facebook like

ප්‍රථම පෙම් හසුන පියාට හසුවීම නිසා තනිකම් දෝෂයට ලක්වූ රාධිකා

රාධිකා වයස අවුරුදු දාසයක නව යොවුන් තරුණියක්. රාධිකාගේ පවු‍ලේ ඉන්නේ අයියයි අක්කයි රාධිකායි විතරයි. එක් හවස් යාමයක රාධිකා එයාගෙ අක්කත් එක්ක ගෙදරින් පිටත් වුණේ කිලෝ මීටර් භාගයක් විතර දුර පිහිටි  නිවසක කාන්තාවකට මහන්න දීලා තිබුණු තමන්ගෙ අලුත් ගවුම අර ගන්නයි.

රාධිකාලා යන විටත් ඒ ගවුම  මසා අවසන් කර නොතිබූ නිසා ඔවුන්ට සෑහෙන වෙලාවක් එම නිවසේ
රැඳෙන්න සිදු වුණා. වැඩ අවසන් කළ ගවුම අරන් ඔවුන් ඒ නිවසින් පිටත් වෙනකොට  හැන්දෑවෙ හතටත් ආසන්නයි.
ගහ කොළවලින් පිරී තිබූ  පරිසරයේ මහ ‍පොළොවට  බිම් කළුවර වැටෙන්නෙ හරි ඉක්මනට. ඒ නිසා ඔවුන්  දෙදෙනා අඳුරේම ඉක්මන් ගමනින් ගෙදරට ගියා.
ඔවුන් එනතුරු නොඉවසිල්‍ලේ මග බලා හිටි අයියාට අඳුරේම  එන නැගණියන් දෙදෙනා දුටු ගමන් තදබල කෝපයක් ඇති වුණා. ඒ නිසාම රාධිකා ඉදිරියට ගිය ඔහු ඇගේ පිටට පහරවල් දෙකක් ගැහුවේ ඒ කෝපය පාලනය කර ගන්න බැරි තැනමයි.
“උඹට තනිකම් දෝෂ තියන බව අමතක වුණාද? ගොම්මන්  වෙලාවෙ අක්කවත් ඇද ගෙන රෝන්දෙ යන්නෙ?”
පහර දෙන අතරේ රාධිකාගෙ අයියා කිව්වෙ ඒ විදිහට.
පහර කාගෙනම ගෙතුළට පැමිණි රාධිකාට දැනුණෙ තමා ක්ලාන්ත වී ගෙන එන බවකුයි. අසීරුවෙන් කාමරයට ගොස් ඇඳේ වැටුණු  රාධිකා පැය තුනක් පමණ වන තුරුම තදබල නින්දක වැටී සිටියා මිස අවදි වුණේ නෑ. අන්තිමේ  රාධිකාගෙ දෙමව්පියන් පැමිණ රාධිකාව අවදි කරවන්න උත්සාහ කළත් ඇය අවදි  නොවූ නිසා වහා ඔවුන් රාධිකාව ළඟම තිබූ රෝහලට රැගෙන ගියා.
රෝහල් වාට්ටුවේ නතර කරනු ලැබූ රාධිකාගේ රෝග තත්ත්වය සොයා ගැනීම සඳහා විවිධාකාර පරීක්ෂණ කරනු ලැබුවා. නමුත්  පුදුමයකට වගේ ඒ  කිසිවකින්වත් රාධිකාගේ රෝගය පිළිබඳ අනාවරණය කරගත හැකි වූයේ නෑ. පසුව රාධිකාගේ ටිකට් කපා  රෝහලෙන් පිට කර තිබුණා.
මෙය රාධිකාට කලින් කලට  මතුවන රෝග තත්ත්වයක්. ඇය  කිනම් හෝ තදබල කම්පනයකට පත් වූ විට මේ ආකාරයට සිහි විසඥව යාම වසර දෙකක පමණ කාලයක සිට පැවැතුණා. ඉන්පසු  ඇගේ අත් පා දරදඬු වී දෑස රෞද්‍ර පෙනුමෙන් යුතු වන අතර මව්පියන් දෙස රවාගෙන බලා හිඳින  රාධිකාගේ ශරීරය ඒ වෙලාවට කාටවත් පාලනය කරන්නට බැරි  තරමේ දැඩි ශක්තියකින්ද යුතු වුණා.
මෙය කිනම් හෝ  අමනුෂ්‍ය බලපෑමක් කියන ආකල්පය රාධිකාගේ දෙමාපියන් තුළ දැඩිව පැවැතුණා. ඒ නිසා මේ දෙවසරක කාලය තුළ ඔවුන් නොකළ ගුරුකමක්, තොවිලයක් නැති තරම්. ඒත් මේ අමනුෂ්‍ය බැල්මෙන් දියණිය මුදවා ගන්න ඔවුන් අසමත් වුණා.
සිහි විසඥව දරදඬු වූ පසු කිහිප වතාවක්ම රාධිකාව රෝහල් ගත කළ විට ඇයට කායික  රෝගයක් ඇති බවක් පරීක්ෂණ මගින් අනාවරණය නොවූ  නිසා ඇය මනෝ වෛද්‍යවරයකුට යොමු කරන  ලෙස වාට්ටුවේ ප්‍රධාන වෛද්‍යවරයා  උපදෙස් දී තිබුණත් දෙමාපියන් එය පිළිගන්නට මැලි වුණා.
“අපේ ළමයට පිස්සු තියෙනව කියල එතකොට හැමෝම හිනා වෙයි.
රාධිකාගේ මව්පියන් හැමදාමත් හිතුවේ ඒ විදිහට.
නමුත් රාධිකාට මේ දක්වා කරන ලද කිසිදු ප්‍රතිකර්මයකින් පලක්  නොවුණු නිසා මේ අවස්ථාවේ දී ඔවුන්  අකමැත්තෙන් වුවත් මනෝ වෛද්‍යවරයෙකු වෙත රාධිකාව රැගෙන ගියා.
ඒ අනුව කිසිදු කායික රෝග තත්ත්වයක් නැති බවට තහවුරු වූ  රාධිකාගෙ රෝගයට බලපෑ සැබෑ හේතුව අනාවරණය කරගන්නට මනෝ වෛද්‍යවරයාට සෑහෙන පරිශ්‍රමයක් දරන්න සිදු වුණා.
ඊට දෙවසරකට කලින් රාධිකාගෙ රෝග  තත්ත්වය ආරම්භ වෙලා තිබුණෙ කිසිවෙක් නොසිතූ  නොපැතූ අන්දමිනුයි.
රාධිකා එවකට පාස‍ලේ නව වෙනි ශේ්‍රණියෙ අධ්‍යාපනය ලබමින් සිටියා. පාස‍ලේම  වෙනත් සිසුවකු  ඇගෙන් ආදරය පතන්නට වුණේ මේ කාලයේදියි. නමුත් රාධිකා ඊට  එකඟ වුණේ නෑ.
එක්තරා දිනයක මේ සිසුවා රාධිකාට පෙම්පතක් දුන්නෙ තම සිතේ පවතින  ආදරය ගැන සෘජුවම කියාපාමිනුයි.
අවාසනාවකට එදින රාධිකාගෙ තාත්තා ඇගේ ‍පොත් බෑගය ඇද්දෙ  පෑනක්  සොයා ගන්නට. එහිදී ඔහුගේ අතට මේ ලියුම පත් වුණා. එය දුටු මොහොතේම කෝපයෙන් පිපිරෙන්නට පටන් ගත් ඔහු රාධිකාට පහර දුන්නා.
තමන් අත කිසිදු වරදක් නැතිව  පහර කෑමට සිදුවීම රාධිකාට ඉගිලුම් දුන්නෙ නෑ. ඇයට මඳ  වෙලාවකින් පියවි සිහිය අහිමිව ගිය අතර අත් පා දරදඬු වී දෑස් රතු වී ඇය දැඩි ආවේගශීලී ආකාරයට  සිය මව්පියන් දෙස බලා සිටියා. විනාඩි විස්සකට පමණ පසු ඇයට එහෙමම නින්ද ගිය අතර අවදි වන විට පැය භාගයක්  පමණ ගත වී තිබුණා. ඉන්පසු ඇය සාමාන්‍ය තත්ත්වයට පත් වුණා.
වරින් වර මාසයකට වතාවත් දෙකක් රාධිකා  මේ තත්ත්වයට පත් වූ අතර එය හිටි හැටියේමයි සිදු වුණේ. ඒ නිසා  ඇය පාසලට යැවීමට මව්පියන් බිය වුණා. අන්තිමේ  ඇය පාසලට නොයවා  ගෙදර  රඳවා  ගන්නට ඔවුනට සිදු වුණා. මේ අතර රාධිකාගේ තත්ත්වය සමහන් කරන්න ඔවුන් නොකළ ගුරුකමක් නැති තරම්. නමුත්  ඒ කිසිවකින් වත් රාධිකාව සුවපත් කළ හැකි වූයේ නෑ.
මේ ආකාරයට වසරක  පමණ කාලයක් පාසල් නොයා නිවසේ රැඳී සිටින්නට  රාධිකාට සිදු වුණා. ඊළඟ වසරේ ඇය  කෙසේ හෝ  පාසල් යැවීමට  මව්පියන් කටයුතු යෙදුවත්  ඇයට ඇතුල් වන්නට සිදු වුණේ කලින් සිටි ශේ්‍රණියටමයි. ඒ පන්තියේ  පසුගිය වසරේ ඇය සමග සිටි සිසු සිසුවියන් සියල්ලෝම ඉහළ පන්තියට ගොස් තිබුණා. මෙයින්ද රාධිකාගේ සිතේ  බලවත් පීඩනයක් ඇති වුණා.
මේ සියල්ල නිසා ඇගේ සිතේ  ඇති වුණේ බලවත්  මානසික  ගැටුමක්. ඒ ගැටුම නිසා ඇය විඝටනාබාධයනමින් හඳුන්වන මානසික  ආබාධයට ලක්ව සිටියා.
රාධිකාගේ සිතට තදබල දුකක් කම්පනයක් ඇති වූ විගස ඇය සිහි විසඥ වූයේ මේ නිසයි. අවසානයේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර  මගින් රාධිකා සුවපත් කරන්නට හැකි වුණා. දැන් රාධිකා පුරුදු විදියට පාසල් අධ්‍යාපන කටයුතුවල යෙදෙනවා.

ඉන්දු පෙරේරා

විශේෂඥ මනෝ වෛද්‍ය
ඩබ්ලිව්.ඒ.එල්. වික්‍රමසිංහගේ
වෘත්තීය අත්දැකීමක් ඇසුරෙනි

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive