facebook like

කඩචෝරු දැන්වීම් ප්‍රතික්‍ෂේප කරමින් අර්ජුන හා ජැකලින් දුන් ආදර්ශය විශිෂ්ටයි

දරු පරපුරේ සෞඛ්‍යාරක්‍ෂිත බව සලකා ශ්‍රී ලාංකීය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩස්‌ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට්‌ නායක අර්ජුන රණතුංග විසින් ක්‍ෂණික ආහාර ප්‍රවර්ධන දැන්වීම්වලට පෙනී සිටීම ප්‍රතික්‍ෂේප කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන තම ප්‍රසාදය ඔවුන්ට පිරිනමන බව වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රකාශ කළේය.

ජැකලින් ෆර්ඩිනැන්ඩස්‌ගේ සහ අර්ජුන රණතුංගගේ මෙම ක්‍රියාව ඉහළින් අගය කරන බව ද එවැනි අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්වලට පෙනී සිටින්නන්ට මොවුන් දෙදෙනා ආදර්ශයක්‌ ලබා දී ඇතැයි ද කී පාදෙණිය මහතා අර්ජුන රණතුංග මහතා මෙවැනි දැන්වීම්වලට පෙනී නොසිටීමට ආරම්භයේ සිටම ගෙන ඇති තීරණය අගය කරන බව කීය.

මෙරට ක්‍ෂණික ආහාර දැන්වීමකට පෙනී සිටීම ප්‍රතික්‍ෂේප කරමින් ජැකලින් ෆර්ඩිනැන්ඩස්‌ රුපියල් ලක්‍ෂ පනහකට අධික මුදලක්‌ අහිමි කර ගත් බවට පසුගියදා 'දිවයින' පත්‍රයේ පළ වූ පුවත පිළිබඳ අදහස්‌ දැක්‌වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා බෝ නොවන රෝග ව්‍යාප්තිය මෙරට ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුවක්‌ වී ඇතැයිද, ක්‍ෂණික ආහාර පරිභෝජනය ඊට හේතුව බව ද කීවේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි දරුවන්ගෙන් සියයට තිහක ප්‍රතිශතයක්‌ අධි බර හෝ ස්‌ථූලතාවට පත්ව ඇතැයිද 2020 වන විට මෙම ප්‍රමාණය සියයට පනහ දක්‌වා ඉහළ යන බව පෙන්නුම් කරන බව ද කීය.

වැඩිහිටි පරපුරට වඩා වැඩියෙන් මෙවැනි දරුවන් මියයැමේ භයානක අනතුරක්‌ පෙන්නුම් කරන බව ද කී වෛද්‍ය පාදෙනිය මහතා දරුවන්ගේ පෝෂණය පිළිබඳ ප්‍රමුඛතාව ලබා දීම කාලීන අවශ්‍යතාවක්‌ බව ද පැවසුවේය.

ඒ සඳහා සෞඛ්‍යයට අනාරක්‍ෂිත ආහාර වර්ග ප්‍රවර්ධනය වැළැක්‌වීමේ ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව මතුව තිබියදී එවැනි ආහාර ප්‍රවර්ධනයට රටේ ජනප්‍රිය පුද්ගලයන් යොදා ගැනීමට වාණිජ ආයතන ක්‍රියාකරමින් සිටින බව ද පැවසුවේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive