පසුගිය මස 8 වැනිදා ගුවන් ගත වී අතුරුදන් වූ එම්.එච්. 370 මලයාසියානු යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වූ බවට උපකල්පනය කරන සංඥා කිහිපයක් චීන මුරසංචාරක යාත්‍රාවකට ග්‍රහණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හෙයික්සං 01 නමැති නෞකාවකට මෙම සංඥා හසුවී ඇති අතර ඉන්දියන් සාගර අභ්‍යන්තරයේ සිට ශබ්දසංඛ්‍යාත37.5 ඔස්සේ නිකුත් වී ඇති බව කියැවේ.
යානය අතුරුදන්ව මේ මස
8 වැනිදාට මාසයක් සම්පූර්ණ වන අතර ඊට පෙර කළු පෙට්ටියසොයා ගැනීමට නොහැකි වුවහොත් මෙම යානයට සිදුවූයේ කුමක්දැයි සදාකාලික අභිරහසක් වනු ඇතැයි පැවසෙන අතර කෙසේ වෙතත් ගුවන් යානයක කළු පෙට්ටියේ බැටරියේ ආයු කාලය දින 30ක් බව කියැවේ.
ගුවන් යානයක කළු පෙට්ටිය ගැඹුරු ජලයේදීත්, අධික තාපයේදීත් විනාශ නොවන බවපැවසේ. ගුවන් යානයක සියලු දත්ත කළු පෙට්ටියේ සුරක්ෂිත බැවින් යානයටසිදුවූ දේ සොයා ගැනීමට ඇති එකම වැදගත් උපාංගයද එය වේ. ඒ අනුව සොයාගැනීමේ මෙහෙයුම මෙම දින කිහිපය තුළ තවත් දැඩි කර තිබේ.

0 comments:
Post a Comment