facebook like

අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර ගේ බොරු අනාවැකි -- අංක 1

පෘථිවියට පිටසක්වල ප‍්‍රහාරයක් එල්ල වෙනවා – චන්ද්‍රසිරි බණ්ඩාර

December 16, 2012

ඉදිරියේදී පෘථිවියට පිටසක්වල ජීවීනිගේ ප‍්‍රහාරයක් එල්ල වන්නේ යයි අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අනාවැකි පල කරයි’

ඒ මහතා මවුබිම පුවත්පත සමඟ කර ඇති සාකච්චාව මෙසේය’

නොවැම්බර් මාසයේ 27 වැනිදා සිට මේ දක්වා වරින්වර දක්නට ලැබුණු අද්භූත ආලෝක වස්තු හා යානා සම්බන්ධයෙන් විද්වතුන් විවිධ අදහස් පළ කළා’ සමහර විද්වත් මතයන්ට අනුව මේවා පෙනෙන්නේ සින්ඬේ‍රා්ම් තත්ත්වයේ අයට බවත්” එහෙමත් නැති නම් මේ වල්ගාතරුවල හෝ
ධූමකේතුවල කොටස් කැමරාවල දෘෂ්ටි මායා ලෙසටත් ප‍්‍රකාශ කළා’

මෙවැනි විවිධ මතවාද ලොව පුරා ව්‍යාප්ත වෙද්දී මේ පිළිබඳ සත්‍ය අසත්‍යතාව පිළිබඳ ජ්‍යොතිෂ ශාස්ත‍්‍රයේ සඳහන් වන්නේ කුමක්ද යන්න පිළිබඳ විමසා බලමු’

අප ගෞතම තථාගතයන් වහන්සේ දේශනා කරනවා සහස‍්‍රයේ ලෝකධාතුව
පවතින බවත්” උන්වහන්සේ ධම්මචක්ඛපවත්වන සූත‍්‍ර දේශනාවේදී විවිධ ජීව තලවලට එය ඇසුණු බවත් එය ඊට එහාට ප‍්‍රකාශ කළ ආකාරයත්” ඒ අනුව මිනිසුන්ද සතුන්ද පෘථිවිවාසීන්ද හැර ඇසට නොපෙනෙන ක‍්‍රියාකාරී වියහැකි යැයි සිතීමට හැකි තවත් ජීවීන් විශේෂ සිටින බවත් සිතන්නට පුළුවන්’

කරණීය මෙත්ත සූත‍්‍රය ආරම්භයේදීම මතක් කරනවා එවැනි ජීවීන්ට මෛත‍්‍රි කළ යුතු බව’ අපේ දෑස්වලටත්” අපේ කනටත් නොපෙනෙන” නොඇසෙන ලෝකය ඉතා විශාලයි’ විසිබල් ලයිට් (දෘශ්‍ය ලෝකය* තුළ අපිට නොපෙනෙන ලොව එක්ස් කිරණ” ගැමා කිරණ” දිගු හා කෙටි තරංග ලෙස විද්‍යාවේදී සටහන් වෙනවා’ ඔවුන් පෘථිවියට පැමිනුණ අපේ සංඛ්‍යාතවලට අසුනොවන අප‍්‍රමාණ කිරණ වර්ග තිබිය හැකියි’

ලෝකායතන ජ්‍යෙතිෂයට අනුව මේෂ රාශියට ග‍්‍රහයෝ පිහිටෙව්වහොත් ලෝකයට කරන සතුරුකම් පිළිබඳ කතාබහ කරන 6 වැන්නේ රවි” බුධ” කුජ” ගුරු පැහැදිලිව තැන්පත් වෙනවා’ ඒ විතරක් නොවෙයි කුජ හා ගුරු මේ වකවානුවේදී සතුරු තත්ත්වයෙන් පිහිටනවා’ සතුට ගැන කියැවෙන සිකුරු ලෝකයට කඩා වැටෙන හදිසි කරදර ගැන කියැවෙන සෙනසුරු ඉන්නවා’ ඒ සෙනසුරු සතුරුයි’ මේ තත්ත්වයන් සමාන ආකාරයේ දකින්න පුළුවන්’ ඊට පස්සේ මේෂ ලග්නය යොදාගෙන ග‍්‍රහචාරය ගැන සොයා බලද්දී රවි” බුද” සිකුරු” කුජ” යුරේනස් සමග හතරදෙනා එකතුව සිටිනවා’ ඒ වගේම සෙනසුරු එදිනත් සතුරුව හෝ සතුරුමොට ස්වභාවයෙන් ගමන් කරනවා’

එහෙත් රවි අධිපති සිංහ රාශියේ හදිසි අනතුරු කරදර ගැන කතා කරන අටවැන්නේ නෙප්චූන් පිහිටා තිබීම අපේ අවධානයෙන් මග හරින්න බැහැ’ ඒ වගේම හඳුනා නොගත් අලෝක වස්තූන් ලංකාවාසීන් දැක තිබෙන දින වකවානු ගතහොත් දෙසැම්බර් මස 12 13 දින ගතහොත් අපට පේනවා ලෝක කේන්ද‍්‍රයේ වූ මේෂ රාශියේ රවි රාහු බුධ සිකුරු චන්ද‍්‍ර කියන සංකේත පහම එකට ඒකරාශී වී තිබෙන බව අටවැන්නේ එහෙම නැතිනම් වෘශ්චික රාශියේ’ සෑම චතුර් ග‍්‍රහයෝගයක් හෝ පංචග‍්‍රහයෝගයක් උදාවන මොහොතේදී එවැනි යානා පැමි”ම සිද්ධ වෙලා නෑ’ එහෙත් එවැනි චතුර් ග‍්‍රහයෝග හා එවැනි රටාවන් පවතින විට එවැනි අද්භූත සිදුවීම් වාර්තා වෙනවා’ විශේෂයෙන් වෙනත් ලෝකවල ජීවීන්ගෙන් පෘථිවියට අනතුරක් හෝ නව සබඳතාවක් ගොඩනැගීමට හේතුවන නව වසරක කාලවකවානු ආරම්භ වෙනවා’ ඒ 2012 දෙසැම්බර් 23දා’

රාහු හා සෙනසුරුගේ එකතුවීමත් සමගමයි මෙය සිදුවෙන්නේ’ මේ ගැන අපි විශේෂ ලිපියකින් පසුව විමසමු’ නමුත් 2012 දෙසැම්බර් 23දා අපේ පෘථිවියට තීරණාත්මක යුගයක ආරම්භය සිදුවන බව වගකීමෙන් කිව හැකිය’ මීට පෙරාතුව සෙනසුරු උච්ච වී සිටින තුලා රාශියට රාහු පැමිණ ඇත්තේ අවුරුදු 200 ගණනකට පෙරයි’ එනම් ක‍්‍රි’ව’ 1805 ඔක්තෝබර් 27දා උච්ච සෙනසුරු සිටි තුලා රාශියට රාහු පැමිණ ක‍්‍රි’ව’ 1806 නොවැම්බර් පළමුදා රාහු ග‍්‍රහයා තුලා රාශියෙන් සෙනසුරුගේ සම්බන්ධයෙන් ඈත් වෙනවා” නිදහස් වෙනවා’

මේ කාලය නැපෝලියන්ගේ ආක‍්‍රමණ උත්සන්න වුණු කාලයක්’ හිරු නොබසින අධිරාජ්‍යයට තහනම් නියෝග පනවන්නට” ගොඩබිමින් ඇතුළුවීමේ තහනම හිරුනොබසින අධිරාජ්‍යයට පනවන්නේ නැපෝලියන් මෙම වකවානුව තුළයි’

එසේම ලෝකය යුද භීතියට යුද අවුලකට පත්වන බියට තැතිගැන්මට පත්වන මිනිසුන් වේගයෙන් මළකඳන් බවට පත්වුණු යුගයක් තමයි අපිට මුණගැහුණේ’

රාහු” සෙනසුරු” තුලා රාශියේ එකට ගමන් කරන අවස්ථා ඉතාම දුර්ලභයි’ එවැනි අවස්ථාවක් අවුරුදු 200ට පසුව පෘථිවියට උදාවෙනවා’ ඒ 2012 දෙසැම්බර් 23දා’ ලෝකායතන ජ්‍යෙතිෂ ගැන කතා කරන මේෂ ලග්නයේ සෙනසුරු කුජ” උච්චවන පංචමහා පුරුෂ යෝගයන් සම්බන්ධව සිටින අවස්ථාවකදී 7 වැන්න හා 10 වැන්න වූ මර්මස්ථාන දෙකක සිටීම” කේන්ද‍්‍රස්ථාන දෙකක සිටීම” මේෂ ලග්න ලෝකායතන කේන්ද‍්‍රයේ බුධ” සිකුරු අටවැන්නේ සිටීම” මාරකස්ථානය වූ දෙවැන්නේ ගුරුගේ පිහිටීම අපට අමතක කළ නොහැකිය’

සමස්ත පෘථිවිවාසී ජනතාවම දැනගත යුතුයි” සූදානම් නැති ආගන්තුකයන්ගේ දැනහඳුනා නොගත් ප‍්‍රහාරයකට ඉඩ ඇති සමයකට ගමන් කරන බව’ අපට මෙහි දරුණුතම පීඩාවන්ට ගොදුරුවීමට සිදුවීම ඒකාන්තය’

පසුගිය කාලයේ ඇදහැලූණු රතු වැස්ස වැනි ඇල්ගී වර්ග පොළොවට අලූතින් සම්බන්ධ වීමට පුළුවන් ප‍්‍රහාරක ක‍්‍රම ගණනාවක් ඔවුන් සතුයි’ මෙම ඇල්ගී වර්ග සාමාන්‍ය ගහකොළ වැඞීමට වඩා සීග‍්‍රයෙන් වැඞීම දුටුවහොත් අනියතව බිය විය යුතු නැහැ’ මක්නිසාද යත් ඒවායේ සිදුවිය හැකි එවන් ක්‍ෂණික පැතිරීම්වලට උපකාරී අවි වර්ග ඔවුන් භාවිත කරන්නට පුළුවන්’

ඉදිරියේදී සිදුවන විවිධ ග‍්‍රහ සබඳතාවන් පොළොවේ සාමාන්‍ය සමතුලිත බව බිඳ දමන්නට බලනවා’ විශේෂයෙන් ඔබ නොසිතන තරම් ස්වාභාවික ව්‍යසන බහුල කාලයකටයි ඔබ පියවර තබන්න සූදානම් වෙන්නේ’ භූමිකම්පා හෝ සුනාමි හෝ ටොනේඩෝ වැනි ක්‍ෂණික සුළං විපත් දිළිඳු අප රටවලට පමණක් නොව ලොව බලවත් රටවලටත් මුහුණ දෙන්නට සිදු වෙනවා’ විශේෂයෙන් අපේ රටට වඩා වැඩියෙන්’

කෙසේ වුවත් අවුරුදු 200කට පසුව රාහු සෙනසුරු සබඳතාව අපට තවත් වැදගත් පණිවුඩ කිහිපයක්ම සපයනවා’ වෙනත් ලෝකවල ජීවීන් පිළිබඳ අප කරන පර්යේෂණ නිසා අප වෙනත් ලෝකවල ජීවීන්ගේ ගොදුරු බවට පත්වීමට ඉඩකඩ තිබෙනවා’

ලෝකායතන ජ්‍යෙතිෂයට අනුව සූර්ය උෂ්ණත්වය ඉහළ යෑමෙන් මේ සෙනසුරු රාහු සම්බන්ධයෙන් අපට මතක් කරනවා’ උන්හිටි ගමන් සිදුවන කාලගුණ විපර්යාස නිසා බවබෝග විනාශ වීම ලෝකය ආපසු ආහාර අර්බුදයකට ගෙනයෑමට තරම් බලවත් වෙනවා’

නොසිතන විදියට සිදුවන භූ චලන අනුව රැුස්කරගත් ජලය වැව් වැනි ස්ථානවලින් විනාශ වී යෑමට ඉඩකඩ වැඩියි’ භූගත ජලය මෙම පිපිරුම් සමÛ අපට ප‍්‍රයෝජනයකට ගත නොහැකි ගැඹුරකට හෝ සාගරවලට හෝ එකතුවීමට ඉඩකඩ බොහෝමයි’ මේ සිදුවීම්වල රටාව සියුම් ග‍්‍රහ පරීක්‍ෂණවලින් හඳුනාගන්න පුළුවන්’ නමුත් ඒ සිදුවීම් ප‍්‍රකාශ කරන්නට බැරි විශේෂ වූ අයගේ නින්දාවට හෝ අවඥාවට ගොදුරු විය හැකි බැවිනුයි’ ලංකාව යනු මෑත කාලයක සිට කිසිවක් අත්හදා බලන්නට පර්යේෂණ කරන්නට නුසුදුසු රාජ්‍යයක් බවට පත්වෙමින් තිබෙනවා’ උගතුන් යැයි කියාගන්නා නොයෙකුත් මිථ්‍යාදෘෂ්ටික හා දැඩි ආකල්පවලින් පිරුණු පිරිසක් පර්යේෂණාත්මක කටයුතුවල යෙදීමෙන් වරද සහගත විසඳුම් පැමිණි විට එම පර්යේෂණ කළවුන් නින්දා සහගත තත්ත්වයට පත් කරවනවා’

මේ නිසාම එවැනි දේ කරන්නට හෝ ඒ පිළිබඳ ප‍්‍රසිද්ධියට පත්කරන විට සහාය ලබාගැනීම ඉතාම අපහසු කාලවකවානුවකයි අප කටයුතු කරන්නේ’ විශේෂයෙන්ම ඔබ ප‍්‍රවේසම් විය යුත්තේ මෙවැනි බිහිසුණු තත්ත්වවලට ගොදුරු නොවී ප‍්‍රවේසම්ව ජීවත්වීමේ කලාව ඉගෙන ගැනීමටයි’

පෘථිවියට බලපාන බිහිසුණුම වෙනත් ග‍්‍රහ ලෝකයක ආක‍්‍රමණයක් සිදුවීමට ඉඩකඩ බොහෝය’ එසේම පෘථිවිය තුළ පර්යේෂණ සිදුකිරීමට ගන්නා සූක්‍ෂ්ම තරංග විද්‍යාවක් වැනි දෙයක් උපයෝගී කරගන්නවා’ වෙනත් ලොවක ක‍්‍රියාකාරකම්වලට පෘථිවිය ගොදුරුවීමට ඉඩ ඇති කාලවකවානුවකුයි මේ උදාවෙලා තිබෙන්නේ’

ඔබ සියලූ දෙනා අවදානමක් විය යුතු ප‍්‍රධාන කාරණාව නම් පෘථිවියේ වාසීන් හැටියට සියලූ දෙනා එක්ව පොදු සතුරා වූ අන්තර් ග‍්‍රහලෝක ආක‍්‍රමණිකයාගෙන් ප‍්‍රවේසම්වීමයි’ ඒ නිසාම නව යුගයක් ආරම්භවීමට ඇති අවස්ථාව බොහෝයි’

1 comment: Leave Your Comments

  1. may kalakanni boru karayawa SUDU VAN" eken ussan giya welaway athurudahan karannai thibune, mu kata ariyoth kiyannema patta pal boru.

    rada

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive