මියගිය සීයා මවට එල්ලකරන මරණ තර්ජන ළග අසරණ වූ පුංචි ධනුෂ්ක
ධනුෂ්ක පුතු ඉගෙන ගන්නෙ පාසලේ පස්වෙනි ශ්‍රේණියේ. ටික දවසක ඉඳල ධනුෂ්කගෙ හැසිරීම් වෙනස් වීගෙන එන බවක් ඔහුගෙ මවුපියන්ට වැටහෙමින් තිබුණා.
සමහර වෙලාවට ධනුෂ්ක හේතුවක් පෙනෙන්නෙ නැතිව බය වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මාස ගණනකට පෙර මියගිය ධනුෂ්කගේ සීයා කිහිප දිනක් පිට පිටම වගේ ඔහුට සිහිනෙන් පෙනුණු අතර ඉන්පසු දිවා කල සෙල්ලම් කර කර ඉන්න අතරෙත් අම්මේ අර සීයා ඉන්නවා. සීයා මං දිහා තරහින් බලන් ඉන්නවා. මට බයයි වැනි දේ කියන්න පටන් ගත්තා.
මෙහිදී ධනුෂ්කගේ දෙමවුපියන් මඳක් තැති ගත්තා. ඒ නිසාම පුතුට ආරක්ෂා නූලක් බැන්දෙව්වා.
ඒත් ධනුෂ්කගේ බිය නැති වුණේ නෑ. ඊට හේතුව සීයා ඔහු ඉදිරියේ පෙනී හිඳිමින් විවිධ දේවල් කිරීම සඳහා අණ කිරීමයි.
අර උස ගහට නැගලා පැනපං බිමට.
වැවට පැනපං
ආදි වශයෙන් සීයා අණ කළ හැම දෙයක්ම මාරාන්තික දේවල් වුණා. මෙයින් ධනුෂ්ක තවත් බියට පත් වූ අතර ඔහුට ඒවා කරන්නට කිසිදු හැකියාවක් තිබුණෙත් නෑ.
උඹ මං කියන ඒවා කළේ නැත්නම් මං මරන්නෙ උඹව නමෛයි උඹේ අම්මව.
ධනුෂ්ක අධික කම්පනයකට පත් වූයේ සීයාගේ මේ ප‍්‍රකාශයෙනුයි. පියා මරණයෙන් පසු මළ යකෙකු වී ඉපිද තම පවුලේ පළි ගන්නට පැමිණ හිඳින බවක් ධනුෂ්කගේ මවුපියන් වටහා ගත්තා. ඒ අනුව ධනුෂ්කගේ මුළු පවුලේත් ආරක්ෂාව තකා ඉක්මනින්ම නිවසේ තොවිලයක් සංවිධානය කළේ මේ යක්ෂාත්මය බෝතලයක දමා දුර බැහැර ප‍්‍රදේශයක ගංගාවකට ගෙන ගොස් දැමීමේ අරමුණ ඇතිවයි.
ආයෙ ඉතින් කවදාවත් උන්දැට ගොඩඒමක් නෑ. කට්ටඩියා තොවිලය අවසානයේ පැවැසූ විට ධනුෂ්කගේ මවගේ දෑසින් කඳුළු කඩාවැටුණා.
මොනවා වුණත් ඒ මගෙ තාත්තනේ. දැන් ඉතින් තාත්තා කල්ප ගණනක් ගොඩ එන්න බැරුව දුක් විඳී. ධනුෂ්කගේ මව කිව්වා.
ඒකට ඉතින් කරන්න දෙයක් නෑ. මැරිච්ච මනුස්සයා මළා. දැන් අපි හිතන්න ඕනෙ ජීවත් වෙලා ඉන්න උදවිය ගැන ධනුෂ්කගේ තාත්තාගේ පිළිතුර වුණේ එයයි.
මේ විදිහට ටික දවසක් ගත වුණා. තමන්ගේ පිට දිගේ ගොළුබෙල්ලන් හැකරැුල්ලන් වැනි සතුන් නලියන බවක් ධනුෂ්කට දැනුණා. ඔහු බියවී කෑගැසුවා.
අම්මේ මගේ පිටේ ගොළුබෙල්ලෙක් යනවා.
පුතුගේ මේ කෑගැසීමට බිය වූ මව ධනුෂ්කගේ පිට හරවා බැලූවත් ගොළුබෙල්ලෙක් තියා කූඹියෙක්වත් හිටියෙ නෑ. ගොළුබෙල්ලා බිම වැටුණාදැයි සිතා ඒ අසල පොළව පරීක්ෂා කර බැලූවත් පේනතෙක් මානයක එවැනි සතෙක් හිටියෙත් නෑ. නමුත් ධනුෂ්ක දවසට කිහිප වතාවක්ම එවැනි සතුන් පිට දිගේ යන බව කියමින් මවට කරදර කරන්නට වුණා.
