facebook like

වාද්නගර් දුම්රිය‍පොළේ සිට අගමැති පුටුව දක්වා...

නරේන්ද්‍ර දාමොරදාස් මෝදි නොහොත් නරේන්ද්‍ර  මෝදි බොම්බේ ප්‍රදේශයට අයත් මෙහ්සානා දිස්ත්‍රික්කයේ, වාද්නගර් හි උපත ලැබුවේ 1950 වසරේ සැප්තැම්බර් මස 17 වනදාය. ඒ දාමොරදාස්  මුල්චාන්ද් මෝදි සහ හීරාබෙන්ගේ තුන්වන දරුවා ලෙසය.වෘශ්චික ලග්නය හිමි ඔහු යම් දිනක ප්‍රසිද්ධ  පුරවැසියෙකු බවට පත්වන බවට අනාවැකි ද පළ වී තිබිණි. කුඩා කාලයේ තාත්තා සමග දුම්රිය ‍පොළේ තේ කොළ සහ තේ විකිණීමෙන් ලද අත්දැකීම් මත තරුණ වියට එළැඹි  පසු සිය සහෝදරයා සමග එක්ව මධ්‍යම බස්රථ හුවමාරුවේද තේ කඩයක් ආරම්භ කරන්නට ඔහුට හැකි විය. වයස අවුරුදු 17 සපිරීමත් සමග පාසල් ගමන නතර කර දැමූ මෝදි තේ ව්‍යාපාරය කෙරෙහි වැඩියෙන්  අවධානය යොමු කරන්නට පටන් ගත්තේය. නමුත් අධ්‍යාපනයට ඔහු දැක්වූ දක්ෂතා සහ විවාද  කණ්ඩායම තුළ දැක්වූ විශිෂ්ටත්වය නිසා පාසල්   ගමන නතර නොකරන ලෙස ගුරුවරු අවවාද කළද, ඉගෙනීම් කටයුතු ගැන වැඩි පැහැදීමක් මෝදි තුළ තිබුණේ නැත. නමුත් සිය තේ ව්‍යාපාරයෙන් ලද ආදායමින් තමන් උගත් අහමදාබාද් විදුහල වටා තාප්පයක් බැඳ දීමට ඔහු කටයුතු කළේය. ඒ ඔහුට වයස අවුරුදු  විස්සේදීය.
දෙමාපියන්ගේ ඉල්ලීම  මත ඔහු විවාහ ගිවිස ගන්නේ වයස අවුරුදු 13 දීය. ඒ ගුජරාත් ප්‍රාන්තයේ  ගාන්චි කුලයට අනුවය. තමන්ට වඩා වසර දෙකකින් ළාබාල යසෝදාබෙන් චිමන්ලාල් සමග විවාහ ගිවිස ගැනීමෙන් පසු, 1968  දී එනම් ඔහුට වයස අවුරුදු 18 පිරුණු පසු ඇය සමග සම්ප්‍රදායානුකූලව  විවාහය සිදු කරන ලදී. නමුත් මෙම විවාහය වැඩි කලක්  පවත්වාගෙන යන්නට මෝදිට හැකි වූයේ නැත. ඊට හේතුව ඔහු ගත කළ සංචාරක ජීවිතයයි. මාස කිහිපයක් ඇතුළත යසෝදාබෙන් මෝදි තම  සැමියා දැක තිබුණේ  තුන් වරක් පමණි.  මේ වන විට ඇය විශ්‍රාමික ගුරුවරියකි. තමන් සහ මෝදි අතර කිසිදාක වෛරයක් හෝ රණ්ඩු  නොතිබූ  බවත්, යම් දිනක ඔහු ඉන්දියාවේ අගමැති බවට පත්වනු  ඇති බවට තමන් තුළ විශ්වාසයක් තිබු බවත්  ඇය පසුගියදා මාධ්‍යයට පවසා තිබිණි. එකිනෙකා වෙන්වීමෙන් පසු යසෝදාබෙන් සහ මෝදි කිසිදා මුණ ගැසී තිබුණේ නැත. නමුත් රූපවාහිනී තිරය මතින් ඔහු දකින  විට ඔහුගේ තනිකඩ ජීවිතය ගැන තමන්ට කනගාටුවක් ඇතිවන  බව ද ඇය පවසන්නීය. පසු කාලයේ හෝ ඔහුට වෙනත් විවාහයක්  කරගන්නට තිබූ බවත්, ඔහු එසේ නැවත වරක් විවාහ නොවන්නට, තමන්ගේ තනිකඩ  දිවිය හේතුවක් වන්නට ඇති බවත් ඇය විශ්වාස කරයි.
විවිධ හින්දු ආශ්‍රම වෙත ගොස් ස්වාමිවරුන්ට උවටැන්  කරමින් ජීවත් වෙන්නට මෝදිගේ තිබූ ආශාව අවසානයේ ජය ගත්තේය. ඒ වනවිට යම් මට්ටමක දියුණුවක් ලබා තිබූ ඔහුගේ තේ ව්‍යාපාරය සහෝදරයාට සහ මාමා කෙනෙකුට පැවරූ  ඔහු කල්කටාව බලා පිටත් වූයේය.  ස්වාමි විවේකානන්ද තම ජීවිතයේ වීරයා බවට පත්කර ගත් මෝදි කාලි මාතාවගේ බැතිමතෙකි. වරක් රුපියල් කෝටි 70 ක්  වැයකර කාලි මාතාව වෙනුවෙන් ආශ්‍රමයක් පවා ඉදිකර දුන්නේය. සෑම වසරකම  පැවැත්වෙන නව රාත්‍රී උත්සවය ඔහු මහත් ඉහළින්  සමරන්නේය. එය පැවැත්වෙන දින නවයම ඔහු සාම්ප්‍රදායික  චාරිත්‍රවලට මුල් තැන් දෙමින් ගෙවන අතර ආහාරයට ගන්නේ පලතුරු පමණි.
සෑමවිටම ඉතා පිරිසිදු ලෙස අඳින්නට ඔහු කුඩා කල සිටම හුරු වී සිටියේය. විදුලි ඉස්ත්‍රික්ක නොතිබූ ඒ කාලයේ පිත්තල  සෙම්බුවකට උණු වතුර පුරවා සිය ඇඳුම් මැද ගන්නට ඔහු පුරුදු විය. පිරිසිදුකමත් පිළිවෙළත් නිසා පසු කාලයේ එනම් 2011 - 2012 වසරවල ඔහු විසින් මිලට ගෙන තිබූ කුර්තා ගණන සියයකට අධික විය. ඔහුට අවශ්‍ය වූයේ එකම කුර්තාවක් මාස හයක්  ඇතුළත  නැවත වරක් නොඅඳින්නටය.  එසේම  තම දින‍පොතේ ලියා තබා  ගන්නා ගමන් බිමන් සහ හමුවීම් පිළිබඳ  විස්තරවලට අනුව,  ඉදිරි සතිය තුළ ඇඳිය  යුතු ඇඳුම් ගැන තම ඇඳුම් සැකසුම් ශිල්පියා  දැනුවත් කරන්නට තරම් ඔහු ඒ ගැන සැලකිලිමත් විය. ඇඳිය යුතු කුර්තාවේ වර්ණය, පැළඳිය යුතු ඔර්ලෝසුවේ  වර්ණය පමණක් නොව සෙරෙප්පු ගැන පවා ඔහු සැලකිලිමත් වූවේය. ආනයනික භාණ්ඩ  කෙරෙහි වැඩි කැමැත්තක් නොදැක්වුවද, ඔහුගේ ඔරලෝසු එකතුවේ තිබූ ඔරලෝසු සියල්ලම විදේශවලින් ගෙන්වූ ඒවාය. සෑම විටම ඔහුගේ කුර්තාවේ පිරිසිදු පනාවක් සහ මුහුණ බලන කණ්ණාඩියක් තිබේ. විනාඩි  කිහිපයකට වරක් කණ්ණාඩියෙන් මුහුණ බැලීමටත්, හිස පීරීමටත් ඔහු ඇබ්බැහි වී තිබුණා යැයි කීම නිවැරදිය. නමුත් ඔහු එය  සිදුක‍ලේ  ප්‍රසිද්ධියේ නොව තම හිතවතුන් ඉදිරියේ  පමණි. නැතහොත් සිය මෝටර් රථය තුළදීය.
තම කාමරය, ‍පොත් රාක්කය සහ ලිපි‍ලේඛන වැඩ සිදුකරන මේසය පිළිවෙළකට තබා ගත්තේ ඔහු විසින්මය. ඔහුගේ සේවකයන් ඒවා පිළිවෙළට තැබිමට ගොස් බැණුම්  ඇසූ වාර අනන්ත විය. ඒ නිසා ඔහු සිටින මොහොතක හැර ඔහුගේ කාමරයට යන්නට කිසිවෙකුත්  කැමති වූයේ ද නැත. තම කාමරය මෙන්ම නිවසේ   මිදුලත් නිවස අවටත් පිරිසිදුව තබා ගැනීමට ඔහුට තිබුණේ  අසාමාන්‍ය  උනන්දුවකි. මිදුල සහ වටාපිටාව  කොටස් තුනකට  බෙදා මෙහෙකරුවන් තිදෙනෙකුට භාරදී තිබුණේ  තමන්ට හිමි කොටස පිරිසිදුව තබා ගැනීමේ වගකීම් ඔවුන් අතට පත් කරමිනි.
දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිධරයෙකු වුවද මෝදිට ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස කතා කළ  නොහැකිය. එසේ වුවද ප්‍රසිද්ධ දේශනවලට සහභාගි වන විට එහි දර්ශන තිර භාවිතා කරන්නට ඔහු අණ  දී තිබිණි. එයට හේතුව  තමන් දේශනයක් පවත්වන විට තම මුහුණේ හැඟීම්   දේශනය අසන්නන් දැකිය යුතු බවට ඔහු තුළ  තිබූ කැමැත්තයි. ඔහුගේ මතය වූයේ දේශකයා නොපෙනන විට දේශනය  අසන්නන්ගේ අවධානය සියයට  පනහකින් අඩුවන බවයි.   දේශනයක් පවත්වන විට විනාඩි පහළොවකට වරක් එය නතර කිරීම ඔහුගේ සිරිතයි. ඒ ඔහුගේ කොඳු නාරටියේ වූ යම්කිසි රෝගාබාධයක් හේතුවෙන්  මතු වූ වේදනාව නිසාය.
ඔහුගේ ප්‍රතිපත්ති අතරින් ඉදිරියෙන්ම වූයේ තමන් උපයන එක් රුපියලක් හෝ නාස්තිකාර වැඩ සඳහා භාවිතා නොකළ යුතු බවයි. ඒ නිසාම  ඔහු මුදල් වංචා කළේ නැත. නාස්ති කළේද නැත. සිය සේවකයකු හෝ මුදල් වංචා කර හසුවුවහොත් කිසිදු සමාවකින් තොරව රැකියාව   අහිමි කිරීමට පියවර ගන්නේය. නමුත් සේවකයන්ට තම පවු‍ලේ අයට මෙන්  සලකයි. උවමනාවන් සඳහා  මුදල් ඉල්ලූ විට දෙවරක් නොසිතාම  ලබා දේ. නමුත් පසු දිනක සේවකයා විසින් ඒවා වියදම් කළ ආකාරය අසා දැන ගනී. සාමාන්‍යයෙන් ඔහු නිදාගන්නේ දිනකට පැය පහක් පමණි. දිනපතා උදෑසන පහට අවදිවන ඔහු පළමුවෙන්ම  කරන්නේ අන්තර්ජාලය  හරහා තමන්ට ලැබි ඇති පණිවුඩවලට අවධානය යොමු කිරීමයි. ඉන්පසු 7.30 ට පමණ කාර්යාලයට යාමට සැරසෙයි. ඒ සඳහා  ඔහුට පැයක් පමණ ගත වේ. වසර 50ක ඉතිහාසයක් තුළ ඒ ඔහුගේ ස්වරූපයයි.
වසර පහක පමණ  සිට ඔහු තද පැහැති කුර්තා අඳින්නට පටන් ගෙන තිබේ. ඔහුගේ මෝටර් රථයේ තද පැහැති සාටක  රැසක්  තිබේ. ජනතාව හමුවට යන විට වෙනස් වර්ණ සහිත සාටක ඔහු විසින් පළඳිනු ලබයි. ඔහුගේ හිතවතුන් පවසන්නේ මෝදිගේ ජයග්‍රහණය රැඳී ඇත්තේ තද වර්ණයන්ගේ බවය. සාමාන්‍යයෙන්  යම්කිසි බරපතළ කාරණා ගැන කල්පනා කරනවිට   ඔහු ගත කරන්නේ වෙනම  කාමරයක් තුළය. එවැනි  වේලාවට කිසිවකුත් තමන් අමතනවාට ඔහු කැමති නැත. එම කාමරයේ සිට ඔහු පිටතට පැමිණෙන්නේ තමා කල්පනා කරමින් සිටි කාරණය   පිළිබඳ  නිශ්චිත නිගමනයකට පැමිණීමෙන් පසුවයි. ඉන්පසු ඔහු තමන් ගත්   නිගමනය හෝ තීරණය  කිසි විටකත් වෙනස් කරන්නේ ද නැත. ඒ ඔහු තමන් තරම්  වෙනත් කිසිවකු විශ්වාස නොකරන බැවිනි.  ඒ නිසාම ඔහුට දේශපාලන දිවිය තුළ හෝ පෞද්ගලික දිවිය තුළ සමීප පුද්ගලයෙකු නැත.
අද වන විට කෝටි සිය ගණනකගේ අනාගතය රැඳී තිබෙන්නේ නරේන්ද්‍ර මෝදි අතය. ඉන්දීය  ජනතාවගේ  විශ්වාසය මතින් අග්‍රාමාත්‍ය ධුරයට පත් ඔහු සිය  ප්‍රතිපත්ති ඒ ආකාරයටම ක්‍රියාත්මක කරනු ඇතැයි  කෝටි  සියයක් වූ මහජනතාව බලා‍පොරොත්තුවෙන් සිටිති.  දුප්පත් ජනතාවගේ  දුක තේරුම් ගත හැකි පහළ පන්තියෙන් පැමිණි කෙනෙකු  රටේ ප්‍රධාන   පුරවැසියා වීමේ භාග්‍යය මේ වන විට ඉන්දියානුවන්  භුක්ති විඳිමින්  සිටී.  වඩන්නට හෝ රකින්නට පරපුරක් නොමැති  මේ තනිකඩ  මිනිසා,  සෝබන  වැඩවලින්  මිදී තම රට වෙනුවෙන් සහ අහිංසක ජනතාව වෙනුවෙන් යමක් කරනු ඇති බව සියල්ලන්ගේ  විශ්වාසයයි.

(දුලංජලී මුතුවාඩිගේ)

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive