ඊයේ දිනයේ බුදු රුව සහිත පච්චයක් අතෙහි පච්චයක් කොටා සිටීම හේතුවෙන් ලංකාවෙන් පිටත්කොට යැවූ තිස් හත් හැවිරිදි නයෝමි කෝල්මන් තමා මීගමුව බන්ධනාගාරය තුල රඳවා සිටි කාලය තුල එහි සිටි ආරක්ෂක නිලධාරී වරයෙකු විසින් ඇයට ලිංගික ඇසුරකට ඉඟි කල බවත් ඒ හේතුවෙන් රාත්‍රිය පුරා තමා දූෂණය වීමට ඉඩ ඇතැයි බියෙන් පසුවූ බවත් මාධ්‍යය වෙත පවසා තිබේ.
මිරිහාන විශේෂ රැදවුම් මැදිරියට ඇය රැගෙන යාමට ප්‍රථම මීගමුව
බන්ධනාගාරයේ රදවා සිටි බවත් එහිදී තමන් පරීක්ෂා කිරීමට පැමිණි කාන්තා නිලධාරීන් තමාගෙන් මුදල් ඉල්ලා සිටි බවත් ඇය මෙහිදී හෙළිකොට තිබේ.
ඇයට පිටත්ව යෑමට ගුවන් ටිකට් පතක් සහ ලංකාවේ නිවාඩුවක් ගත කිරීම සඳහා වියදම් දැරීමට සංචාරක ප්‍රවර්ධන අමාත්‍යංශය විසින් පොරොන්දු වී තිබේ. ඇයට නැවත ලංකාවට පැමිණීමට අවසර ඇති හෙයින් හා සිදුවූ අපහසුතාවය හේතුවෙන් මෙසේ නොමිලේ ලංකාවේ සංචාරයක් පිරිනමා ඇත.
නමුත් මාධ්‍යය හමුවේ අදහස් කල නයෝමි කොල්මන් පවසා ඇත්තේ නැවතත් කිසිදු දිනෙක ලංකාව වෙත නොපැමිණෙන බවයි. මේ අතර මෙම සිදුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන බ්‍රිතාන්‍ය ජාතිකයන් බොද්ධාගමට පිළිබඳව වැරදි චිත්‍රයක් මැවෙන අයුරින් කටයුතු නොකරන ලෙස බ්‍රිතාන්‍ය රජය විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන එරට සංචාරකයන්ට පවසා තිබේ.
ඔවුන්ගේ නවතම සංචාරක උපදෙස් මාලාවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන එරට සංචාරකයන් බුදු පිළිම ඉදිරියේ ඡායාරූප ගැනීමෙන් වළකින ලෙසත්, එසේම බුදුරුව සහිත පච්චා ඇගේ ඇඳ ගැනීමෙන් වළකින ලෙසත්, දන්වා තිබේ.

මිගමුව බන්ධනාගාරය තුල සිදු වෙන්න ගියා යයි කියන සිදුවීම නම් පිළිගත නොහැක.....මෙය නම් අතිශයෝක්තියක් විය හැකි බව වගකීමෙන් කියමි.....
ReplyDelete