අනුර පලිහවඩන කියන්නේ ජප්සිස් නායක සුනිල් පෙරේරා ගේ හැඩරුවට සමානකම් තියන ඒ විදිහට සිංදු කියන්න නටන්න පුළුවන් දක්ෂ කලාකරුවෙක්. අනුර පලිහවඩන ඔරිජිනල් සුනිල් ගෙ ඩුප්ලිකෙට් එක කියලයි කවුරුත් කියන්නෙ. අනුන්ගේ සිංදු තමන්ගේ වගේ කියලා ලෙඩ දාගන්න මේ කාලේ ඔරිජිනල් සුනිල් ඩුප්ලිකෙට් සුනිල්ට මාර උදවුවක් කරලා. මේ මාර උදව්ව මොකක්ද කියලා දැනගන්න නෙත් එෆ් එම් එකන් අනුරට කථා කරලා
" මම ප්‍රසංගවල සිංදු කියන්න ගියාම සමහරක් බෑන්ඩ් වල කට්ටිය පොඩි පොඩි ලෙඩ දැම්මා. ජිප්සිස්ලාගේ සිංදු අවසරයක් නැතුව කියනවනේ එකද
මේකද කියලා නොයකුත් කතන්දර කියන්න පටන්ගත්තා. මම සුනිල් අය්යට කතා කරලා කිවුවා මට සිංදු ටිකක් ඕනේ කියලා. ගන්න පුළුවන් එන්න කියලා සුනිල් අයියා කිව්වා. මම සුනිල් අයියා මුණ ගැහිලා මේ ගැන කතා කළා. සුනිල් අයියා කිව්වා මම ඔයාට පොඩි සපෝට් එකක් විදිහට සිංදු ටිකක් දෙන්නම් කියලා. එහෙම කියපු සුනිල් අය්ය මට සිංදු 12ක්ම දුන්නා. මේ දවස්වල ඒ සිංදු ටිකේ වැඩ කරගෙන යනවා. අවුරුද්දෙන් පස්සේ CD එක එළියට දානවා. "
ජිප්සීස් නායක සුනිල් අනුර පලිහවඩනට ඒ කියන්නේ ඩුප්ලිකෙට් සුනිල්ට සිංදු විතරක් නෙමේයි තවත් වටිනා තොප්පි වගයක් දිලා තියනවා.
" මට කාලෙක ඉඳලම මට තව ප්‍රශ්නයක් ආවා. ඒ තමයි තොප්පි ප්‍රශ්නය. සුනිල් අයියා දාන කැප් ලංකාවෙ හැමතැනම මම හෙව්වා. මට හම්බ වුනේ නෑ .මම සුනිල් අයියාට කිවුවා ඔයා දාන තොප්පි ලංකාවේ නැ. පුලුවන්ද තොප්පියක් දෙන්න කියලා. සුනිල් අයියා ආ එන්ඩ මල්ලි එන්ඩ කියල මට තොප්පි හතරක්ම දුන්නා."
අනුර පලිහවඩන කියන විදිහට මේ තොප්පියක් රු 18000ක් 20000ක් විතර වෙනවලු.
සාලින්ද පෙරේරා

0 comments:
Post a Comment