මේ ගැටලූ නිසා දැන් ධනුෂ්කගේ පාසල් යාමත් ඇනහිටලා. කට්ටඩියා මොන විදිහට කට මැත දෙඩුවත් මියගිය පියා තවමත් තමන්ගේ නිවස අසල හොල්මන් කරනවා විය හැකි බවයි ධනුෂ්කගේ මවුපියන්ට සිතුනේ.
හිටි ගමන් ධනුෂ්කගේ මනසට තවත් බියකරු සිතුවිල්ලක් ඇති වුණා. ඒ තම මවට කවුරුන් හෝ අනතුරක් කරාවි යන බයයි. මේ නිසා ඔහු අම්මව කවුරුහරි මරයි කියමින් මව අසලින් සෙලවෙන්නේවත් නැතිව මව අසලටම වී සිටියා. නිවසට දන්නා කියන කෙනකු පැමිණියත් ධනුෂ්ක මවට එළියටවත් යාමට නොදී කෑ ගසමින් මවගේ අතින් ඇදගෙන කාමරයකට දමා දොර වසන්නට පටන් ගත්තා.
මව නිවස අසල කඩයකට ගියත් ධනුෂ්ක කුඩයක් ඉහලාගෙන මවගේ මුහුණ වැසෙන සේ එය රැුගෙන මව හා යන්නට වුණා. අන්තිමේ මවට තමන්ගේ එදිනෙදා කටයුතුවලට පවා ධනුෂ්කගේ මේ ක‍්‍රියා කලාපය නිසා ඇති වුණේ විශාල බාධාවක්. ඔවුන් වඩාත්ම බියට පත් වුණේ ධනුෂ්ක නිතරම කුඩා පිහියක් තම කලිසම් සාක්කුවේ දමාගෙන හිඳිනු දැකීමෙනුයි. ඒ කුමට දැයි මව විමසූ විට ධනුෂ්ක කීවේ මව අසලට කවුරුන් හෝ කිට්ටු වුණොත් ඒ පුද්ගලයාව ඇන මරා දැමීමට පිහිය ළග තබාගෙන හිඳින බවයි. ඔහු නින්දට ගියේත් පිහිය කොට්ටය යට තබාගෙනයි. මව පිහිය ඉවත් කර තිබුණොත් නින්දෙන් ඇහැරුනු පසු ඔහු දැඩිව කලබල කරන්නට වුණා.
හිටි ගමන් ධනුෂ්ක ගේ ඇතුළෙ මලපහ කරන්නට පටන් ගත්තා. දිනක් ඔහු කොට්ටයෙහි උරය ගලවා ඒ තුළත් මලපහ කළා.
මේ වගේ අමුතුම විදිහේ හැසිරීම් රටාවක් පළ කළ ධනුෂ්කට තොවිල් පිට තොවිල් කළත් පළක් නැති බව ධනුෂ්කගේ මවුපියන් වටහා ගත්තේ ඒ වන විට ඔහුට තුන් වරක්ම තොවිල් කර තිබූ නිසයි.
ඒ කිසිවකින්වත් ධනුෂ්කගේ හැසිරීම් රටාවන් හෝ සිතුවිලි අල්පමාත‍්‍රයකින්වත් වෙනස් කරන්න බැරි වුණා. ධනුෂ්කව විශේෂඥ මනෝ වෛද්‍ය වරයකුට පෙන්වූයේ බැරිම තැනදීයි.
ධනුෂ්කට වැළඳී තිබුණේ මානසික ආබාධයක්. එය භූතයකුගේ හෝ යක්ෂයකුගේ නැතහොත් වෙනත් අමනුෂ්‍යයකුගේ බලපෑමක් නොවෙයි. මේ මානසික ආබාධය හඳුන්වන්නේ ළමා සයිකෝ සියාව ලෙසින්.මෙවැනි රෝග ජානමය බලපෑම් හේතුවෙන් වගේම ඒ කිසිවක් නැතිව වුණත් වැළෙක්‍ෂන්න පුළුවන්. ධනුෂ්කට සීයාව දර්ශනය වීම සීයාගේ කටහඩ ඇසීම වැනි දේවල් සිදුවුණේ මේ රෝගයේ ලක්ෂණයක් වන ශ‍්‍රව්‍ය භ‍්‍රාන්ති සහ දෘෂ්‍ය භ‍්‍රාන්ති නිසයි. ඒ වගේම විවිධ වැරදි සිතුවිලි තමන්ට දැනීම ( එනම් මවට කිසිවකු අනතුරක් කරාවි වැනි* කිසිසේත් මේ වයසේ දරුවකු නොකරන ආකාරයේ දේවල් කිරීම (කොට්ට උරය තුළට මලපහ කිරීම වැනි* මේ සියල්ල ළමා සයිකෝසියාවේදී ඇතිවන ලක්ෂණයි. මෙයට දිගු කාලීනව මනෝ වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දිය යුතුයි. දැන් සෑහෙන දුරට ධනුෂ්ක සුවපත්ව හිඳිනවා. ඒ වගේම තවමත් ඔහු ප‍්‍රතිකාර ලබමිනුයි ඉන්නේ.

0 comments:
Post a Comment