ප්‍රවීණ නිළි වසන්ති චතුරාණි මහත්මියට නෙත් එෆ්.එම්. ගුවන් විදුලියේ 'බැලුම්ගල' වැඩසටහනෙන් සිදුවූ බව කියන අපහාසයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස මිරිහාන මූලස්ථාන ළමා හා කාන්තා කාර්යාංශය කළ ඉල්ලීම නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා ප්‍රතික්ෂේප කළේය.
එම සිද්ධිය අපරාධයක් නොවන අපහාස සිද්ධියක් බවත් ඒ පිළිබඳ විමර්ශනයක් කිරීමට අවසර ලබාදීමට එම අධිකරණයට ප්‍රතිපාදන නොමැති බවත් පවසමින් මහෙස්ත්‍රාත්වරයා පොලිසිය මඟින් කළ ඉල්ලීම එසේ ප්‍රතික්ෂේප කරනු ලැබීය.
වසන්ති චතුරාණි මහත්මිය පොලිසිය වෙත සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ ඇය කලා හවුලක ලේකම්වරියක් වශයෙන් කටයුතු කරන බවත් චන්දන සමන් දිසානායක මහතා එහි සභාපති වශයෙන් කටයුතු කරන බවත් සමන් දිසානායක මහතාට චන්දි රසිකා නමැත්තියක් ඉකුත් 19 දින පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සොයා බැලීමට තමන් එදින සවස 6.00ට සමන් දිසානායක මහතා හමුවූ බවත්ය. එම සිද්ධියෙන් පසුව ඉකුත් 25 වැනිදා නෙත් එෆ්.එම්. ගුවන් විදුලියේ 'බැලුම්ගල' වැඩසටහනින් එම හමුවීම පිළිබඳ ප්‍රචාරය කරමින් චන්දි රසිකා නමැත්තියට වාසිවන ආකාරයට වැඩසටහන මෙහෙයැවූ නිසා තමන් එම වැඩසටහනට කතා කර සත්‍ය සිද්ධිය පැවැසූ බවත් පවසන චතුරාණි මහත්මිය සිය පැමිණිල්ල මඟින් වැඩිදුරටත් කියා සිටින්නේ තමන් කළ සත්‍ය සිද්ධිය විකෘති කරමින් එම වැඩසටහන මෙහෙයැවූ බවත් ඉන් තමන්ට අපහාසයක් හා දැඩි මානසික පීඩාවක් සිදුවූ බවත්ය.

0 comments:
Post a Comment