හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ සියලුම චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බවට එම අපරාධයන් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින කොළඹ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු සියලුම විත්තිකරුවෝ ඊයේ (1 වැනිදා) කොළඹ අලුත්කඩේ මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න ලියනගේ මහතා හමුවේ ප්‍රකාශ කළහ.
ඔවුන් එසේ ප්‍රකාශ කළේ දීර්ඝ කාලයක් තිස්‌සේ මෙම මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ
පැවැති ලඝූ නොවන සාක්‍ෂි විභාගය අවසානයේ විත්තිකරුවන්ට චෝදනා කියා දීමෙන් පසුව තමන් චෝදනාවන්ට වරදකරුවන්ද, නිවැරදිකරුවන්ද යන්න අධිකරණය කළ විමසුමට පිළිතුරු දෙමිනි.
ඒ අවස්‌ථාවේ චූදිතයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තම සේවාදායක විත්තිකරුවන්ට නිදහසට කරුණු කීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය වුවහොත් එම ප්‍රකාශ මහාධිකරණය හමුවේ ලබාදෙන බව අධිකරණයට දන්වා සිටියහ.
මේ අනුව නඩුවට අදාළව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනවාද නැද්ද යන්න ගැන තීරණය මැයි මස 2 වැනි දින ප්‍රකාශයට පත්කරන බව විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
ඉකුත් පළාත් පාලන මැතිවරණය පැවැති 2011 ඔක්‌තෝබර් 8 දින කොළොන්නාව, අංගොඩ, ගොතටුව, සේදවත්ත යන ප්‍රදේශ ඇතුළත නීති විරෝධී ජන රාශිගතව සාපරාධී බලහත්කාරකම් සිදුකිරීම, පුද්ගලයන්ට තුවාල සිදුකිරීම භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, දමිත දර්ශන ජයතිලක, මොහොමඩ් අස්‌මි, මනිමෙල් කුමාරස්‌වාමි යන පුද්ගලයන් වෙඩි තබා ඝාතනය කිරීම, රාඡ්පුරගේ ගාමිණී යන අයට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා 10 ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.
නඩුව මෙදින (01 වැනිදා) කැඳවූ අවස්‌ථාවේ 10 වැනි සැකකාර ප්‍රියන්ත ජනක බණ්‌ඩාර ගලබොඩ යන සැකකරු හැර දැනට ඇප කොන්දේසි යටතේ මුදාහැර සිටින සෙසු සැකකරුවන් 12 දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ.
එම සැකකරුවන් වන්නේ අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, චමින්ද රවි ජයනාත්, ලංකා රසාංජන විඡේසූරිය, මාලක සමීර, විදානගමගේ අමිල සරත් බණ්‌ඩාර, සුරංග ප්‍රේමලාල්, සමන් කුමාර අබේවික්‍රම, ප්‍රියන්ත ජනක, බණ්‌ඩාර ගලබොඩ, ආර්. දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ හා නාගොඩ ආරච්චිගේ චමින්ද යන පිරිසයි.
මෙහිදී අධිකරණයේ භාෂණ පරිවර්තක මාලක පරිහක්‌කාර මහතා විත්තිකරුවන්ට එරෙහි චෝදනා කියවා දෙන ලදි. දණ්‌ඩ නීති සංග්‍රහයේ 143-147 හා 296 වගන්ති යටතේ මෙම චෝදනා ගොනුකර ඇතැයිද වැඩිදුරටත් දන්වා සිටියේය.
මේ අවස්‌ථාවේ තමන් චෝදනාවන්ට වැරදිකරුවන්ද නිවැරදිකරුවන්ද යන්න විනිසුරුවරයා ඔවුන්ගෙන් විමසා සිටි අතර 11 වැනි විත්තිකාර දුමින්ද සිල්වා ඇතුළු සියලුම චූදිතයින් කියා සිටියේ තමන් නිවැරදිකරුවන් බවයි.
චූදිතයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය අමතමින් සිය සේවාදායක විත්තිකරුවන්ට යම් ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය වන්නේ නම් එම ප්‍රකාශයත් මහාධිකරණය හමුවේ ලබාදෙන බව අධිකරණයට දන්වා සිටියේය.
මෙම නඩුව මහාධිකරණය හමුවට යොමු කරනවාද නැද්ද යන්න ගැන තීරණය ලබන මැයි මස 2 දින ප්‍රකාශයට පත්කරන බව දන්වා සිටි විනිසුරුවරයා වැඩිදුර විභාගය එදිනට කල් තබන ලදි.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥවරුන් වන තුෂිත් මුදලිගේ, ධම්මික අතුකෝරාල යන මහත්වරු සමග අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මෙරිල් රංජන් ලමාහේවා, සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර යන මහත්වරු පෙනී සිටියහ.
මියගිය භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ අසිත විපුල නායක මහතා පෙනී සිටියේය.
විත්ති පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන හේමන්ත වර්ණකුලසූරිය, අනිල් සිල්වා, නීතිඥවරුන් වන අනුර රණසිංහ, විපුල සේනානායක, සංජය ගමගේ, රසික සමරවික්‍රම හංසදේව අමරසේකර හා දන්ත නිරංජන් යන මහත්වරු අධිකරණය හමුවේ කරුණු දැක්‌වූහ.

0 comments:
Post a Comment