෙලා ශ්‍රීල.නි.ප.ය විනාශ කළ බවත්, ඇයව යළි ගත්තොත් අනුර කණ්ඩායම පක්ෂය දෙකඩ කරයි කියලත් ඇය කීවා. ඒත් මම කීවේ මැතිනියගේ නායකත්වය ශක්තිමත් කරගන්න චන්ද්‍රිකාව කොහොම හරි ගමු කියලයි. ඒත් මැතිනිය චන්ද්‍රිකාව ගන්න වැඩේට අදිමදි කළා. ඒ වෙනුවට ඇය චන්ද්‍රිකාව නොගෙන ඇයගේ නායකත්වය ශක්තිමත් කරගන්න මාවයි, නිමල් සිරිපාලවයි, මංගලවයි පක්ෂ මධ්‍යම කාරක සභාවට ගත්තා. මාවයි, නිමල්වයි උප ලේකම්වරුන් ලෙස පත් කළා. සූරියප්පෙරුමව පක්ෂ ලේකම් කමින් ඉවත් කළා. මේ පත්වීම්වලට අනුරයි, මහින්දයි තදින් විරුද්ධ වුණා. එක රැස්වීමක අනුර තදින් කිව්වා සූරියප්පෙරුමව ලේකම් කමේ තියන්න කියලා. මහින්ද කිව්වා සූරියප්පෙරුමව අයින් කරනවා නම් අනුරව ලේකම් කරන්න කියල.
අනුරට එරෙහිව වෙනත් නමක් යෝජනා කරන්න ඔක්කොම බයවුණා. එතකොට මම යෝජනා කළා ධර්මසිරි සේනානායකගේ නම. දෙදෙනා අතර ඡන්දයක් තියන්න තීරණය වුණත් ධර්මසිරි අනුර එක්ක ඡන්දයකට යන්න බැහැ කිව්වා. එතකොට රිචඩ් පතිරණ නැඟිටල කිව්වා එහෙනම් තීරණයක් ගන්නකම් ධර්මසිරිව වැඩ බලන ලේකම් ලෙස සතියකට පත් කරමු කියලා. ඒකට හැමෝම එකඟ වුණා. හැබැයි ධර්මසිරි දිගටම ලේකම්කමේ හිටියා. මේ වෙනකොට අනුර පක්ෂය තුළ දවසින් දවස ශක්තිමත් වෙන්න පටන් ගත්තා. මැතිනියගේ නායකත්වය දුර්වල වුණා. මැතිනියගේ සමීප අයකු වූ යසා ඩී. ලැනරෝල් වගේම පක්ෂ ලේකම් ධර්මසිරිත් තේරුම් ගත්ත, මැතිනියව ශක්තිමත් කරන්න පක්ෂය දිනවන්න චන්ද්‍රිකාව යළි ගේන්න ඕන කියල.
මේ වැඩේට පුවත්පත් කර්තෘවරයකුගෙනුත්, ජේයෂ්ඨ මාධ්යවේදියකුගෙනුත් ලොකු සහායක් ලැබුණා. රාවය කර්තෘ වික්ටර් අයිවන්, ලොකු බලපෑමක් කළා චන්ද්‍රිකාව ගන්න කියලා. ඒ වගේම බී.බී.සී.යේ වරුණ කරුණාතිලක, ලංකාදීපයේ චූලවංශ ශ්‍රීලාල් චන්ද්‍රිකාව ගත යුතුය කියන මතයේ තදින් හිටියා. ඒත් මැතිනිය එකඟ වුණේ නැහැ. මම, ධර්මසිරි, හේමසිරි, අලවි, මංගල උදේ හවා මැතිනියට කරදර කළා මැතිනියට ජනාධිපති අපේක්ෂක වෙන්න නම් චන්ද්‍රිකාව ගේන්න කියල. අවසානයේදී මැතිනිය අපේ බල කිරීමට එකඟ වුණා. මැතිනි කිව්වා ඉස්සෙල්ලාම චන්ද්‍රිකාව හමුවෙලා කතා කරමු කියල. මැතිනිය ඇය හමුවී අවසන් තීරණය ගත්ත රැස්වීම දැම්මේ නුවරඑළියේ. මම නුවරඑළියේ බංගලාවක් බුක් කළා. මේ තීරණාත්මක සාකච්ඡාවට මංගල, ධර්මසිරි, කේ.බී. රත්නායක, අනුරුද්ධ රත්වත්තේට ආරාධනා කළා. හැබැයි අනුරට බයට අනුරුද්ධයි, ධර්මසිරියි, කේ.බී.යි. ආවේ නැහැ. මංගල ආවා. එතැන සාකච්ඡාවේදී මැතිනිය චන්ද්‍රිකාව ගන්න එකඟ වුණා. චන්ද්‍රිකාව අත්තනගල්ලට පත් කරන්නත් එකඟ වුණා. හැබැයි මැතිනිය කිව්වා අනුර එක්ක ප්‍රශ්න ඇති කරගන්න එපා අනුරගේ නායකත්වය යටතේ වැඩ කරන්න ඕනෑ කියලා. චන්ද්‍රිකා එකඟ වුණා. ඇය පක්ෂයට එද්දීම ඇයත් එක්ක මහජන පක්ෂයේ හිටපු රෙජිනෝල්ඩ් කුරේ, ජීවන් කුමාරණතුංග වගේ පිරිසක් පක්ෂයට එක් වෙන්න තීරණය කළා...'
මේ එස්.බී. කිව්ව කතාවය. එස්.බී. කිව්ව වගේම චන්ද්‍රිකාව අත්තනගල්ලට පත් කිරීම ලෙහෙසි වුණේ නැත. චන්ද්‍රිකාගේ පත් කිරීමට එරෙහිව අනුර ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම සංවිධායකයන් අස්සන් කළ ලියුමක් මැතිනියට භාර දෙන්න සැලැසුම් කළේය. ඒත් මැතිනිය බය වුණේ නැත. මැතිනියට ඒ වෙලාවේ ශක්තිය දුන්නේ පක්ෂ ලේකම් ධර්මසිරි සේනානායකය. චන්ද්‍රිකා අත්තනගල්ල සංවිධායකකම භාර ගත්ත දිනයේ අත්තනගල්ලේ මහා රැස්වීමක් පැවැත්විය. ඒ රැස්වීමට අනුර සහ ඔහුගේ සගයෝ වෙනම පෙළපාළියකින් පැමිණ රැස්වීම් භූමියේ යකා නැටූහ. මාධ්‍ය පක්ෂය ඇතුළේ තීරණවලට බලපෑම් කරනවා, පක්ෂය පාලනය කරන්න යනවා යැයි කියමින් රැස්වීම් භූමියේදී මාධ්‍යවේදී චූලවංශට අනුරගේ සගයෝ පහර දුන්හ.
චන්ද්‍රිකා පක්ෂයට යළි ආවේ එහෙමය. චන්ද්‍රිකා ඇවිත් පක්ෂය කැඩුවා කියමින් අනුර ඇතුළු විශාල පිරිසක් එ.ජා.ප.යට එක්වූහ. හැමෝම හිතුවේ ශ්‍රීල.නි.ප.යේ අවසානය එය කියාය. හැබැයි ශ්‍රීල.නි.ප.ය දින්නේ ඉන් පසුවය.
අද සජිත් ප්‍රේමදාසට පක්ෂයේ තැනක් දෙන්න යද්දීත් කරු, රවි, මංගල, විජයදාස රඟපාන්නේ එදා අනුරලා රඟපාපු චරිතය ය. 1991 පුංචි ඡන්දයෙන් වැටුණු මැතිනිය ගොඩගන්න අනුරට බලතල දෙන්න මැතිනිය තීරණය කළා සේ මධ්‍යම සහ වයඹ පළාත් සභා ඡන්දවලින් වැටුණු එ.ජා.ප.ය. ගොඩගන්න රනිල් ජාතික නායකයා වී කරු ඇතුළු නායකත්ව මණ්ඩලය ඉස්සරහට දමන්න තීරණය කළේය. රනිල් එය කළේ නායකත්ව මණ්ඩලය විසින් රනිල්ව ජනාධිපති අපේක්ෂකයා ලෙස ශක්තිමත් කොට රනිල්ව දිනවන්න පක්ෂය ශක්තිමත් කරයි කියලා හිතාගෙනය. කරු හිතුවේ රනිල් තමාව ජනාධිපති අපේක්ෂකයා කරයි කියලාය. ඔහු තම නම යෝජනා කරගන්න නායකත්ව මණ්ඩලය පාවිච්චි කරන්න උත්සාහ කළේය. එතැනදී රනිල් බය විය. නායකත්ව මණ්ඩලය පත් කළාට පසු පැවැති බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්දවලදී ආණ්ඩුවේ ඡන්ද අඩු වුණත් යූ.ඇන්.පී.යේ ඡන්ද වැඩි නොවීය. යූ.ඇන්.පී.යට තම බලකොටුව වූ කොළඹින් 30%ක්වත් ගත නොහැකි විය. 2009 පළාත් සභා ඡන්දයටත් වඩා යූ.ඇන්.පී. ඡන්ද අඩු විය. හැබැයි සජිත්, රාජපක්ෂ බලකොටුව වූ හම්බන්තොටින් ඡන්ද ප්‍රතිශතය වැඩි කර ගත්තේය.
රනිල් සජිත්ව ගන්න හිතුවේ තම අපේක්ෂකත්වය තහවුරු කරගන්නත් සජිත්ගේ ජනප්‍රියත්වය ජනාධිපතිවරණයේදී පාවිච්චි කරන්නටත්ය. කරුලා, මංගලලා, විජේදාසලා, රවීලා එයට එරෙහි වූයේ පොදු අපේක්ෂක ලෙස කරුව හෝ වෙනත් අයෙක් පත්කරන වැඩේ බකල්වෙන නිසාත්, සජිත් පක්ෂයේ ඊළඟ නායක ලෙස මතුවෙන නිසාත්ය. එදා මැතිනිය චන්ද්‍රිකාව ගන්නකොට අනුරලා හිතුවෙත් එහෙමය. එදා ධර්මසිරිගේ චරිතය මෙදා පක්ෂ ලේකම් තිස්ස නියමෙට කළේය. චන්ද්‍රිකා අත්තනගල්ල සංවිධායක කරන රැස්වීමේ අනුර යකා නැටුවා සේ සජිත්ව නියෝජ්‍ය නායකයා ලෙස ප්‍රකාශ කරන පස්සර රැස්වීමේදී රවිලා, විජේදාසලා නැඟිට ගියහ.
'සජිත් චන්ද්‍රිකාවක් වගේ පක්ෂයට ජය ගෙනෙයිද...?'
ඒක කියන්න තවම බැරිය.

0 comments:
Post a Comment