ජ්‍යොතිෂවේදී ලයනල් වැලිවිටගේ අභියෝගය
වෛද්‍ය ආනන්ද දිසානායක බාරගනී
ජ්‍යොතිෂය මිථ්‍යාවක් නොවන බව පෙන්වීමේ අරමුණින් යම් ආකාරයක තර්ක විතර්ක සහිතව ලයනල් වැලිවිට මහතා ලිපියක් ඉදිරිපත් කිරීම පිළිබඳ පළමුව ඒ මහතාට මාගේ කෘතඥතාවය පළ කරමි. මෙම ලිපියේදී
ජ්‍යොතිෂය විද්‍යාවක් නොවන බව ලයනල් වැලිවිට මහතා විසින්ම පැහැදිලි කර තිබුණි. ඔහු පවසා තිබුණේ එය ගුප්ත විද්‍යාවක් බවය.
එය ගුප්ත විද්‍යාවක්ද නොවන බව මාගේ මතයයි. විද්‍යාවක තිබිය යුතු මූලික ගුණාංග මම මාගේ පළමු ලිපියෙන් ඉදිරිපත් කොට ඇත්තෙමි. මාගේ විශ්වාසය ජ්‍යොතිෂය
යනු මිථ්‍යා විශ්වාස මත ගොඩනැගුනු සංකල්පයක් පමණක් බවයි. එහෙත් බොහෝ ජ්‍යොතිෂවේදීන් සහ නවීන විද්‍යාව ගැන අවබෝධයක් නොමැති ජ්‍යොතිෂ විශ්වාසය තාමත් පිළිගන්නා සාමාන්‍ය ජනතාව සිතන්නේ ජ්‍යොතිෂය විද්‍යානුකූලව වූවක් බවයි. ග්‍රහ තාරකා මගින් ඇති කරන ආකර්ෂණ බල හා ඒවායින් නිකුත් කරන විශේෂ කිරණ වැනි දේ හරහා ඒවායෙන් පෘථිවිය මතට යම් යම් බලපෑම් ඇති කරන බවට ඔවුන් විසින් විවිධ මත ඉදිරිපත් කරන්නේ ජ්‍යොතිෂය විද්‍යානුකූල බව සනාථ කිරීමේ අරමුණිනි.
රාහු යනු ග්‍රහයකු නොව මිථ්‍යා ග්‍රහයකු ලෙස පිළිගැනීම ගැන මම ලයනල් මහතා සමග එකඟ වෙමි. චන්ද්‍රග්‍රහණයකදී පෘථිවියේ සෙවණැල්ලෙන් සඳ වැසී යන විට එය අරුම පුදුම ග්‍රහයකු විසින් සඳ ගිලදමනවා යන ආකල්පයක් පුරාතනයේ පැවතින. මෙය ඔවුන් විසින් රාහු ලෙස නම් කරන්නට ඇත. එබැවින් මෙවැනි නොපවතින ග්‍රහයකුගෙන් මිනිසාට බලපෑම් ඇතිවන්නේ කෙසේදැයි මා නම් නොදනිමි.
