facebook like

ගෙල සිඳීමෙන් අප බිය වැද්දීමට බෑ.......බරැක් ඔබාමා ඉස්ලාමීය රාජ්‍යයට අනතුරු අඟවයි -

ස්ටීවන් සොට්ලොෆ් නමැති ඇමෙරිකානු මාධ්‍යවේදියා ගෙල සිඳ ඝාතනය කිරීම තුළින් ඇමෙරිකා එක්සත් ජනපදය කිසිසේත්ම බිය වැද්දීමට ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට නොහැකි බව ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා අවධාරණය කරයි.

එහිදී, ඔබාමා අනතුරු අඟවමින් පවසා සිටින්නේ ඔවුන්ගේ ඉලක්කය ළඟ නොවන බවත්, යුක්තිය පසිඳලීම සිදුකරන බවත්ය.

එමෙන්ම, සිය මාධ්‍යවේදියා මරා දමනලද ම්ලේච්ඡත්වය මගින් ලෝකය ඉස්ලාමීය රාජ්‍යයේ අන්තවාදීන් පිළිකුල් කරන තත්ත්වයකට ඇතිවී තිබෙන බවද ඔබාමා පවසයි.

එස්තෝනියාවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන්ගේ ත්‍රස්තවාදයට එරෙහිව එක්සත් ජනපදය ගෙන යන සටන තවත් දැඩි වූ බවයි.

ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා සටන් වදින ISIS ඉස්ලාමීය අන්තවාදීන් විසින් තවත් ඇමෙරිකානු මාධ්‍යවේදියකු වූ ස්ටීවන් සොට්ලොෆ්ගේ හිස ගසා මරා දමනු ලබන ආකාරය දැක්වෙන නවතම වීඩියෝ පටයද පිළිගත හැකි එකක් බව ඇමෙරිකානු විශේෂඥයෝ පවසති.

පසුගිය මාසයේදී ඇමෙරිකානු මාධ්‍යවේදියෙකු වූ ජේම්ස් ෆෝලේගේ ගෙල සිඳින වීඩියෝවක් අන්තවාදීන් විසින් අන්තර්ජාලයට මුසුකළ අතර, එහිදී, ඇමෙරිකානු ගුවන් ප්‍රහාර තවදුරටත් සිදුකළහොත් ස්ටීවන්ද මරා දමන බවට අනතුරු ඇඟවීමක්ද කළේය.

මේ අතර, මෙවර වීඩියෝවෙන් ISIS ඉස්ලාමීය අන්තවාදීන් මහා බ්‍රිතාන්‍ය වෙතද අනතුරු ඇඟවීමක් කරමින්, ඔවුන්ගේද ප්‍රාණ ඇපකරුවෙකු මීළඟ බිල්ල බව පවසා සිටියි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive