හලාවත ධීවර වරායේ ඉදිරි සංවර්ධන කටයුතු ගැන සාකච්ඡා කිරීමට ඊයේ (9දා) හලාවතට ගිය ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාට
හලාවත නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් හා ප්‍රදේශයේ ධීවර නායකයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධයත් දෙපාර්ශ්වය අතර වූ උණුසුම් වචන හුවමාරුවත් නිසා ඇමැතිවරයාට සාකච්ඡාවට අතර මඟ නතර කොට ඔහුගේ නිලධාරීන් සමඟ ආපසු පැමිණීමට සිදුවිය.
සාකච්ඡාව ඊයේ උදේ පැවැතියේ හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීය.
මේ උණුසුම්කාරී තත්ත්වය ඇතිවූයේ රාජිත සේනාරත්න ඇමැතිවරයා හලාවත ධීවර වරාය සංවර්ධනය කිරීම හා ධීවරයන්ගෙන් බදු අය කිරීම පිළිබඳ කතා කරද්දී හලාවත නාගරික මන්ත්‍රි ස්ටැන්ලි ලාවුස් මහතා විරෝධය පළ කරමින් කතා කළ අවස්ථාවේදීය. මන්ත්‍රිවරයා කීවේ හලාවත මෝය සංවර්ධනය කිරීමකින් තොරව ධීවර වරායක අවශ්‍යතාවක් තමන්ට නැති බවයි.
ධීවර ඇමැතිවරයා කීවේ වැලි ගැනීමට ඉඩ ලබා දෙන්නේ නම් මෙය සකස් කර දෙන බවයි.
ඇමැතිවරයාගේ මේ ප්‍රකාශයත් සමඟ රැස්වීමට පැමිණ සිටි හලාවත අඹකඳවිල ඇතුළු ධීවර ගම්මාන කීපයක ධීවර නායකයන් නාගරික මන්ත්‍රිවරුද අසුන්වලින් නැඟිට ඇමැතිවරයාට දැඩිව විරෝධය පළ කරන්නට වූහ. එම විරෝධතාව හමුවේ ඇමැතිවරයා කීවේ අතපය විසි කළාට තමන් බය නොවන බවයි.
මේ උණුසුම්කාරී තත්ත්වය හමුවේ ධීවර නායකයකු හලාවත අඹකඳවිල ග්‍රාමයේ නවීන තාක්ෂණය භාවිත කරමින් දැල්ලන් ඇල්ලීමේ ප්‍රශ්නය යොමුකරද්දි ඇමැතිවරයා පැවැසුවේ මෙය අනුමත පරණ ක්‍රමයක් බවයි. මෙහිදී තත්ත්වය වඩාත් බරපතළ වූයෙන් ඇමැතිවරයාට දැඩි විරෝධයක් එල්ල විය.
මේ පන්න ක්‍රමයෙන් පාරම්පරික ධීවරයාට දැඩි හානියක් වන බව ධීවර නායකයන් කියා සිටි අතර මෙයට විරෝධය පළ කරමින් හලාවත, කරුකපනේ අඹකඳවිල, තොඩුවාව ඇතුළු ගම්මාන පහළොවක ධීවර සමිතිවලින් ඉදිරිපත් කරන ලද විරෝධතා ලිපි අමාත්‍යවරයා වෙත යොමු කළත් එම එක ලිපියක් හෝ අතට නොගත් අමාත්‍යවරයා ධීවරයන්ගේ ප්‍රශ්නවලට උත්තර නොදී එකවර රැස්වීමෙන් නැඟිට ගියහ. මෙහිදී ධීවර නායකයන්ගේ හා මන්ත්‍රිවරුන්ගේ විරෝධය තවත් උත්සන්න විය.
මේ රැස්වීමට පුත්තලම දිස්ත්‍රික් ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා ප්‍රධාන නරා ආයතනය, ධීවර දෙපාර්තමේන්තුව, මහවැව ධීවර පරීක්ෂණ කාර්යාලය යන ආයතනවල නිලධාරීන් හා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වික්ටර් ඇන්ටනි, වයඹ පළාත් ධීවර ඇමැති සනත් නිශාන්ත, හලාවත නගර සභාවේ සභාපති හිලරි ප්‍රසන්න යන මහත්වරු සහභාගි වූහ.

0 comments:
Post a Comment