පැහැරගත් ලිබියානු ගුවන් යානාවලින් ඇමරිකාවේ ධවල මන්දිරය, ආරක්ෂක මූලස්ථානය ඇතුළු ප්රධානතම කේන්ද්රස්ථානවලට ප්රහාර එල්ල කිරීමට උත්සාහ කළහොත් අති බිහිසුණු ප්රහාර එල්ල කර එකී යානා විනාශ කරන බව ඇමරිකානු 113 වැනි ගුවන් ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ජොනී වර්ගාස් ප්රකාශ කරයි.
තම 113 වැනි බළකාය සීරුවෙන් සිටින බව හෙළිකර ඇති වර්ගාස් ගුවන් යානා 11 ක් ත්රස්තයන් සතුව ඇති බවට තොරතුරු තමාට ලැබුණු බව ද සඳහන් කර ඇත.
ත්රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන ප්රහාර එල්ල කිරීම සඳහා යොදාගන්නා ගුවන් යානා විනාශ කිරීමට තම බළකාය සතුව අධිතාක්ෂණික අවි ඇතැයි ද ඕනෑම බිහිසුණු තත්ත්වයකට මුහුණදීමට තම බළකායේ නියමුවන් සූදානම් බව ද හෙතෙම තවදුරටත් අනාවරණය කර ඇත.
ඇමරිකාවට තර්ජනයක් එල්ල කරන්නන් සහමුලින්ම විනාශ කරලීමට තමන් වෙත ඉහළ ස්ථානයකින් බලය පවරා ඇති බව ද ඔහු හෙළිකර තිබේ.
ත්රස්තවාදීන් විසින් ටි්රපොලි ගුවන්තොටුපළේ තිබී පැහැරගත් යානා 11 අතර එයාර් බස් යානා 10 ක් ද ඇති බව අනාවරණය වී ඇත.

0 comments:
Post a Comment