facebook like

රාජරත්නම් සමඟ රවි කරුණානායක පැවැත්වූ දුරකතන සංවාදයක තොරතුරු මහාධිකරණයේදී එළියට

මහා පරිමාණයේ විනිමය වංචාවක් සිදුකර, ඇමෙරිකන් ඩොලර් මිලියන 3ක් මෙරටට එවූ ඇමෙරිකානු ධන කුවේරයකු වන රාජ් රාජරත්නම් සමඟ එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා දුරකතන සංවාද පවත්වා තිබෙන බව කොළඹ මහාධිකරණයේදී ඊයේ (09දා) පස්වරුවේ හෙළිදරව් විය.
විත්තිකාර රවි කරුණානායක මහතා අදාළ ගනුදෙනුව පිළිබඳවත් එය සිදු කරන ආකාරය පිළිබඳවත් රාජ් රාජරත්නම් සමඟ දුරකතන සංවාද පවත්වා තිබෙන බවද හෙළිදරව් විය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේ‍යෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අතිරේක විනිමය පාලක සිසිර කුමාර පෙරේරා මහතා ලබාදුන් සාක්‍ෂියක් මත එම කරුණු හෙළිදරව් විය.


පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන්ගේ ඉල්ලීම සහ අවශ්‍යතාව මත විනිමය වංචාවක් සිදුකර ඇමෙරිකන් ඩොලර් මිලියන 3ක් (රුපියල් කෝටි 39ක්) රාජ් රාජරත්නම් විසින් එවා තිබුණේ "පූර්ව සැලැස්මකට" අනුව බවද හිටපු අතිරේක විනිමය පාලක සිසිර කුමාර පෙරේරා මහතා කොළඹ මහාධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් පැවැසීය.


මේ නඩුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී දැනට ඇප මත මුදා හැර සිටින විත්තිකාර රවි කරුණානායක, ලින්කන් පියසේන සහ නෙක්සියා සමාගම නියෝජනය කරමින් නියෝජිතයෙක් පැමිණ සිටියේය.
හිටපු අතිරේක විනිමය පාලක සිසිර කුමාර පෙරේරා මහතාගෙන්, විත්තිකාර රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා හරස් ප්‍රශ්න අසා තිබූ අතර, එයින් මතු වූ ඇතැම් කරුණු සම්බන්ධයෙන් රජයේ ජේ‍යෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා විසින් නැවත සාක්‍ෂි විමසනු ලැබීය. ඒ අනුව සාක්ෂි ලබා දෙමින් හිටපු අතිරේක විනිමය පාලක සිසිර කුමාර පෙරේරා මහතා මෙසේ ද පැවැසීය.


රාජ් රාජරත්නම් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක මුදලක්, මෙරටට එවා තිබුණේ වැරැදීමකින් බවට, මා සිදු කළ විමර්ශනයේදී කිසි විටෙක හෙලිවුණේ නැහැ. පූර්ව සැලැස්මකට අනුව එම මුදල් එවා තිබුණා. මේ නඩුවේ දෙවැනි විත්තිකරු වන ලින්කන් පියසේන සහ තෙවැනි විත්තිකරු වූ රවි කරුණානායක යන අයගෙන් ලබාගත් ප්‍රකාශ මත සහ ඉදිරිපත් වූ ලේඛන මත එය මනාව තහවුරු වුණා. අයි.ජේ.එස්. බේ‍රා්කර් ආයතනයේ ප්‍රධාන නිලධාරියකු වන ප්‍රසන්න සිරිවර්ධන නමැති අය දුන් ප්‍රකාශය අනුව ද එය තහවුරු වුණා.


එම මුදල රාජරත්නම් විසින් එවා තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය පාලකවරයා කොටස් ආයෝජනය පිළිබඳ නිකුත් කර තිබෙන ගැසට් පත්‍රයට අනුකූලව නොවෙයි.
මේ නඩුවේ වැඩිදුර සාක්‍ෂි විමසීම ලබන නොවැම්බර් මස 04 වැනි දිනට කල් තැබූ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය, එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළාය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive