ඔහු "අහිංසක පියසේන" විය. පියසේනගේ ජීවිතය අතිශය සරලය. ඔහුට අමුමිරිස් කරලේ සිට ජීවන වියදම ඉහළයෑම ප්‍රශ්නයක් නොවීය. ඔහුට සෑම තත්පරයකම අලුත්වන තාක්ෂණික ලෝකය ප්‍රශ්නයක් නොවීය. අඩුම තරමේ ඔහුට නොකඩවා ඇදහැලෙන මහ වැස්සවත් එක දිගට ගිනිගහන්න පායන පෑවිල්ලවත් ප්‍රශ්නයක් නොවීය. ඔහු බවුන් වැඩුවේ නැත. නමුත් බවුන් වඩනා මුනිවරයකු තරමටම ඔහුගේ දිවි පැවැත්ම අතිශය සරලය. ඔහු ආශාවන් ප්‍රහීන කළ අයකු සේය. ගොඩකවෙල නාරන්දෙණියට ගන අන්ධකාරය ගාටන විට පියසේන ගෑටුවේ කඩපිළකටය. නැතිනම් බස්නැවතුම් පොළකටය. තාරකා කඩා වැටෙන, අව්වැසි සුළං හමන, පුරපස සඳත්, අවපස සඳත් අහසට පැමිණි රාත්‍රින් ගණනාවක් පියසේනටත් නොදැනීම ගෙවී ගියේය. මිනිසුන් කනබොන, අල්ලාප සල්ලාපයේ යෙදෙන, අඬන ෙදාඩන රාත්‍රින් ගණනාවක් පියසේනටත් නොදැනීම පහන් වුණේය. කුසගිනි නිවාගැනීම පමණක් මූලිකම අවශ්‍යතාව කරගත් පියසේනට දිනන්නට ලෝකයක් නොවීය. අල්ලන්නට ඉලක්ක නොවීය. ඉටුකරන්නට වගකීම් නොවීය. හිමි කරගන්නට අයිතිවාසිකම් නොවීය. නමුත් පියසේන මනුෂ්‍යත්වයේ නාමයෙන් යුතුකමක් ඉටුකළේය. ඔහු කාට හෝ අතපා කුසගිනි නිවාගත් නිකම්ම නිකම් පුලන්නකු නොවීය. ගම්වැසියන් පියසේනට "අහිංසක පියසේන" යැයි කීවේ ඒ නිසාය. අහිංසක පියසේන ජීවත්ව සිටියදී මිනිසකු ලෙස තම යුතුකම ඉටු කළේය. අහල පහළ ගෙදරක වත්තපිටිය හෙළි පෙහෙළි වූයේ පියසේනගේ දෑතෙනි. මළගෙයක්, දානයක්, පිරිතක් පැවතුණේ කොහිද, පියසේන එතැනය. පියසේනගේ අවිවාහක ජීවිතය ඔහුව සමාජ සේවයට මුදාහැර තිබිණි. මළගෙදර වළ කපන තැන සිට හැළිවළං සෝදන තැන දක්වාම සත් දිනක් වුව පියසේන එතැන රැඳී සිටියේය.
සිවුරු නොදැරුවත් බවුන් වඩනා මුනිවරයකු සේ කුරා කුහුඹුවකුටවත් හිංසාවක් නොකළ පියසේන, කඩපිළෙහි ගතකළ අවසන් රාත්‍රිය පසුගිය 28 වැනිදාය. දානෙට මරණෙට වැටීගෙන උදවු කළ "අහිංසක පියසේනට" ස්තුතියි කියන්නටවත් නාරංදෙණියේ ජනතාවට අවකාශ නොවීය. කාටවත්ම කරදරයක් නොකළ කාටවත්ම ඊර්ෂ්‍යා නොකළ කා සමඟවත් තරගයක් නොතිබුණ "අහිංසක පියසේන" දඬු මුගුරුවලින් පහර කා කඩ පිළෙහිම මියගොස් සිටියේය. පුළුවන් හැම වෙලාවකම ගමේ පොඩි එකෙක් දුටුතැන ලොසිංජයරක් හෝ අරගෙන දෙන පියසේන මාමා ඒ රාත්‍රියේ මරු තුරුලට ගොස් සිටියේය. එකෙකුට එකෙක් නැති ලෝකයක අනෙකා උදෙසාම උපන් පියසේන අයියා නාරංදෙණියෙන් සදහටම සමුගෙන තිබුණේය. ජීවත්ව සිටියදී කියන්නට නොහැකිවූ මේ ගුණ කථනය අව්‍යාජ මිනිසකුගේ මළගමට කෙරෙන ගුණ වැයුමක් නොව අහිංසකයා පෙළන සමාජයක කෘෘරත්වය පෙන්වන අවනඩුවක් බව කිවයුතුය.
පසුගිය 28 වැනිදා රාත්‍රියේ ගොඩකවෙල මල්වත්ත ප්‍රදේශයෙන් නැඟුණේ අප්‍රසන්න කෑකෝ ගැසීම් හඬ පමණි. රැහැයි හඬත්, හැල ගෙම්බන්ගේ හඬත් අබිබවා මධුවිත විසින් රාත්‍රියම වෙරි කර තිබිණි. අසල ගම්වාසීන්ට මේ කෑකෝගැසීම නුහුරු වුවත් ඒ පිළිබඳ සොයා බලන්නට අවශ්‍ය නොවීය. විටෙක ගීත මුමුනමින් විටෙක වියරු සිනා නඟමින් අතිශය නිසංසල රාත්‍රියම කෙලෙසූ මේ පිරිස බේබද්දන් වග දුර සිටම නිගමනය කළ හැකිය. ෙදාර ජනෙල් අඟුළු ලාගෙන නිදන ගම්වාසීන්ට කඩපිළෙහි නිදනා පියසේන පිළිබඳව නිච්චියක් නොවීය. බීමතින් වෙරිවන මෙවැනි පුද්ගලයන් නිසා රාත්‍රිය කෙලෙසුණ දවස් මීට පෙරද ගම්වැසියන්ට හොඳට පුරුදුය. 28 වැනි ගුරු දිනද එලෙස ගෙවී යන තවත් රාත්‍රියක් සේ සිතා සියලු ගම්වැසියන් නින්දට වැටිණි. නමුත් වෙරි වූ රාත්‍රියේ අපමණ කෙනෙහිලි විඳින්නට සිදුවූයේ අහිංසක පියසේනටය. මධු විතින් පියවි සිහිය අහිමිවූ නරුම බේබද්දන් කිහිප දෙනෙක් වෙරි සිඳෙන තුරු අහිංසක පියසේනට තඩිබෑවෝය. "දීපන් හොරකම් කරපු හාල්මල්ල..." රාත්‍රිය සීතල බවවත් නොදැන පිල්කඩෙහි ගුළිවී නිදාසිටි පියසේනට මොවුන් අසන ප්‍රශ්නයේ අගක් මුලක් වටහා ගන්නටවත් අවකාශ නොවීය.
"අනේ මාව අල්ලගන්න එපා. මම ඇහැටවත් දැක්කේ නෑ. මම හොරෙක් නෙවෙයි. මම හාල් හොරකම් කළේ නෑ. උඩ ඉන්න දෙයි හාමුදුරුවන් පල්ලා මම හාල් හොරකම්
කළේ නෑ" පියසේනට බේබද්දන්ගෙන් ලැබුණ ගැටිබැට සංග්‍රහයටත් වඩා වේදනා ගෙන දුන්නේ ඔවුන් කරන චෝදනාවය. කාට හෝ උදව්වක් කර බත් කටක් කෑවා මිස පියසේන කිසි දිනක කිසිවකුගේ දෙයක් කඩාවඩා ගත් සොරකු නොවීය. එසේ වූවානම් ඔහු අහිංසක පියසේන වන්නේද නැත. නමුත් ගන අන්ධකාරයවත් පදමට සූර් වූ මධුවිතවත් අහිංසකයාව හෝ වංචනිකයාව හඳුනන්නේ නැත. වෙරි මරගාතයෙන් ඇති තරම් විනෝද වී අහවර වූ මේ බේබද්දන්ටද නැති වූ සහල් මල්ල විනා අන් කිසිවක් ඒ මොහොතේ වැදගත් නොවීය. පියසේන දිවුර දිවුරා තමන් සහල් සොරකම් නොකළ බව කියද්දීත් මේ නරුමයත් පිස්සු බල්ලන් රැළක සේ ඒ අසරණයාට ඇති තරම් පහර දුන්නේ ඒ නිසාය. පියසේනගේ අවසන් කෙඳිරිල්ල මම හොරකම් කළේ නෑ... කියා ඇසෙද්දී නරුම පා පහරක් යළිත් ඔහුගේ හිසට එල්ලවිය. ඉනික්බිතිව ඔහුගේ කටින් නික්මුණේ රතුම රතු පාට රුධිරය පමණි. හැම රෑකම පියසේනගේ විඩා නිවූ කඩපිළම ඔහුට අවසානයද ළඟාකර තිබිණි.
"මම හොරෙක් නෙවෙයි..." අහිංසකයකුගේ අවසන් වචනවලට සාධාරණය ඉටුවන්නේ ඉන්පසුවය. පියසේනට ජීවිතය අහිමි කළ මේ කතාව අසන අපට පවා ඉතිරි කළේ කලකිරීමත්, පසුතැවීම මුසු සංවේගයත් පමණි.
පසුදින අලුයම ගම්වැසියකු වූ උපුල් ගාමිණී
පුෂ්පකුමාර "අහිංසක පියසේන"ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දුටු පළමුවැනියා විය. කාත් කවුරුවත් නැති අසරණයකු සේ ජීවත් වුණත් පියසේනට මේ ගමේම ලේ ඥාතීන්ද විය. නමුදු ඔහුගෙන් ඒ කිසිවකුට හෝ වචනයකින්වත් කරදරයක් නොවීය. උපුල් ගාමිණී, පියසේනගේ මේ මරණය පිළිබඳව ගොඩකවෙල පොලිසියට දැනුම් දෙන්නේ ඔහු කෙරෙහි උපන් සාතිශය සංවේගයෙනි.
"මම හාල් හොරකම් කළේ නෑ... දෙයි හාමුදුරුවන් පල්ලා... මම හොරෙක් නෙවෙයි" පියසේනගේ මුවින් නික්මුණු අවසාන කෙඳිරිල්ලට යුක්තිය ඉෂ්ට කිරීම පොලිසියට භාරවිණි. මේ මරණයේ අවාසනාවන්තම සිදුවීම වූයේ සොරකම් කළා යැයි කියන සහල් මල්ල කඩපිළ අසලම තිබී හමුවීමයි. සහල් කිලෝ පහක මල්ලක් වෙළඳසලේ කළුවරක තිබෙන බව නිදාසිටි පියසේන දැන සිටියේ නැත. වෙරි වූ බේබද්දන්ද ඒ බව දැන සිටියේ නැත.
ගණ අන්ධකාරයේ මධුවිතත් සහල් මල්ල තිබෙන තැන සියල්ලන්ගෙන්ම සඟවා ඇත. පියවි සිහිය නැතිවන තුරු බීගත් නරුමයන් පිරිස සහල් කිලේ 5කට අහිංසකයකු මරා දැමුවේ එලෙසය.
කුරා කුහුඹුවකුටවත් අරියාදුවක් නොකළ පියසේන වෙනුවෙන් යුක්තිය ඉටුකරන්නට පෙරමුණ ගත්තේ තිරිසන් සතකු වූ පොලිස් නිල සුනඛයෙකි. සහල් මල්ල ඉවකළ සුනඛයා පටු මාවත් දිගේ ඝාතකයාගේ නිවස සොයා එක එල්ලේම දුවගියේය. "පියසේන අයියා වාහනයකට හැපෙන්න ඇති." මේ අහිංසකයා මරන්න කාටවත් වුවමනාවක් නෑ." පියසේනගේ ඥාතියෙක් කීවේ එලෙසය. නමුත් පොලිස් සුනඛයා ඒ කිසිවක් නොඅසාම ඝාතකයන්ගෙන් කෙනකුගේ ෙදාර අසල නතර විය. සුනඛයා තම රාජකාරිය එතැන් පටන් කොස්තාපල් සමන්තට පැවරීය. පොලිසියේ රාජකාරි අහවර වූයේ එදා රාත්‍රියේ වෙරි වී ජවුසන් නැටූ ඝාතකයන් සියල්ලන්ම පාපොච්චාරණය කළ පසුවය. හාල් කිලෝ 5ක් යනු අද දවසේ අතිශය වටිනා සම්පතක් බව අමුතුවෙන් කිවයුතු නැත. මේ සහල් හිඟයක් ගැනද සහල් මිල ගැනද කියැවෙන කාලයකි. නමුත් සහල් හොරකමක් යැයි සිතා බේබද්දන් දෙදෙනකු මෙලෙස පුද්ගල ජීවිතයක අවසානය තීරණය කිරීම අතිශය ඛේදනීයය. අහිංසක පියසේන අහිංසකයකු ලෙසම කඩපිලේදී මියැදුණේය.
"අනේ ඔහු සහල් හොරෙක් නෙවෙයි" ජීවත් වෙන තුරා බත් කටක් මුවට ගන්නා සෑම දිනකම පියසේනගේ ඝාතකයන්ට ඒ බව සිහිවනු ඇත.
වාසනා සුරංගිකා විතානගේ / පැල්මඬුල්ල - ඉරෝක ගයන්ත

0 comments:
Post a Comment