facebook like

උ/පෙළ නැති වුණත් විමල් වීරවංශට කියවා ඉගෙනගත හැකි (video) --- එස්.බී දිසානායක (video)

උසස් පෙළ සමත් නැති වුණත්, උසස් අධ්‍යාපනයක් නැති වුණත් විමල් වීරවංශ අමාත්‍යවරයාට පොතක් පතක් කියවා ඉගෙනගත හැකි බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.

මූල්‍ය සම්ප්‍රදාය ආර්ථික න්‍යාය පිළිබඳ ටිකක් හෝ දැනගත යුතුව ඇති බව දිසානායක අමාත්‍යවරයා කියා සිටියේ අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

පී.බී ජයසුන්දර මහතා ජනාධිපතිවරයා සතු විධායක බලය අනිසි ලෙස
යොදවා ක්‍රියාකරන බවත්, එස්.බී දිසානායක මහතා පී.බීගේ ගුණ වර්ණනා කරන බැවින් ඔහුගේ කැබිනට් පත්‍රිකාවලට වහා මුදල් අනුමත වන බවටත් විමල් වීරවංශ අමාත්‍යවරයා ඊයේ (12) දෙරණ 360 වැඩසටහනට එක්වී චෝදනා කළේය.

එබැවින් අද පැවති මාධ්‍ය හමුවකට එක්වූ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමාට වීරවංශ අමාත්‍යවරයාට කීමට ඇත්තේ ‘ජය වේවා‘ යනුවෙන් පමණක් බවයි.

අමාත්‍යංශ ලේකම්වරයෙකු යනු අදාළ අමාත්‍යංශයේ මුදල් කළමනාකරණය පිළිබඳ වගකීම දරන පුද්ගලයා බවත්, හෙතෙම අනිවාර්යයෙන්ම ප්‍රධාන ගිණුම් නිලධාරියා බවත්, එබැවින් විධායක බලයක් හිමි තැනැත්තෙකු වන බවත්, පී.බී යනු එවැනි විධායක බලයක් හිමි තැනැත්තෙකු බැව් පිළිගත යුතුව ඇති බවත් දිසානායක මහතා පැහැදිලි කළේය.

එහෙත් කටයුතු සිදුවන්නේ අමාත්‍යවරයා හා ලේකම්වරයා අතර පවත්නා එකඟතාවයකින් බවත්, යම් හෙයකින් අමාත්‍යවරයෙකු විසින් අමාත්‍යංශ ලේකම්වරයෙකුගෙන් නීති විරෝධී වැඩකට අනුමැතිය ඉල්ලන්නේනම් එකී නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකි බව ලේකම්වරුන් විසින් පැහැදිලි කරදෙන බවද දිසානායක මහතා සිහිපත් කළේය.

පී.බී ජයසුන්දර මහතා යනු මුදල් අමාත්‍යංශ ලේකම් බැවිනුත්, මුළු රටේම ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කෙරෙන්නේ ඔහුගේ අනුමැතියෙන් බැවිනුත්, මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා වන හෙයින් ජනාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කෙරෙන බැවිනුත් ඔහුට සැලකිය යුතු බලයක් හිමිවන බවද දිසානායක අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එසේම පී.බී යනු රටේ ආර්ථිකය පිළිබඳ දැනුමක් හා අවබෝධයක් ඇති , රටේ ආර්ථිකය ඉදිරියට ගෙනා පුද්ගලයා බවත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය. 

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive