හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට අයත් හොරගොල්ල වලව්වේ මෙරට විදේශීය තානාපතිවරුන් කිහිප දෙනකු, ප්‍රකට දේශපාලන
විශ්ලේෂකයකු සහ ව්‍යාපාරිකයකු සහභාගි වූ විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වා තිබේ.ඇමෙරිකාවේ, ඉන්දියාවේ සහ දකුණු කොරියාවේ මෙරට තානාපතිවරුන් මේ භෝජන සංග්‍රහයට සහභාගි වී ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි හිටපු නිත්‍ය නියෝජිත ජයන්ත ධනපාල මහතා සහ දිවයිනේ ප්‍රකට ව්‍යාපාරිකයකුද මීට සහභාගි
වී ඇත.
මේ විශේෂ හමුව පසුගිය 30දා පැවැති අතර එහිදී මීළඟ ජනාධිපතිවරණය විපක්ෂයේ පොදු අපේක්ෂකයා කවුරුන් විය යුතුද යන්න ඇතුළු තීරණාත්මක මාතෘකා රැසක් පිළිබඳ පුළුල්ව සාකච්ඡා කර ඇත.
මේ අතර අද (6දා) දිනද හොරගොල්ල බණ්ඩාරනායක වලව්වේදී හිටපු ජනාධිපතිනිය යටතේ එවකට සේවය කළ පිරිසකට සහ විශේෂ හිතවතුන් පිරිසකට රාත්‍රි භෝජන සංග්‍රහයකට ආරාධනා ලැබී ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණය වේ.

0 comments:
Post a Comment