බිරිඳ විදේශ රටක රැකියාවකට ගොස් සිටියදී තම නිවසේ කුළියට සිටි පවුලක වයස අවුරුදු 16 ක් පමණ වු බාල වයස්‌කාර දැරියක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 26 හැවිරිදි එක්‌දරු පියකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. දැරිය සිය මව සමග තමන්ට සිදු වූ අපරාධය ගැන පොලිසියට පැමිණිලි කර ඇත්තේ සිද්ධිය සිදු වී වසරක්
පමණ ගත වු පසුව වීම මෙහි ඇති විශේෂත්වයයි.
කුලියාපිටිය ප්‍රදේශයේ ජීවත් වු මේ දැරියගේ මව සැමියා සමග අමනාපවී සැකකරුගේ නිවසේ පදිංචියව පැමිණ ඇත. එහිදී පසුගිය 2013.05.10 වැනි දින නිවසේ කිසිවකු නොසිටි අවස්‌ථාවක සැකකරු පැමිණ දැරිය විවාහ කරගන්නා බවට පොරොන්දු වී බලෙන් ඇය දූෂණයට ලක් කළ බවට පොලිසියට පැමිණිලි කර ඇති බව වාර්තාවේ. දැරියගේ මවගේ ද අනුමැතිව ඇතිව දැරිය හා සැකකරු අඹු සැමියන් ලෙස අවුරුද්දකට ආසන්න කාලයක් ගත කර ඇති බවද පැමිණිල්ලේ සඳහන් කර ඇත.
පසුගිය 27 වැනිදා බිරිඳ ලංකාවට පැමිණීමට නියමිත නිසා ආරවුල් ඇති වීම වැළැක්‌වීමට නිවසින් පිටව යන ලෙසට සැකකරු දැරිය ඇතුළු පවුලේ උදවියට දැනුම් දීමත් සමග පොලිසියට පැමිණිලි කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.
සැකකරු පසුගිය 29 වැනිදා අත්අඩංගුවට ගෙන දඹුල්ල මහෙස්‌ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (01) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම විය.

0 comments:
Post a Comment