කැළෑ වලට වෙලා ඉන්න වල් අලි ගැන අලුතින් කියන්න දෙයක් නෑනේ. උන් මිනිස්සුන්ව සත පහකටවත් විශ්වාස කරන්නේ නැති සත්ව කොට්ඨාශයක්.ඒ හින්දම තමයි අනුරාධපුර පොළොන්නරුව ප්රදේශවල වල් අලි පහර වලින් මිනිස් ජීවිත විශාල ගාණක් නැතිවෙන්නේ.
සමහර අමනුස්සයෝ වගේ හැසිරෙන මිනිස්සු කරපු වෙඩි තැබීම නිසා මේ අලීන්ගේ ශරීරයේ වෙඩි සලකුණු පවා තියෙනවා.
ඒක නිසා ගිණි අවියක් අතින් ගත්ත අයට වල් අලින්ගෙන් ලැබෙන්නේ හොඳ ප්රතිචාරනම් නෙවෙයි.
ඒත් මේ වල් අලි කැළෑවේ ආහාර හොයාගන්න අමාරු නිසා තමන්ගේ බඩ පුරවා ගන්න සන්නද්ධ හමුදා කෑම්ප් එකකට එන එක පුරුද්දක් කරගෙන. වෙනත් රටකින් අපේ රටේ ලස්සන බලන්න ආව කට්ටියක් මේ සිදුවීම පුදුමයෙන් වගේ වීඩියෝ ගත කරලා තියෙනවා. ඒ අවස්ථාවේ අපේ හමුදාව ඔවුන්ගේ මහත් ප්රසංශවට පවා ලක්වෙනවා.
කැලේ ඉන්න කොච්චර දරුණු සතෙක් වුනත් අපේ රණවිරුවන්ව විශ්වාස කරනවා. රණවිරුවන්ගේ අතේ ගිණි අවිය තිබුණත් හදවතේ ගැඹුරුම තැන මනුස්සකම් එක්ක ජීවත්වෙන හිත හොඳ මිනිහෙක් ඉන්න හින්දා හැමෝම ඒ අයට ආදරේ කරනවා.
එම වීඩියෝව පහතින්...





- Login to IntenseDebate
- Login to WordPress.com
Go back