ශ්‍රී ලංකාවේ තරුණ පිරිස අතර එච්. අයි. වී. ඒඩ්ස් පැතිරීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
ඉකුත් ජුනි මස 30 වැනිදා දක්‌වා මෙරටින් එච්අයිවී ඒඩ්ස් රෝගීන් 110 දෙනකු සොයා ගත් බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවැසීය.
2013 වසරේ මුල් මාස 6 තුළ රෝගීන් 90 දෙනකු හමු වී ඇත. එච්.අයි.වී./ඒඩ්ස් වැළ\qනු ප්‍රථම රෝගියා මෙරටින් හමු වූ 1989 වසරේ සිට මේ වසරේ ජුනි මස 30 වැනිදා දක්‌වා මෙරටින් රෝගීන් 1950 දෙනකු සොයාගෙන ඇතකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැසීය.
හමු වූ රෝගීන්ගෙන් 320 දෙනකු මියගොස් ඇත. තරුණ කණ්‌ඩායම් අතර මෙම රෝගය පැතිර යැමේ අවදානමක් පවතින බවද වෛද්‍ය ලියනගේ මහතා පැවැසීය. වයස අවුරුදු 15-25 සහ මැදිවියේ සිටින රෝගය වැළඳුණු 24 දෙනකු 2012 වසරේදී හමු වී ඇත. 2013 වසරේදී ඒඩ්ස් රෝගීන් 25 දෙනකු සහ 2014 ජුනි 30 දින දක්‌වා 15 දෙනකු ද සොයාගෙන ඇති බවද විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවැසීය.
වැඩිම රෝගීන් පිරිසක් බස්‌නාහිර පළාතෙන් වාර්තා වී ඇත. කොළඹ සහ ගම්පහ දිස්‌ත්‍රික්‌ක ඒ අතර මුල්තැනක් ගනී. නාගරීකරණය වූ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවද පැවසේ.
මෙම රෝගය පිළිබඳව තමන්ගේ රුධිර සාම්පලයක් පරීක්‍ෂා කර ගැනීමේ පහසුකම් දිවයිනේ ප්‍රධාන රෝහල්වල ආරම්භ කර ඇති බවත් සැක සහිත නම් 0112667163, 0112667029 යන දුරකථන අංකවලින්ද උපදෙස් ලබා ගතහැකි බවත් විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවැසීය.

0 comments:
Post a Comment