ඉන්දියාවේ ආම් ආද්මි පක්ෂයේ නායක අරවින්ද් කෙජ්රිවාල් මහතාට රික්ෂෝකරුවෙකු අද කම්මුල් පහරක් එල්ල කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඊසානදිග ඉන්දියාවේ සුල්තාන්පූරි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙමින් සිටියදී ඔහුට එම ප්‍රහාරය එල්ල වී ඇති බව ය.
ප්‍රහාරයෙන් කෙජ්රිවාල්ගේ වම් පස ඇස ප්‍රදේශය ඉදිමීමට ලක් ව ඇත.
ප්‍රහාරය එල්ල වන
අවස්ථාවේ කෙජ්රිවාල් විවෘත රථයකින් ගමන් කරමින් සිටි ඇති අතර රික්ෂෝකරු ඔහු පිළිගැනීමේ මුවාවෙන් පැමිණ කෙජ්රිවාල්ට මල්මාලයක් පළඳවමින් ප්‍රහාරය එල්ල කර තිබේ.
පසුව කෙජ්රිවාල්ගේ ආධාරකරුවන්ගේ ප්‍රහාරයකට ලක් වූ අදාළ රික්ෂෝකරු රෝහල්ගත කර තිබේ.
මේ දිනවල සිය මැතිවරණ ව්‍යාපාරයේ නිරතව සිටින කෙජ්රිවාල් පවසා ඇත්තේ, තමන්ට පහර දුන්
රික්ෂෝකරුට තමන් සමාව දෙන බව ය.

0 comments:
Post a Comment