වාරියපොල බස් නැවතුම්පොළේදී තිළිණි අමල්කා නම් තරුණ ගැහැනිය සෙල්වා නමැති තරුණ පිරිමියාට පහරදීම සම්බන්ධයෙන් ලත් පැමිණිල්ලකට අනුව අද දින (අගෝස්තු 27 දින) ඇය වාරියපොල පොලීසියට කැදවා තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැවැන්ත සාකච්ඡාවක් සමාජ ජාල මාධ්‍ය ඇතුළු විකල්ප මාධ්‍ය හරහා දියත් වුණි. විශේෂයෙන්ම වෙබ් අඩවි හරහා දියත් කරන ලද සංවාදය සුළු මොහොතකට හෝ මා නෙත ගැටුණේ මෙම මාධ්‍ය පරිහරණය කරන කාන්තාවාදිනියක් මහත් ආයාසයෙන් එම තත්ත්වය නිරීක්ෂණය කිරීමට මට ඉඩ සැලැස්වූ හෙයිනි.
ලංකාවේ සමාජය පත්වී ඇති තත්ත්වය පිළිබඳව මා කම්පනයට පත් කළේ ඇතැම් කොමෙන්ට්ස්වල තිබූ වෛරීභාවය සහ පුරුෂාධිපත්‍යයික උන්මාදය නිසාය. විශේෂයෙන්ම මෙම ප‍්‍රකාශවලින් පිළිබිඹු වන්නේ තිළිණි අමල්කා සම්බන්ධයෙන් පමණක් නොව සමස්ත ස්තී‍්‍ර පරපුර සම්බන්ධයෙන්ද මෙම පිරිමින් දරන අදහස සහ ආකල්ප බව මාගේ මතයයි. එසේම කි‍්‍රයාකාරීව ඉදිරියට එන සියලූ ස්ත‍්‍රීන් සම්බන්ධයෙන් විවිධ වෙබ් අඩවි හරහා පතුරුවන අදහස් වන්නේද මෙසේය.
මෙම සිද්ධිය ඇසුරෙන් පළවන්නේ ස්ත‍්‍රී ශරීරය සම්බන්ධයෙන්ද ස්ත‍්‍රිය සම්බන්ධයෙන්ද මෙම සමාජයේ සමස්ත පරිකල්පනය බව කිව යුතුය. පොදුවේ මාධ්‍ය හරහා ලාංකීය කාන්තාව සම්බන්ධ නිරූපණයද මෙය වන්නේය. සෙල්වාගේ අවධානයට යොමුව ඇත්තේ ඇයගේ ඇදුම් විලාසිතාවය. වත්මන් ලාංකික පිරිමි සමාජයට අනුව හුදෙක් එවැනි ඇදුමක් ඇදීමම නොමනා ලිංගික හිංසනයකට කාන්තාවන් ලක් කිරීම සඳහා දොර විවෘත කිරීමක් වන්නේය. මා කල්පනා කරන්නේ මේ මතයට වෙනස්ව විකල්ප මතයක් දරන්නේ ඉතාමත්ම අතලොස්සක් වන බවයි. තමන්ගේ සිරුර අවඥාවට ලක් කළ, තමන්ගේ නිදහසට බාධා කළ, තමන් මානසික පීඩාවකට ලක් කළ පුද්ගලයාට එරෙහිව මෙම යුවතිය විසින් කළ යුත්තේ කුමක්ද? ඒ නිසා අද ඇය අත්දකින්නේ කුමක් ද?
අද දින පොලීසියට ඇය කට උත්තරයක් ලබාදීමට ගිය මොහොතේ පටන් විවිධ පුවත්පත් වලින් මා වෙත කතා කර ඇසුවේ ඇයව අත්අඩංගුවට ගත් බවය. ඒ සම්බන්ධව යම් විස්තරයක් මගෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේද මෙහි ඇති අසාධාරණය දැන හැදිනගැනීමට නොව අප ප‍්‍රකාශ කරන අදහස් සහ මත සෙන්සේෂනල් පුවත් වශයෙන් ප‍්‍රසිද්ධ කරමින් මෙම සිද්ධිය නැවත නැවත වැමෑරීමට බව මම දනිමි.
දැන් සිදුව ඇත්තේ කුමක්දැයි විමසමින් සිටි මට දැන ගන්නට ලැබුණේ ඇත්තෙන්ම ඇයව අත්අඩංගුවට ගැනීමටත් පසුව හෝ ඊට පෙර අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට පත් කිරීමට බලාපොරොත්තු වන බවය. මෙම නිවුස් එක මට ලබාදුන් සුදර්ශනගෙන් මා ඇසුවේ තිළිණි අමල්කාත් පහරදීමකට ලක්ව ඇත්ද යන්නය. මෙය මට තේරුම්ගත නොහැකි තත්ත්වයක් විය. ඇය යම් පහරදීමකට ලක්වූ බව කොතැනකවත් සදහන්ව තිබුනේ නැත. ඒ නිසා මා කල්පනා කළේ දැන් ඒ අලුත් සාක්ෂිය ඉදිරිපත් වී ඇති නිසා පොලීසිිය මේ පියවර ගෙන ඇති බවය.
අනිත් අතට ඇය අත්අඩංගුවට ගත්තේ තමන්ට පීඩාව ගෙන දුන් පුද්ගලයාට එරෙහිව සිය හිරිඔතප් රැක ගැනීමට ප‍්‍රතික‍්‍රියා දැක්වීම නිසා බව ලංකාවේ පොලීසියට තේරුම් ගැනීමට අපහසුව ඇති සැටිය. මේ ගැන මම විමතියට පත්නොවන්නේ මේ පොලීසිය කිසිම හිරිකිතයක් නැති තත්ත්වයට පත්ව තිබෙන නිසාය. ඒ විධායකයේ අතකොලූවක් හැටියට වැඩ කිරීමේ සිරිතෙන් උගත් පාඩමක් වන නිසාය. ලිංගික හිංසනයට ලක්වූ අනර්කලී ඊට සතියකට පසු පොලීසියට ගොස් අපරාධ චෝදනාව ඉවත් කර ගැනීමට ඉඩදුන් දවසේ සිට සියලූ කාන්තාවන් පත්ව ඇත්තේ පිරිමියාගෙන් බැට කන්නට යැයි ලංකාවේ පොලීසියේ දැන් රනින් ලියැවුනාසේය. ජනාධිපතිතමා වෙනුවෙන් කැස කවන අර නිල් පවුරේ ස්ත‍්‍රීන් ගැන මට ගෞරවයෙන් කියන්නට යමක් නැත. මෙවැනි අපරාධ වන බව මෙම කාන්තාවන් බෙරිහන් දෙනවා පමනක් නොව තමන්ගේ අන්තඃපුරය රැක ගැනීම සදහා වේදිකාවේ නටන ළඳුන් බවට පත්ව ඇත.
මම එම වේදිකාව සිහි කරන්නේ අද සාමාන්‍යයෙන් ස්තී‍්‍රන්ට සිදුවන දේ සාධාරණය වන්නේ ඉහත රැගුම් නිසා බව පෙන්වීමටය. මහින්ද රාජපක්ෂ රෙජීම යුගයේ ස්තී‍්‍රන්ට අත්ව ඇත්තේ මෙම ඉරණමය.
කාන්තාවන් වශයෙන් අප අපට එරෙහිව ප‍්‍රචණ්ඩත්වයට එරෙහි නොවිය යුතුය. නිසොල්මනේ බලා සිටිය යුතුය. අතපය නිල් වෙන්න මිනිහා ගැහුවත් අපි නිශ්ශබ්ද විය යුතුය. පොලීසියට ගියොත් උඹලාට පිස්සු හැදිලා දැයි පරීක්ෂා කරන්නට අධිකරණ වෛද්‍ය කාර්යාලයට යවනු ඇත. වාරියපොල සිද්ධියෙන් අපට මෙම පණිවුඩය ලබාදී ඇත.
තිළිණි අමල්කා හැසිරී ඇත්තේ පොලීසියට සහ රටේ පිරිමින්ට අදහන්න බැරි විදියටය. ඇය කරබාගෙන නොගොස් දැනුන පීඩනයට එරෙහි වුනේ පීඩකයාට පහර දෙමිනි. එසේම ඒ නිසාම සෙල්වාගේ බිරින්දෑ පිරිමිකමට පහරදී ඔහුව අත්හැර දැමීමත් තවත් අයුරකින් පහරදීමකි. පිරිමියා අවමානයට ලක් කළ ගැහැනිය දෙස පොලීසිය බැලූවේ පිස්සු ගැහැනියක් වශයෙනි. මෙය පිරිමි සමාජයේ සාමාන්‍ය අදහස බවද මම නොබියව ප‍්‍රකාශ කරමි.
සාමාන්‍යයයෙන් මා දන්නා නීතියට අනුව බරපතළ පහරදීමක් සදහා පමණක් අත්අඩංගුවට ගන්නා නීතිය කාන්තාවකට එරෙහිව අද යොදාගෙන ඇත. සෙල්වා එදිනම රෝහල් ගත කළේ නැත. ගතවූයේ ද නැත. ගැහැනියකගේ පොල් අඩියෙන් සෙල්වාගේ කන පැලිලාලූ! මේවා කොන්ඩෙ බැදපු චීන්නුන්ට හොද කතාය. මේ පිරිමි කියන කතාය. අද මෙම පිරිමි සමාජය අපට කියන්නේ ලිංගික හිංසනය සහ පීඩනය සාමාන්‍ය දෙයක් වශයෙන් සලකන ලෙසය.
ගැහැනුන්ට පහරදෙන පිරිමියෙක්ගේ කට උත්තරයට පසු ඔවුන්ව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට ලක් නොකරන බවද අපි දනිමු. යම් හෙයකින් සෙල්වා අමල්කාට පහර දුන්නේ නම් ඔහු පිස්සෙක් නොව පිරිමිකම පෙන්වූ මිනිහෙක් වනු ඇත. මෙම පොලිස් රීතියට අනුව ගෙදර ගෑනුන්ට මෙසේ පහර දෙන හැම පිරිමියාව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ යුතුය. මන්ද ඔවුන්ගේ මොළේ පරීක්ෂා කළ යුතුවන නිසාය. ලංකාවේ ගැහැනියකට එම නීති ඒ අනුව අදාළ වන්නේ නම් පිරිමින්ට ද ඒ අනුවම එම නීතිරීති කි‍්‍රයාත්මක වන්නේ දැයි අපි බලා සිටිමු.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසියේ හැසිරීම පුරුෂාධිපත්‍යයික මතවාදය තහවුරු කෙරුවා පමණක් නොව ලංකාව අත්සන් කර ඇති ස්ත‍්‍රීන්ට එරෙහි සියළු ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය ඇතුළුව ජාත්‍යන්තර ප‍්‍රඥප්ති අමුඅමුවේ උල්ලංඝනය කිරීමක්ද වන්නේය. ගෑනුන්ගේ මොළය පරීක්ෂාවට ලක් කිරීමට මොවුන්ට අණ ලැබුනේ කාගෙන්ද?

0 comments:
Post a Comment