facebook like

දැන් මෛත්‍රි ගුණරත්නලා අහෝසි වේගෙන යනවා වගේ නේද?.....අපි ජනතා විමුක්ති පෙරමුණේ ආදර්ශය ගන්න ඕනෙ

දැන් මෛත්‍රි ගුණරත්නලා අහෝසි වේගෙන යනවා වගේ නේද?
ඇයි එහෙම කියන්නෙ?


එජාප නායකත්ව මණ්ඩලය පත් කරලා, තිබුණු පළමුවැනි ඡන්දෙන්ම යූඇන්පීය ඉස්සරහට ඇවිල්ලා. ඔබතුමන්ලා දිගටම කෑ ගැහුවෙ මේ මණ්ඩලේ අසාර්ථකයි කියලනෙ?
අපි මේ කතා කරන්නෙ ජනාධිපති මැතිවරණයකට කලින් තිබුණු ඡන්දය ගැන. මෙතැන පැහැදිලිව පේනවා විපක්ෂයේ ඡන්ද අඩුවෙලා තියෙනවා කියලා. සමහර
දිස්ත්‍රික්කවල විපක්ෂයේ ආසනත් අඩුවෙලා තියෙනවා.


හැබැයි යම් පිබිදීමක් තියෙනවනේ. පරණ තරහා අමතක කරලා ඒක පිළිගන්න වෙනවා?
අවුරුදු විස්සක් බලයේ ඉන්නකොට ජනතාවට ආණ්ඩුව එපා වෙනවා. ඒක නිසා කොහොමටත් ස්වාභාවික වැඩිවීමක් තියෙන්න ඕනෙ. නමුත් අපි අපේ පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සංසන්දනය කරලා බලන්න ඕන.


මගේ ප්‍රශ්නෙට උත්තරේ ආවෙ නෑ?
හරි එතෙන්ට තමයි මම එන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ වෙනසක් ඇති කරනකම්ම ඒ ගොල්ලො එකතැන පල්වෙවී හිටියෙ. නමුත් නායකත්වයේ වෙනසක් කරලා මාස තුනක් ගියේ නෑ, ජනතා විමුක්ති පෙරමුණ වගේ පොඩි පක්ෂයක් සීයට තුන්සීයකින් තමන්ගේ ඡන්ද පදනම වැඩි කරගෙන තියෙනවා.
එහෙම එක පාර සීයට තුන්සීයක්ම ඕනෙ නෑනෙ මන්ත්‍රිතුමා?
මම කියන්නෙ යූඇන්පී එකට සීයට තුන්සීයක වර්ධනයක් අවශ්‍ය නෑ. සීයට-සීයක වර්ධනයක් ඇති වුණොත් අපි ආණ්ඩුව ගන්නවා. ඡන්දයත් දිනනවා. අන්න එතැන තමයි අපිට වෙනස අවශ්‍ය වෙලා තියෙන්නෙ. ඡන්ද ප්‍රතිශතය 23 තිබුණු එක 25 වුණා කියලා ඇති ප්‍රයෝජනය මොකක්ද? ඕක හතළිහක්වත් වුණා නම් විශ්වාසයක් තියාගන්න තිබුණා.


ඔබේ තර්කය හරි. ඒත් තවම නායකත්ව මණ්ඩලයට වයස මාස හතරයි. මේ ටික කාලෙට මේ ඇති කියලා කෙනකුට කියන්නත් පුළුවන්?
එහෙම කියන කෙනකුට මම කියන්නෙ නායකත්ව මණ්ඩලේ ඉන්න ලොක්කන්ගෙ දිස්ත්‍රික්ක බලන්නකො. ආසන ටික බලන්නකො. කරු ජයසූරිය ගත්තාම ඒක අන්ත විනාශයක්. මංගල සමරවීරගෙ, විජේදාස රාජපක්ෂගෙ ආසන බලන්න. ජනතාව භයානක විදියට ඔවුන්ව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. බණ්ඩාරගම අජිත් පෙරේරා අරගෙන තියෙන්නෙ සීයට දහ අටයි. කළුතර දිස්ත්‍රික්කයෙ තියෙන විශාලතම ආසනය තමයි බණ්ඩාරගම.
ඒ කියන්නෙ නායකත්ව මණ්ඩලේට පොඩ්ඩක්වත් සැනසෙන්න දෙන්නෙ නෑ?
මේ ප්‍රතිඵලය මත කිසිම විදියකට නායකත්ව මණ්ඩලයට සැනසීමට පත්වෙන්න බෑ. මේගොල්ලො ආත්ම ගරුත්වයක් තියෙන මිනිස්සු නම් ලැජ්ජාවක් කියලා එකක් තියෙන මිනිස්සු නම් වහාම ඉල්ලා අස්වෙන්න ඕනෙ.


එතකොට ඔක්කොම හරියයිද?
මෙහෙමයි ඉල්ලා අස්වෙලා අපි ජනතා විමුක්ති පෙරමුණේ ආදර්ශය ගන්න ඕනෙ. ඒ ආදර්ශය තමයි පාක්ෂිකයා ඉල්ලන වෙනස දෙන්න ඕනෙ කියන එක. සජිත් ප්‍රේමදාස මහත්තයා බලන්න, හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල වෙනසක් කරලා තියෙනවා. ඒක සුවිශේෂ කරුණක්.
රාජපක්ෂලගෙ මුළු පවුලම හම්බන්තොට දිස්ත්‍රික්කෙට ගිහිල්ලා, රාජ්‍ය බලය සම්පූර්ණයෙන්ම යොදවලා, වරාය, ගුවන්තොටුපොළ, අර ට්‍රැක්, මේ ට්‍රැක් හදලා තියෙද්දි තමයි තනි පුද්ගලයෙක් විදියට සජිත් ප්‍රේමදාස මහත්තයා මේ ඉහළ ඡන්ද ප්‍රතිශතය පෙන්නුවෙ. කෘත්‍යාධිකාරි මණ්ඩලේ ඉන්න මුල්කිරිගල ආසනේ සංවිධායක ආනන්ද කුලරත්නලා අන්ත විදියට පරාජයට පත්වෙනකොටයි, සජිත් ප්‍රේමදාස මේ විදියට ඉස්සරහට එන්නෙ. ආනන්ද කුලරත්නලා ඡන්දෙටවත් ආවෙ නෑනෙ. වජිර අබේවර්ධන, සුනේත්‍රා රණසිංහ, ලක්ෂ්මන් විජේමාන්න වගේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඉන්න කට්ටිය අඩු තරමේ ඡන්දෙටවත් ආවෙ නෑ. ඒක නිසා ඒගොල්ලො මේක විශිෂ්ට පරාජයක් විදියට භාර ගන්න ඕනෙ.


ඔබ කියන විදියට ජනතාවට ආණ්ඩුව එපාවෙලා. ඡන්ද ප්‍රතිඵලයෙන් පේන විදියට ඔවුන් ජවිපෙ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වගේ විකල්ප පැත්තට බරවෙලා. ඒ කියන්නේ තවදුරටත් යූ.ඇන්.පී.යට පැවැත්මක් නෑ?
සරත් ෆොන්සේකා මහත්තයාට ගිහිල්ලා තියෙන ඡන්ද ජනතා විමුක්ති පෙරමුණට ගිහිල්ලා තියෙන ඡන්ද දිහා බලපුවාම අපි ලැජ්ජා වෙන්න ඕනෙ. ඒ වගේම ජනතාව අපිව ප්‍රතික්ෂේප කරලා කියන කාරණයත් අපි පිළිගන්න ඕනෙ. යූ.ඇන්.පී. එක කියන්නේ ඉතාමත් ශක්තිමත් පක්ෂයක්. අපේ ගම් මට්ටමේ පදනම තවම ශක්තිමත්. නමුත් අපේ නායකත්වය සහ නායකත්ව මණ්ඩලය ගැන ජනතාවට විශ්වාසයක් නෑ. ඒකයි තියෙන ප්‍රශ්නෙ. මහින්ද රාජපක්ෂත් එක්ක රනිල් වික්‍රමසිංහලා, රවි කරුණානායකලා, කරු ජයසූරියලා, මංගල සමරවීරලා තිබ්බහම ජනතාවට මේගොල්ලො ගැන කිසිම විශ්වාසයක් නෑ. ඒ නිසා මේ තියෙන මුහුණුවරත් එක්ක ගිහින් කවදාවත් යූ.ඇන්.පී.යට ඡන්දයක් දිනන්න නම් බෑ.


ඔබ සෘණාත්මක පැත්තෙන්ම බැලුවට වයඹ-මධ්‍යම ඡන්දත් එක්ක බලනකොට කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල වගේ නාගරිකයන් යූ.ඇන්.පී. එක පැත්තට කොළ එළියක් පත්තු කරලා තියෙනවා?
වයඹ-මධ්‍යම යූඇන්පීය අන්ත පරාජයකට පත්වුණා. ඡන්ද ප්‍රතිශතය 21%ක්, 22%ක් වගේ පහළට වැටුණා. මෙතැනදි සීයට තුනක් ඡන්ද වැඩිවුණා කියලා ඒක මහ වර්ධනයක් නෙවෙයි. අද ආණ්ඩුව බරපතළ ලෙස ගම්වල පිරිහිලා තියෙන්නෙ. ජීවන වියදම ජනතාවට දරාගන්න බෑ. මේවත් එක්ක සීයට තුනක් නෙවෙයි, සීයට 20ක, 25ක වර්ධනයක් ඇති කරගන්න ඕනෙ. දැන් 2014 අවුරුද්ද, 2016 වෙනකොට පාර්ලිමේන්තු මැතිවරණය, ජනාධිපතිවරණය එනවා. මේ සීයට තුන ගැන කතා කර කර ඉඳලා ආපසු විපක්ෂයෙම ඉන්නද මේ ගොල්ලො හදන්නෙ.
මන්ත්‍රිතුමා සතෙන් සතේ ඉතුරු කරනවා වගේ පියවරෙන් පියවර උඩට නඟින එකයි සාර්ථක ක්‍රමවේදය. මේ සීයට තුනෙන් පටන්ගත්තෙ ඒ ගමන වෙන්න බැරිද?
හරි, එහෙනම් මේ ඡන්දෙ සීයට තුනයි ඊළඟ ඡන්දෙන් සීයට පහයි. ඔය විදියට අපිට දිනන්න නම් තව කොච්චර ඡන්ද ඕනෙ වෙයිද? 2040 විතර වෙද්දි අපිට ආණ්ඩුවක් ගන්න බැරිවෙන එකක් නෑ.
ඒ කියන්නෙ ඡන්දෙ හින්දා තාවකාලිකව නවත්තපු මෛත්‍රි-ශිරාල් සටන ආපහු පටන් ගන්නවා?
අපි එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට කියන්නෙ දැන් මේ සටන අතට අරගෙන, ඉස්සරහට අරගෙන යන්න කියලා. අපිට කරන්න පුළුවන් සීමාවක් තියෙනවනෙ. අපි දැන් අවුරුදු හතරක් විතර මේ සටනට නායකත්වය දෙනවා. අපි සියලුම පරිත්‍යාගයන් මේ වෙනුවෙන් කරලා තියෙනවා. මේ නායකත්වය වෙනස් කරන්න ඕනෙ කියන සටනෙ අපි කොහොමත් ඉන්නවා. පක්ෂය දිනවන්න ඕනෙ නම්, ජේවීපී එක වගේ නැග්මක් ගන්න ඕනෙ නම් මේ නායකත්වය අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕනෙ.
ඇයි මේ වැඩේට යූඇන්පී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙත් එකඟත්වයක් නැත්තෙ?
ඔව්. ඒක නිසා තමයි අපි ඒ ගොල්ලන්ගෙන් ඉල්ලීමක් කරන්නෙ මේ සටන ඉස්සරහට ගෙනියන්න එකතු වෙන්න කියලා.


එහෙම බලනකොට නායකත්ව මණ්ඩලය විතරක් නෙමෙයි, ඔය පරාජයට එකමුතු නැති යූ.ඇන්.පී. මන්ත්‍රිවරුත් වගකියන්න ඕනනෙ. නැත්නම් මෙලහකටත් ඔය සටන දිනලනෙ?
නායකත්ව මණ්ඩලය කියන්නෙ රනිල් වික්‍රමසිංහට ඕන දේ කරන බලතල රහිත නිකම්ම මණ්ඩලයක්නෙ. කරු ජයසූරිය මහත්තයා ඔක්කොම පාවලා දීලානෙ මේ තනතුර ගත්තෙ. මේ මණ්ඩලේ හැදුවට පස්සෙ විශිෂ්ට ජයග්‍රහණ ලැබෙනවා කියලා ගිරාඹේ ආනන්ද හාමුදුරුවොත් කිව්වනෙ.
උන්වහන්සේලා ඔක්කොමත් මේ පරාජයට වගකියන්න ඕනෙ. මීටියාගොඩ හාමුදුරුවෝ, බෝපිටියේ ධම්මිස්සර හාමුදුරුවෝ, ගිරාඹේ ආනන්ද හාමුදුරුවෝ කියන ස්වාමීන් වහන්සේලා තුන්දෙනාම මේවට උත්තර දෙන්න ඕනෙ. බලතල නැති නායකත්ව මණ්ඩලයක් පිළිඅරන්, රනිල් වික්‍රමසිංහව ආරක්ෂා කරපු මේ කට්ටියම මේ පරාජයට වගකියන්න ඕනෙ.
ඔබ ඇයි යූඇන්පී එක වැටෙනවා කියන එකම උලුප්පන්නෙ. මේ ඡන්දෙන් ආණ්ඩුව වැටුණු තරම ගැන කතා නොකරන්නෙ?
යූඇන්පී එක හතර ගාතෙන් වැටිලා තුවාල වෙලා ඉන්නෙ. ඒ මරගාතෙම යූඇන්පී එකේ නායකයො කියන්නෙ ආණ්ඩුව වැටිලා කියලා. ඒක කියලා තමන්ගෙ අඩුව වහගන්න හදනවා. මේක විහිළුවක්නෙ. ඡන්ද විසි-තිස් දාහක් අඩුවුණා කියලා ඒක ආණ්ඩුවට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. එක ආසනේකින් එක ඡන්දෙකින් දිනුවත් දිනුම දිනුමමයි. මොන කතා කිව්වත් ඒගොල්ලන්ටනෙ බලය තියෙන්නෙ. අපේ වැරැදි හදාගෙන දිනන්න බලන්නයි ඕනෙ. දැන් ඒගොල්ලො කරන්න ඕනෙ එකම දේ මේක කරන්න පුළුවන් කෙනකුට කරන්න දීලා පැත්තකට වෙන එකයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive