ඉරිදා පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී චිත්‍රපට නළු සනත් ගුණතිලක මහතා සඳහන් කළේ යැයි කියන ප්‍රකාශ නිසා සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක් හවුස්) සභාපති බන්දුල පද්මකුමාර මහතාට
අපහාසයක් වූ බව පවසමින් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා සනත් ගුණතිලක මහතාට එන්තරවාසියක් යවා තිබේ. නීතිඥ අනූෂා වික්‍රමසිංහ මහත්මිය මඟින් යවා ඇති මේ එන්තරවාසිය ලැබී දින 14ක් ඇතුළත රුපියල් මිලියන 100 නොගෙව්වොත් එය ලබාගැනීමට සනත් ගුණතිලක මහතාට එරෙහිව නඩු පවරන බව එහි සඳහන් කර ඇත.
2014 ජුනි 22 වැනිදා දින එකී ඉරිදා පුවත්පතේ 4 වැනි සහ 21 වැනි පිටුවල සනත් ගුණතිලක හෙළිකරන 'කිසිවකු නෑසූ කතා' යන සිරස්තලය යටතේ පළවූ ලිපියෙන් මෙම අපහාසාත්මක ප්‍රකාශය සනත් ගුණතිලක මහතා කළ බව එන්තරවාසියේ සඳහන් වේ. බන්දුල පද්මකුමාර මහතා පිළිබඳව එම ලිපියේ සඳහන් කර ඇති කතා සත්‍ය ඒවා නොවන බවද ඒ හේතුවෙන් බන්දුල පද්මකුමාර මහතාගේ කීර්තියට හානියක් සිදුවූ බවද එහි සඳහන් වේ.

0 comments:
Post a Comment