කේන්ද්‍රය මගින් සියයට හැටක පමණ නිවැරදි ජීවිත තොරතුරු හෙළි කර ගත හැකි බව ලයනල් මහතාගේ ලිපියෙහි සඳහන් වේ. නමුත් මා විශ්වාස කරනනේ බුද්ධිමත් පළපුරුදු ශාස්ත්‍රයඥයකුට යමෙකුගේ පෙනුම තරාතිරම උගත්කම, රැකියාව සහ සිතුම් පැතුම් ආදිය ගැන මනා ගවේෂණයකින් පසු ඔහු හෝ ඇය ගැන සියයට හැටකටත් වඩා නිවැරදි විස්තරයක් කේන්ද්‍රය නොබලාම ඉදිරිපත් කළද හැකි බවයි. මෙහිදී අවශ්‍ය වන්නේ අදාළ සේවාලාභියා ජ්‍යොතිෂය කෙරෙහි දැඩි විශ්වාසයක් තිබිමත් අදාළ ශාස්ත්‍රඥයා විසින් ඔහුට අවශ්‍ය කරුණු පමණක් ගෙනහැර දැක්වීමත් පමණි. මෙවැනි අවස්ථාවකදී යම් හෙයකින් සේවාලාභියා විසින් සෘජු ප්‍රශ්නයක් ඇසුවහොත් එයට පිළිතුරු දීමේදී ජ්‍යොතීර්වේදියාට වඩාත් සැලකිලිමත් වීමට සිදුවනු ඇත. නිදසුනක් ලෙස ගතහොත් තමාට කලක සිට පවතින සමේ රෝගය සුවකළ හැකිද? යනුවෙන් ප්‍රශ්නයක් ඇසූ කල්හි “කලක පවතින” යන්නෙහි තේරුම ශාස්ත්‍රඥයා විසින් පළමුව අවබෝධ කරගත යුතුය. මෙයින් අදහස් කරන්නේ සමේ රෝගයට නොයෙක් ප්‍රතිකාර කරන්නට ඇති බවත් සුව නොවූ බවත්ය. එබැවින් ඔහු විසින් දෙනු ලබන පිළිතුර වන්නේ සුව කිරීමට තරමක් අසීරු බවත් ඉතා නිවැරදි ප්‍රතිකාරවලින් පමණක් සුවවන බවත්ය. ඉදිරියේදී සිදුවිය හැකි අනාවැකි ඉදිරිපත් කිරීමේදී ඇඟ බේරා ගැනීමේ ප්‍රතිපත්තියක් ජ්‍යොතීර්වේදීන් විසින් අනුගමනය කරනු ලැබේ. දරුවාගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි අශුභ කාලයක් ඉදිරියේදී ඇති වුවද අධිෂ්ඨානයෙන් කටයුතු කිරීමෙන් නිවැරදි ඉලක්කය කරා ගමන් කළ හැකිය යනු එවැනි අවස්ථාවන්හිදී දෙනු ලබන පිළිතුරකි.
ඉදිරි මාස තුනක කාලය තුළ මාර්ග අනතුරුවලට මුහුණ පෑමට වැඩි ඉඩක් පවතින බැවින් මහා මාර්ගවල ගමන් කිරීමේදී ඉතා ප්‍රවේශම් විය යුතුය.”යන වාක්‍යය ගැන සලකා බැලීමේදී දරුවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වුවද නොවූවද මාර්ග අනතුරක් වුවද නොවූවද ශාස්ත්‍රඥයාගේ ප්‍රකාශය නිවැරදි වනු ඇත.
ඉහත වාක්‍යයන් දෙකම එම වයසේ ඕනෑම පුද්ගලයෙකුට යෙදිය හැකි බව ඔබ නොසිතන්නේද? ඒ අනුව ජ්‍යොතිෂය
මිථ්‍යාවක්ද නැද්්ද යන්න ගැන පැවැසීම සඳහා ලයනල් මහතා විසින් මාගේ කේන්ද්‍රය බලා දෙනු ලබන විස්තරය පමණක් ප්‍රමාණවත් නොවන බව බුද්ධිමත් ඕනෑම අයෙකුට අවබෝධ වනු ඇත. ඒ මහතා මා ගැන දැනටමත් දන්නා කරුණු ගැන හැර මා ගැන සොයා බලා එක්රැස් කර ගන්නා කරුණුද ඇතුළත් කර වඩාත් නිවැරදි ජීවිත විස්තරයක් ඉදිරිපත් කිරීමට හොඳටම අවකාශ ඇත. එබැවින් කොතරම් නිවැරදි විස්තරයක් ඉදිරිපත් කළද එය ජ්‍යොතිෂය අනුව මාගේ හඳහනෙන් පෙන්නුම් කරන විස්තරයක් නොවියහැකි යැයි මා හට සිතෙනු ඇත.
ජ්‍යොතිෂවේදීන්ගේ මතය වන්නේ කෙනෙකුගේ කේන්ද්‍ර සටහන අනුව ඔහුගේ හෝ ඇයගේ ජීවිතය හැඩ ගැහෙන බවයි. එය ලයනල් මහතා විසින්ද ප්‍රකාශ කර ඇත. එසේනම් කෙනෙකුගේ ජීවිත තොරතුරු සහ විශේෂ සිදුවීම් ජීවිතයේ එක් එක් කාලයනට අනුව ඉදිරිපත් කළ කල්හි ඔහුගේ හෝ ඇයගේ කේන්ද්‍ර සටහන කෙබඳු විය යුතුදැයි යම් හෝඩුවාවක් ලබා ගත නොහැකිදැයි මම ජ්‍යොතිෂයවේදීන්ගෙන් ප්‍රශ්න කරමි. මේ අනුව කෙනෙකුගේ ජීවන තොරතුරු විස්තරය සමග අදාළ පුද්ගලයාගේ කේන්ද්‍ර කොපියත් වෙනත් පුද්ගලයින් කීප දෙනෙකුගේ කේන්ද්‍ර කොපිත් හඳුනාගත නොහැකි ලෙස ලබා දුනහොත් නිවැරදි කේන්ද්‍ර කොපිය එම කේන්ද්‍ර කොපි අතුරින් තෝරා ගැනීම ජ්‍යොතිෂවේදීන්ට අපහසු නොවනු ඇතැයි මා විශ්වාස කරමි. එසේනම් පහත මා විසින් විස්තර කරනු ලබන
පර්යේෂණය තුළින් ජ්‍යොතිෂයේ ඇති නිවැරදි තාවය ඉතා පහසුවෙන් ගෙනහැර දැක්විය හැකි වනු ඇත. ඒ අනුව මම යෝජනා කරන්නේ “ඉරිදා ලක්බිම” පුවත්පත තුළින් දක්ෂ පළපුරුදු ජ්‍යොතිෂවේදීන් ගණනාවකට මෙවැනි
පර්යේෂණයකට සහභාගි වන ලෙසට ආරාධනය කරන ලෙසයි.
එම පර්යේෂණයේ ස්වභාවය සහ සිදු කරන අන්දම ගැන දළ විස්තරයක් පහත සඳහන් කරමි.
මෙහිදී පුද්ගලයන් රැසකගේ ජීවන තොරතුරු නොඑසේ නම් එක් එක් පුද්ගලයාගේ උපන් දිනයෙ සිට තම ජීවිත කාලය තුළදී අත්විඳි විශේෂ සිදුවීම් අඩංගු විස්තරයක් ඒ ඒ පුද්ගලයා වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් සකසනු ලැබේ. සුලභව දැකිය නොහැකි විශේෂ සිදුවීම්වලට මුහුණ දුන් පුද්ගලයින් අපි මෙහිදී විශේෂයෙන් තෝරා ගනිමු. එසේම එක් එක් පුද්ගලයාගේ මෙම ජීවන තොරතුරු විස්තරය තුළ අඩංගුව ඇත්තේ ඕනෑම අයෙකුට පසු විපරමක් මගින් සනාථ කරගත හැකි ආකාරයේ විස්තරය පමණි. එනම් ඔවුනගේ මානසික තත්ත්වය ආගමට ලැදි බව පරෝපකාරී බව වැනි පහසුවෙන් සනාථ කරගත නොහැකි කරුණු අඩංගු නොවන ලෙසිනි. එසේම එම පුද්ගලයන් කවුරුන්ද යන්න හඳුනාගත හැකි නම් ගම් ආදියද සඳහන් නොවේ. නිදසුනක් ලෙස ගතහොත් අප විසින් ඉදිරිපත් කරනු ලබන එක් පුද්ගලයෙකුගේ ජීවිත විස්තරය සරලව මේ ආකාර විය හැක.
“ඉපදෙන විට මවට වයස අවුරුදු 28ක් විය. පියාගේ රැකියාව ගුරු වෘත්තියයි. පවුලේ වැඩිමල් සොයුරෙකු සහ බාල සොයුරියන් දෙදෙනෙක් සිටිති. වයස අවුරුදු 5ත් 6ත් අතර කාලයේදී තදබල නියුමෝනියා රෝගයක්් ඇතිවී රෝහල්ගත වී සති 3ක් ප්‍රතිකාර ගෙන සුවවිය. වයස අවුරුදු 13දී බයිසිකලයකින් වැටී හිසට තුවාල සිදුවී දින 5ක් රෝහල් ගත වි සිටියේය. උසස් පෙළ හොඳින් සමත් විය. වයස අවු. 20 මාස 2කින් විශ්වවිද්‍යාලයට ඇතුළු විය. වයස අවුරුදු 22දී ප්‍රේම සම්බන්ධයක් ඇතිවුවද එය මාස 10කට සීමා විය.
වයස අවුරුදු 30දී රැකියාව ලෙස ගුරු වෘත්තිය තෝරාගන්නා ලදී. වයස 33දී යෝජනාවක් මගින් විවාහ විය. වයස 34දී මාස තුනකදී විවාහය අසාර්ථක වීමෙන් නීතියෙන් වෙන්විය. දරුවන් සිටියේ නැත. වයස අවුරුදු 36 මාස 6කදී හදිසි අනතුරකට භාජනය වීමෙන් එක් පාදයක් සැත්කමකින් ඉවත් කරන්නට සිදුවිය. ඒ සමගම රැකියාවෙන් ඉවත්වීය. ස්වයං රැකියාවක නිරතව සිටියදී වයස අවු. 46දී මව මියගියාය.” ආදී වශයෙනි.
මේ අයුරින් එක් එක් පුද්ගලයාට සැකැසූ ජීවිත තොරතුරු විස්තරය සමග ඔහුගේ හෝ ඇයගේ කේන්ද්‍ර සටහනද වෙනත් පුද්ගලයන් හත් දෙනෙකුගේ කේන්ද්‍ර සටහන්ද ඉදිරිපත් කරනු ලැබේ. මෙම අනෙකුත් කේන්ද්‍ර සටහන් අදාළ පුද්ගලයාගේ වයසට එතරම් දුරස් නොවූ පුද්ගලයන්ගේ බවද සඳහන් කරමි.
ජ්‍යොතිෂවේදීන් විසින් කළ යුත්තේ එම පුද්ගලයාගේ ජීවිත විස්තරයට අනුව ඔහුගේ හෝ ඇයගේ සැබෑ කේන්ද්‍ර කොපිය දෙනු ලබන කේන්ද්‍ර කොපි අට තුළින් තේරීමයි. පුද්ගලයන් විසි පහකට අධික ප්‍රමාණයකගේ ජීවිත විස්තරය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනු ලැබේ. ජ්‍යොතිෂවේදීන් සහ අප විසින් තෝරා ගනු ලබන කීප දෙනකු ලවා කේන්ද්‍ර කොපි සහ විස්තර අහඹු ලෙස ගැළපීමක්ද සිදුකරනු ලැබේ. ජ්‍යොතිෂයයට අනුව ජ්‍යොතිෂවේදීන් විසින්
ගැළපුන සංඛ්‍යාව අහඹු ලෙස ගැළපුන සංඛ්‍යාවට වඩා සැලකිය යුතු ලෙස වැඩිනම් ජ්‍යොතිෂයේ සත්‍යතාවය පිළිගැනීමට අපට සිදුවේ.
මෙම පරීක්ෂණයට පළපුරුදු ප්‍රසිද්ධ ජ්‍යොතිෂයවේදීන් උපරිම සංඛ්‍යාවක් සහභාගි කර ගැනීමට හැකි නම් එය ඉතා අගනේය. තවද එක් එක් පුද්ගලයාගේ කේන්ද්‍ර සටහන හෝ උපන් වේලාවන් එම පුද්ගලයන්ගෙන් ලබා ගන්නා නිසා ඒවා නිවැරදි යැයි සැලකීමට සිදුවේ. පරීක්ෂණය අවසානයේ අදාළ ජීවිත විස්තරයන් සහිත පුද්ගලයන්ගේ නම ලිපිනය දුරකථන අංක ආදිය ප්‍රසිද්ධ කරන අතර
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් කීප දෙනෙකුගේ
අධික්ෂණය යටතේ ලබා දුන් විස්තරයන්හි නිවැරදිතාවය සනාථ කරගත හැක.
මෙම පර්යේෂණය පිළිබඳ
ජ්‍යොතිෂවේදීන්ගේ ආකල්පය කුමක්ද යන්නද දැනගැනීමට කැමැත්තෙමි. එසේම මෙම
පරීක්ෂණයේ ඇති අඩුලුහුඬුකම් සහ ඒවා නිවැරදි කරගන්නා අන්දම ගැනද ඔබගේ අදහස දැනගැනීමට කැමැත්තෙමි. එසේම පරීක්ෂණයට යොදාගන්නා ජීවිත විස්තරවල අඩංගු විය යුතු වෙනත් කරුණු ගැනද අදහස් දක්වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
ජ්‍යොතිෂය විශ්වාස කරන ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මතෛක් කල් ඔබට ජ්‍යොතිෂය නිසා සිදු වූ ලාභ ප්‍රයෝජන සහ සිදු වූ මුදල් සහ කාලය නාස්ති වීම් වෙනත් පාඩු ගැන ඉතා
සූක්ෂමව පසු විපරමක යෙදෙන ලෙසයි. මූලිකව ගත් කල ඔබට පාඩුවක් මිස කිසිදු ලාභ ප්‍රයෝජනයක් ලැබි නැතුවා නිසැකය.
ජ්‍යොතිෂය පැවැතීම තුළින් සිදුවෙන්නේ රටක සමාජයක දියුණුව මන්දගාමී වීම පමණි. බොහෝ ජ්‍යොතිෂ විශ්වාස කරන්නන් රාහු කාලය කියා කෙතරම් කාලයක් නාස්ති කර දමනවාද? නැකැත් නොමැති යයි පවසමින් ඉදිකිරීම් කටයුතු, විවෘත කිරීම් ආදිය කොතරම් සංඛ්‍යාවක් ප්‍රමාද කරනවාද? කේන්දර නොගැළපීම් නිසා කී දෙනෙකු විවාහ වීම් ප්‍රමාද කර ගන්නවාද? මේ නිසා ඔවුන් තුළ ඇතිවන මානසික අසහනය කෙතරම්ද ජ්‍යොතිෂවේදියකු විසින් දෙනු ලබන අනාවැකි හෝ ජීවිත විස්තරයක් වචනයෙන් වචනය ඉතා ප්‍රවේසමෙන් කියවා බලන්න. ඔබට ලබාදී ඇත්තේ ඔබගේ වයසේ ඕනෑම අයකුට බිය නොවී දිය හැකි විස්තරයක් බව ඔබටම අවබෝධ වනවා ඇත.
මේවා පිළිබඳව සිතා බලන ලෙසත් තම ඉරණම රැඳී පවතින්නේ ග්‍රහ තාරකා මත නොව තමා තුළ බවත් ඉතා හොඳින් අවධාරණය කර ගන්නා ලෙස මම ඔබට මතක් කරමි.

0 comments:
Post a Comment