දෙනෝදාහක් දෙනා බලා සිටියදී තරුණියක විසින් තරුණයකුට පහරදීමේ තවත් සිදුවීමක් මොනරාගල ඇතිමලේ ප්රදේශයෙන් පෙරේදා (7 වැනිදා) වාර්තා විය.
ඇතිමලේ ප්රදේශයේ පැවැති සංගීත ප්රසංගයක් නරඹමින් සිටියදී 22 හැවිරිදි වියේ පසුවූ තරුණියකගේ ශරීරය ස්පර්ශ කර ඇයට ලිංගික අතවර කළබව කියන තරුණයකු මෙසේ එම තරුණියගේ පහර කෑමට ලක්ව ඇත.
සැකකාර තරුණයා පසුව ඇතිමලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් තරුණයාද හැටේකෑල්ල ඇතිමලේ ප්රදේශයේ පදිංචිකරුවකුවන 28 හැවිරිදි අයෙකි. මොහු විදේශ රැකියාවක නිරතව සිට මෑතකදී ලංකාවට පැමිණි අයෙකි. සංගීතය යන අතරතුරදී ඔහු තරුණියට ළංවී තරුණියගේ ශරීරය ස්පර්ශකර ඇති අතර ඉන් කිපුණ තරුණිය තරුණයාට වාරියපොල තරුණිය අනුගමනය කරමින් කම්මුලට පහරදී ඇත. වාරියපොල නගරයේදී තරුණියක විසින් තරුණයකුට පහරදීමේ සිද්ධිය මහත් ආන්දොaළනයට ලක්වී තිබිණි.

0 comments:
Post a Comment