facebook like

විලක්කු එළියෙන් ප්‍රේමදාස ගුවන් යානය නග්ගයි

තමන් භාර ගත් කටයුත්ත නිසි පරිදිත් නිසි වේලාවටත් නියමිත පරිදි කිරීම ප්‍රේමදාස මහතාගේ ලක්ෂණයකි. ‘බැහැ සර්! මේක නම් කරන්න බෑ’ යනුවෙන් කියන්නට බැරිය. බැරි වැඩක් කියන්නේ නැති නිසා ප්‍රේමදාස මහතා කියූ දේ හොඳින් කරනවා විනා වෙනත් සිතිවිල්ලක් තීරණයක් සිතා ගන්නට අන් අයට නොහැකිය. මේ නිසා එතුමා සමඟ වැඩ කරන්නට බැරි වූ බොහෝ නිලධාරීන්ට වෙනත් රැකියාවක් සොයා ගන්නට සිදුවූ අවස්ථාද බොහෝය.

ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා හැටියට ඇඟලුම් කම්හල් 200ක් විවෘත
කරමින් ආයෝජකයන් දිරිමත් කරමින් ගමේ දරුවන්ට රැකියා අවස්ථා සලසමින් ජනප්‍රිය වෙමින් සිටි කාලයකි. ඇඟලුම් කම්හල් ව්‍යාපෘතිය යටතේ එදා පොළොන්නරුවේ ස්ථාපිත කළ ඇඟලුම් කම්හල විවෘත කරන්නට ප්‍රේමදාස මහතා පැමිණියේ හෙලිකොප්ටර් යානයකිනි. එය හිඟුරක්ගොඩ පිහිටි කුඩා ගුවන්තොටුපළෙන් ගොඩ බැස්සවීය. උදේ වරුවේ පොළොන්නරුවේ ඇඟලුම් කම්හල විවෘත කළාට පසු සවස්වරුවේ තිබුණේ අම්පාරේ කම්හලක් විවෘත කරන්නටය.

‘මේ කම්හල් ගමට ගෙනාවේ ගමේ දරුවන් සිදාදියට ගිහින් විනාශ වන එක වළක්වා ගන්නටයි. ගමන් වියදම් ඉතිරි කරගෙන ගමේම කම්හලේ වැඩ කරලා ගමට මුදල් ලැබෙන්න ඕන නිසයි. ඒත් විරුද්ධ පක්ෂයේ බොහෝ දෙනා මම ගමේ දරුවන්ට කියලා සුද්දියන්ට ජංගි මහනවා කියලා මට අපහාස කරනවා. ප්‍රේමදාස දුප්පත් පවුලකින්, දුප්පත් මිනිසුන් මැද්දෙන් ඇවිත් දුප්පත් මිනිසුන්ට මෙහෙම කරන එක බලා ඉන්න බැරි නිසයි ඔය මාන්නක්කාර උන්දැලා අපහාස කරන්නේ. ඒත් මම දුප්පත් මිනිස්සු අතට සල්ලි ලැබෙන මේ ක්‍රමය නවත්වන්නේ නෑ.’

ප්‍රේමදාස මහතා පොළොන්නරුවේ රැස්වීමේදී එසේ කියද්දි රැස්ව සිටි පිරිස බොහෝ සතුටට පත්ව ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ප්‍රේමදාස මහතා කතා කෙළේ සතුටින් යුතුවය.

එදින ඊළඟට තිබුණේ සවස අම්පාරේ ඇඟලුම් කම්හලක් විවෘත කිරීමටය. අම්පාරේ ගමනට ප්‍රේමදාස මහතා සමඟ සහභාගි වන්නට වීරසිංහ මල්ලිමාරච්චි, ඔසී අබේගුණසේකර, මැණික් ව්‍යාපාරික මුසම්මිල් හාජ්ජියාර් හා රූපවාහිනි හා ප්‍රවෘත්ති නියෝජිතයෝ රැසක්ද බලා සිටින්නට වූහ.

ප්‍රේමදාස මහතා නියමිත වෙලාවට හෙලිකොප්ටර් යානයට ගොඩනැඟුණේය. සෙස්සෝද සෙසු යානාවලට නැඟගත්හ. ගුවන් ගතවූ යානා අතරින් ප්‍රේමදාස මහතා රැගත් යානය මොහොතකින් හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළටම බැස්ස වූයේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය නිසාය. එම ස්ථානයේ සිටි රජරට ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රේමදාස මහතාට අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුව දැන්වීය. ප්‍රේමදාස මහතා ගමන පමා වීම ගැන කලබලයට පත්විය.

‘අම්පාරේ දයාරත්න ඇමැතිතුමාගෙ රැස්වීමට ලොකු සෙනඟක් රැස්වෙලා කියලා දැනුම් දුන්නා. මම එනතුරු ඒ අවශ්‍ය මිනිස්සු බලන් ඉන්නවා. කම්හල විවෘත කරලා මම ඒ මිනිසුන්ට වචන දෙක තුනක්වත් කතා කරන්ට එපැයි. මේ ගමන නම් කොහොම හරි යන්ඩම ඕනෑ!’ යි ප්‍රේමදාස මහතා තිර හ¾ඩින් කීය.

ගන වලාකුළින් බරවූ අඳුරු පැහැගත් අහස දෙස ප්‍රේමදාස මහතා බැලුවත් ඔහු පසු බැස්සේ නැත.
‘නෑ අපි යන්නම ඕන.. කොහොම හරි යන්නම ඕනෑ’ යි කීය. පිරිස තත්ත්වය පහදා දුන් පසු අන්තිමේදී ප්‍රේමදාස මහතා කීවේ මෝටර් රථයෙන් යා යුතු බවයි. එය නියෝගයක් වැනි විය. පිරිස අන්දුන් කුන්දුන් වූයේ මේ වෙලාවේ ඉතා අනතුරුදායක මාර්ගයක් ඔස්සේ ප්‍රේමදාස මහතාව රැගෙන ගොස් තවත් විපතක් වේවිය යන්න දැනුණු නිසාමය.

පිරිසේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව භාරව සිටි පොලිස් ප්‍රධානියාද හමුදා ප්‍රධානියාද වහා මේ ගැන අදහස් හුවමාරු කැර ගත්හ. එහි සිටි හමුදා නිලධාරියෙක් ජනාධිපති ප්‍රේමදාස මහතා අසලට ගොස් මෙසේ කීය.

‘ජනාධිපතිතුමනි පාර දිගේ මේ ප්‍රදේශය හරහා ඔබතුමාව කොහෙත්ම මේ වෙලාවේ ගෙනයන්න බැහැ. අපි ඒකට සූදානම් නැහැ. භික්ෂුන් වහන්සේ රාශියක් කොටි ඝාතනය කරපු අරන්තලාව වගේ ප්‍රදේශයක් හරහා තමයි තමුන්නාන්සේව මෝටර් රථයෙන් අරන් යන්න තියෙන්නේ. ඒ නිසා කොටි ත්‍රස්තවාදීන් ගැවසෙන මේ මාරක මාර්ගය දිගේ ගෙනයන්න එකඟ වෙන්න බෑ!’

ආරක්ෂාව භාර හමුදා නිලධාරියාගේ ඇඟට කඩා නොපැන්න ප්‍රේමදාස මහතා මොහොතක කල්පනාවට වැටුණේය. කවුරුත් සිතුවේ ‘නෑ!’ ‘බෑ!’ කියලා ප්‍රේමදාස මහතාට කිසිම ජගතකුට කිව නොහැකි වුවත් මේ ප්‍රශ්නයේදී නම් ප්‍රේමදාස මහතාට බෑ කියන දේ පිළිගන්නට සිදුවන බවය. මොහොතක නිහැ¾ඩියාවෙන් පසු ප්‍රේමදාස මහතා හමුදා නිලධාරියා අමතා මෙසේ කීවේය.

‘හෙලිකොප්ටර්වලින්නෙ යන්න බැරි. ඒත් අර පික්ස් වින්ග් කියන පුංචි ගුවන් යානයෙන් පරෙස්සම් විදියට ගමනක් යන්න පුළුවන් නේද? ඒ නිසා ඉක්මනින් එකක් ලෑස්ති කරන්න.’

හමුදා නිලධාරියා කටුනායක ගුවන් තොටුපොළත් ගුවන් හමුදාවත් ඇමැතීය. පැයක් පමණ ගතවිය. හිඟුරක්ගොඩ කුඩා ගුවන් තොටුපොළට ළඟා වුණේ ‘පික්ස් වින්ග්’ නම් කුඩා සැහැල්ලු ගුවන් යානයයි. එය දුටුවනම ප්‍රේමදාස මහතා සතුටට පත්විය.

එහෙත් ගුවන් නියමුවන් කාලගුණ තත්ත්වය ගැන වඩාත් සංවේදී වී ජනාධිපතිවරයා රැකගෙන යන ගමනකට පමණක් අවශ්‍ය මොහොත දක්වා උනන්දු වනු ප්‍රේමදාස මහතාට දැනුණේය.

ප්‍රේමදාස මහතා කිසිවක් මායිම් නොකොට අම්පාර ජන හමුවත්, කම්හලත් වෙත යන්නට එම කුඩා ගුවන් යානයට ගොඩවැදුණේ කිසිදු චකිතයක් නොමැතිවය. ගුවන් යානය තුළ ප්‍රේමදාස මහතා හා ඔසී අබේගුණසේකර හා මල්ලිමාරච්චි ඇමැතිවරයාද සිටියේය. කවුරුත් ආසන පටි තද කැර ගත්හ. ගුවන් යානය අහස් කුසට ඔසවන්නට නියමුවා පමා විය.

‘වැසි අන්ධකාරය වැඩියි. ජනාධිපතිතුමනි, අපට අම්පාරේ පුංචි ගුවන් යානා පථය පෙනෙන්නෙ නැතිව යාවි. අන්ධකාරෙ මැද බස්සගන්න අමාරු වෙයි. එහෙම වුණොත් ඒක අනතුරුදායකයි!’ යි ගුවන් නියමුවා ප්‍රේමදාස මහතාට කීය.

‘එහෙම කියලා බෑ කොහොම හරි යන්න ඕනෑනේ. අපිට අම්පාරේ බස්ස ගන්න බැරි වුණොත් මඩකළපුවෙ හරි බස්සන්න පුළුවන්නේ.’ යි ප්‍රේමදාස මහතා කීය.
ගුවන් යානය තුළ සිටි ගුවන් නියමුවා තත්ත්වය කොළඹ ගුවන් හමුදා මූලස්ථානයට දැනුම් දුන්නේය.

නියමිත ගමන කඩාකප්පල් වීම ගැන ප්‍රේමදාස මහතා මහත් කම්පාවට පත් වූ බව කාටත් තේරුම් ගිය නිසා එකිනෙකාගේ මුහුණු බලා ගන්නවා ඇර කිසිවක් කියන්නට ඉඩක් නොවීය. බැරිම තැන දුරකතනයෙන් ගුවන් හමුදාපතිවරයා සම්බන්ධ කරගත් ජනාධිපති ප්‍රේමදාස මහතා කෙසේ හෝ ගමනට අවසර ගත්තේ ගමනේ සියලු වගකීම් තමන් භාර ගන්නා බව දක්වමිනි.

කෙසේ හෝ යානය ගුවන් ගත කෙරිණි. කියූවත් වගේ ගුවනේදී එය උඩ පහත විසිවන්නට විය. කාලගුණ තත්ත්වය නරක නිසා කොයි මොහොතේ හෝ යානය කඩා වැටේ යැයි කවුරුත් සිතූහ. සියලු දෙනාගේම මුහුණේ භීතියක් තිබිණි. එහෙත් ප්‍රේමදාස මහතා බොහෝ සැහැල්ලුවෙන් යුතුව පසුවිය.

වැසි හා අන්ධකාරය මත මහත් අසීරුවෙන් යානය අම්පාර ගුවන්තොටට ගොඩ බැස්සවීය. අම්පාරේ ඇඟලුම් කම්හලද විවෘත විය. ප්‍රේමදාස මහතා සතුටට පත්වන ජනකායක්ද එහි විය. යළිත් කොළඹ ආ යුතුය. එහෙත් රෑ බෝ විය. අම්පාර ගුවන් තොට නොදියුණු එකකි. රාත්‍රියේ ගුවන් ගත කරන්නට නම් ධාවන පථයේ විදුලි බල්බ් දැල්විය යුතුය. එහෙත් ඒවා නැත. කෙසේ හෝ රෑ බෝ නොවී කොළඹද යා යුතුය. රැස්වීම අතරතුර මේ පණිවුඩය ප්‍රේමදාස මහතාගේ කන වැකිණි
‘කලබල නොකර රැස්වීම තියන්න කියන්න. රෑට පාර පේන්නෙ නැත්නම් ගුවන් යානය නග්ගන්න බැරි නම් අපි පොල්කෝම්බවල තෙල් දාලා විලක්කු වගේ ධාවන පථය දෙපැත්තෙ පත්තු කරමු. පාරනෙ පේන්න ඕන. කරදරයක් නැතිව නග්ග ගන්නනෙ ඕන’ යි ප්‍රේමදාස මහතා කීය. කියුවත් වගේම ගුවන් නියමුවෝ එසේම කොට රෑ බෝවී සියලු වැඩ නිමාවූ පසු ප්‍රේමදාස මහතා රැගත් ගුවන් යානය ගුවනට එක්කැර ගත්හ.
ඒ ප්‍රේමදාසගේ හැටිය...


ලබන සතියට...

සජිත් රෝහිත ලියනගේ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive