සජිත් ප්‍රේමදාස මහතා එජාප නියෝජ්‍ය නායක ධුරයට පත්කළහොත් තිස්ස අත්තනායක මහතා එජාප මහලේකම් තනතුරෙන් එළවා දැමීමේ සටන තමා ආරම්භ කරන බව එජාප නායකත්ව මණ්ඩලයේ සාමාජිකයකු වන රවි කරුණානායක මහතා ප්‍රකාශ කොට තිබේ.
ඔහු මේ ප්‍රකාශය කර තිබෙන්නේ අවසාන වරට පැවැති එජාප නායකත්ව මණ්ඩල රැස්වීමේදීය.
කරුණානායක මහතා පක්ෂ ලේකම්වරයාට විරුද්ධව මේ ප්‍රකාශය කරන අවස්ථාවේ නායකත්ව මණ්ඩල රැස්වීමේ මුලසුනේ සිටි කරු ජයසූරිය මහතා නිහඬව මුනිවත රකිමින් රවිගේ ප්‍රකාශයට සහාය දක්වන ආකාරයක් පෙන්නුම් කළ බව වාර්තා වේ.
එජාප සභාපති කබීර් හෂීම් මහතා මේ අවස්ථාවේ ජංගම දුරකතනය කනේ තබා ගෙන රවි කරුණානායක මහතාගේ ප්‍රකාශය අනියමින් අනුමත කළ බවක් පෙනෙන්නට තිබිණැයි සිරිකොත ආරංචි මාර්ග කියයි.
පසුගිය දිනවල මාධ්‍ය කීපයකට රවි කරුණානායක මහතා ප්‍රකාශ කර තිබුණේ සජිත් ප්‍රේමදාස මහතාට එජාප නියෝජ්‍ය නායක ධුරය දුනහොත් තමා දේශපාලන වශයෙන් තීන්දුවක් ගන්නා බවයි.

0 comments:
Post a Comment