facebook like

ආණ්ඩු පෙරළීම ගැන ඉගෙන ගැනීමට මැදමුලනට එන්න (VIDEO)

ආණ්ඩු පෙරළීම ගැන ඉගෙන ගැනීමට හාවඩ් යාමට අවශ්‍ය නැති බවත් මැදමුලනට ආවා නම් තමන්ට ඒ ගැන හොඳ හැටි කියා දිය හැකි බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අරාබි වසන්තය වැනි නම් යොදා ගනිමින් ජනතාවට පාරට බහින්න කියා ඇතැමුන් කියන නමුත් බලහත්කාරයෙන් ආණ්ඩු පෙරළීමට තමන් කිසිසේත් ඉඩ නොදෙන
බවද හෙතෙම අවධාරණය කරයි.

රටක ආණ්ඩු පෙරළිය යුතු බවත් එසේ කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව බවත් පවසන ජනාධිපතිවරයා තමන්ද එසේ පාරට බැස හොඳ හැටි පදම් වූ පුද්ගලයෙකු යැයි කියා සිටියේ අද (08) කොළඹදී පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

2013 මහ බැංකු වාර්තාව එළිදැක්වීම නිමිත්තෙන් එම උත්සවය පැවැත්විණ.

 ඇයි අමේ ඇති නැති පරතරය වැඩිවිමක් වෙයි ද මෙන්න මේ  ඇති අය අතරත් නැති අය අතරත් ‍මේ පරතරය  ඉහළට යන්න ඉඩ දුන්නොත්  ඒක පිළිඳව සැලකිලි මත් වෙන්න ඔනැයි කියලා මම විස්වාස කරන්නේ, සමහරු අරාබි වසන්තය ළඟ එනවැයි කියනවා. මං දන්නෑ මොන වසන්තයද කියලා.අරාබි වසන්තය පාරට බහින්න. දැන් සමහරු කැදවනවා. මම ඉතින් පාරේ බැහැලා ඉදලා ආපු මිනිහනේ මෙතෙන්ට  ඒක නිසා එක එතරම් මට දැනෙන්නේ නැහැ කොහොම වුනත් ආණ්ඩු පෙරලන්න ඕනේ තමයි එයා හොද නැත්නම් ජනතාව එකට ඉඩ දෙනවා. එහෙත් බලහත්කාරයෙන් ආණ්ඩුවක් පෙරලන්න එකට ඉඩ දෙන්න බැහැ. හැබැයි ඉතින් ආණ්ඩු පෙරලන්න ගිහින් ඉගෙන ගෙන එන්න ඕනේ නැහැ හාවඩ් වලින් අරහෙන්‍ මෙහෙන්  අර මැදමුලනට ආවනම් මං ආණ්ඩු‍ පෙරලන විදිහ කියලා දෙනවා.

සංවර්ධනයේ ප්‍රතිඵල මේවන විටත් අපට දැක ගැනීමට හැකි බවත් අප සිතිය යුත්තේ 2020 ගැන නොව 2030, 2050 තරම් තවත් ඉදිරියට බවද ජනාධිපතිවරයා එහිදී පැවසුවේය.

මේ වන විට සංචාරක වීසා වලින් පැමිණ දස දහසකට අධික පිරිසක් මෙරට රැකියා කරන බවද පැවසූ ජනාධිපතිවරයා පිටරටවල ආයෝජනය කළ ව්‍යාපාරිකයින් පවා රට තුළ සිටින බවද කියා සිටියේය.

තම රජයේ දේශපාලන ප්‍රතිපත්ති වල රහස් නැති බවත් ඕනෑම නිලධාරියෙකුට නිදහසේ සිය රාජකාරී කරගෙන යාමට නිදහස ලබාදී ඇති බවත් හෙතෙම එහිදී වැඩිදුරටත් පැවසීය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive