facebook like

එහෙම කරපු මංගල දැන් මට අභියෝග කරන්නත් එනවා --- සජිත් ප්‍රේමදාස උත්තර දෙයි

අපේ පක්‍ෂය විනාශ කළ, පක්‍ෂයේ අභිමානවත් ඉතිහාසය නොදන්නා, රටේ බහුතර පාක්‍ෂිකයන්ගේ සිතුම් - පැතුම් හඳුනා ගැනීමට අසමත් හා පක්‍ෂයේ නව ප්‍රවණතා නොඉවසන මංගල සමරවීර මහතා වැනි පුද්ගලයකුගේ අභියෝග පිළිගැනීමට මා සූදානම් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එහෙත් අප පක්‍ෂයට සැබෑ ලෙස ආදරය කරන, එහි අභිවෘද්ධිය වෙනුවෙන් තමන්ට හැකි අයුරින් කැපවන කවර තරාතිරමේ හෝ පුද්ගලයකුගේ අව්‍යාජ අදහස්වලට නම්‍යශීලීවීමට මා ඕනෑම විටෙක සූදානම් යැයිද මන්ත්‍රිවරයා කියයි.
පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රිවරයා එසේ කියා සිටී.
එම නිවේදනයේ මෙසේද දැක්වේ
සජිත් ප්‍රේමදාස දැන් වැඩකර පෙන්විය යුතු යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා 'සිරිකොත' පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා ඇත. මෙය හරියටම එක්සත් ජාතික පක්‍ෂය ගැනවත්, ප්‍රේමදාසලා ගැනවත්, අඩුම තරමින් තමන් ගැනවත් නිවැරැදි තක්සේරුවක් නැති පුද්ගලයකු හුදු වෛරී සිතුවිලිවලින් යුතුව කළ නිර්මාලාපයකි.


මගේ පියා පක්‍ෂය වෙනුවෙන් දිවි පිදූ වකවානුවට සමකාලීනව ජනපති ප්‍රේමදාස චරිතය ඝාතනය කිරීමටත්, එක්සත් ජාතික පක්‍ෂය හා එවකට පැවැති එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විනාශ කිරීමටත් කරළියට ආ ප්‍රධාන චරිතයක් ලෙස මංගල සමරවීර මහතා හඳුනා ගත හැකි විය. දිවංගත ගාමිණී දිසානායක මැතිතුමා හා මගේ පියා අතර කෙබඳු ගැටලු පැවැතියත් ඒ සියල්ල පසෙකලා 1994 ජනාධිපතිවරණයේදී මා හා ප්‍රේමදාස පවුලේ සාමාජිකයන් දිසානායක මහතා දිනවා පක්‍ෂය දිනවීමට කළ කැපකිරීම අපේ පාක්‍ෂිකයන්ට අමතක නැත.


ඊළඟට එළැඹි 1999 ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ පක්‍ෂ නායකතුමන් ඉදිරිපත් වෙද්දී ඔහුගේ රූපය විකෘති කොට 'මිස්ට බීන්' යනුවෙන් රට පුරා පෝස්ටර් ගසමින් ඊට අනිසි බලපෑමක් කෙළේත්, මාධ්‍ය මඟින් 'රනිල්ට බෑ! කීවේත්, එ.ජා.ප. මන්ත්‍රිවරුන් පිරිසක් ආණ්ඩුවට අෑ¼දා ගැනීමට කටයුතු කෙළේත් අද එක්සත් ජාතික පක්‍ෂයේ ගැලවුම්කරුවා ලෙස පෙනී සිටීමට තැත් කරන මංගල සමරවීර මහතාම වීම දෛවෝපගතය.


වසර 2000 සහ 2001 මහ මැතිවරණවලදී මම එ.ජා.ප.ය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කර පෙන්වීමි. 2001දී අප අසීරුවෙන් පිහිටුවා ගත් ආණ්ඩුව විසිරුවා නොහැරියොත් තමන් රට හැර යන බවට එවක ජනාධිපතිනියට තර්ජනය කළේද අන් කවරෙකු හෝ නොව මංගල සමරවීර මහතාය. 2005දී 'ජනබල මෙහෙයුමට' දිවයිනේ දස දෙසින් අති විශාල ජනතාවක් ඒකරාශි කර ගනිමින් ජනපතිවරණය එම වසරේදීම පැවැත්වීමට අපි බල කළෙමු. එසේ ලබා ගත් ජනාධිපතිවරණයේදී එ.ජා.ප.ය විනාශ කිරීම සඳහා සිරිත් පරිදි 'ගොඩිවන් නොව - මඩින්' සිය යාන්ත්‍රණය ක්‍රියාත්මක කළේද ඔහුය. එහෙත් නොසිතූ විරු ලෙස ජනාධිපතිවරයා ඔහු කැබිනට් ඇමැති ධුරයෙන් නෙරපා දැමීමෙන් පසුව යන එනමං නැතිව, ඔහු එ.ජා.ප.ය තුළට රිංගා ගත්තේ ආණ්ඩුවක් ආ දිනක උප අගමැතිකමද ඉල්ලා සිටිමිනි.


2008 සහ 2009 වසරවල පැවැත්වූ පළාත් සභා මැතිවරණ ව්‍යාපාරයට අදාළ එක්සත් ජාතික පක්‍ෂයේ එකදු මැතිවරණ වේදිකාවකටවත් මංගල සමරවීර මහතා ගොඩනොවූයේ ඒවා පරාජය වේ යැයි කල්වේලා ඇතිවම උපකල්පනය කරමින් ඒ පිළිබඳ වගකීම භාර ගැනීමට අකැමැති වූ නිසාය. එම මැතිවරණ වෙනුවෙන් නගර හා ගම්මානවල ජනහමු 600කට අධික ප්‍රමාණයක් අමතමින් මා කළ කැපකිරීම පක්‍ෂයේ බිම් මට්ටමේ ජනතාව පවා දනී. ඉකුත් දකුණු පළාත් සභා මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් ජනහමු 845ක් ඇමැතීමට මම සමත් වුණෙමි.


මංගල සමරවීර මහතා එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේ 2010 මහ මැතිවරණයට තරග කිරීම සඳහා පිළිගත් පක්‍ෂ අපේක්‍ෂක ලැයිස්තුවකට සිය නම දමා ගැනීමට මිස එක්සත් ජාතික පක්‍ෂයට ඇති විශේෂ ළෙන්ගතුකමක් නිසා නොවන බව රටම දනී. හුදු දේශපාලන සරණාගතයකු ලෙස පක්‍ෂයට ඇතුළු වූ මංගල සමරවීර මහතාට හිමිවූයේ දිස්ත්‍රික්කයේ 2 වැනි ස්ථානයයි. ඉකුත් මාර්තු මාසයේදී පළාත් සභා මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයේ එ.ජා.ප. ඡන්ද ප්‍රතිශතය ඉහළ නංවා ගැනීමට පවා ඔහුට හැකි වූයේ නැත.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive